මහ ගෙදර
❝අනේ සාරංග අපි ගොඩ දවසකින් මහ ගෙදර ගියේ නෑනේ.......ඒ හින්දා ටික දවසක් නතර වෙලා ඉන්නත් එක්ක ඒ පැත්තේ ගිහින් එමුද.........❓❞ ❝හ්ම්ම් ඒක නම්.ඇත්ත තමා ....මට මේ කෝස් එකක් තිබුනනේ......ඒකනේ යන්න බැරිවුනේ...... ❝දැන් කොහොමද උපුල් ගේ අලුත් කඩේ හදලා ඉවරද අනේ සාරදා එහෙම ඇහුවේ මස්සිනා ගොඩ කාලෙකින් කෝල්.එකක්වත් දීපු නැති නිසා...... ❝හ්ම්ම් ...දවසක් කතා කරද්දි නම්.කිව්වා වහලෙ ගහන්න විතරයි තියෙන්නෙ කියලා........ගිහිල්ලම.බලමු තත්ත්වේ....... සාරදාගේ ළමයි දැන් ටිකක් ලොකුයි දෙන්නම යන්නෙ නගරේ ඉස්කෝලෙකට.....ඒ හින්දා සාරදාට ටිකක් කාලය තියෙනවා එයාලා එනකම්....සාරදා දැන් පාපිසි මහන එක නතර කරලා .....අලුත් වැඩකට අත ගහලා....ඇදුම් මහන්න පටන් අරන්.එ අතරින් වැඩ්පුරම සාරි ජැකට් වලට තමා ඉල්ලුම තියෙන්නේ....ළමයි දෙන්නා ඉස්කෝලේ ගියාට පස්සේ සාරදා ගොඩක් දුරට කරන්නේ මහන එක......මේ නිසා මෙයාලට අමතර ආදායම මාර්ගයක් තියෙනවා ....පා පිසි වලට වඩා හොද ආදායමක් ගන්න පුලුවන් ..........ඒ අතරේ හවසට ළමයි සමග එකතු වී එළවලු වගාව ගැනත් හොයලා බලනවා.....දැන් ළමයි දෙන්නා ලොකු නිසා කරදර අඩුයි.... ❝අපි එහෙනම් මහ ගෙවල් පැත්තේ ගිහින් එමුද.....ඉස්කෝලේ නිවාඩු තියෙන එකේ......❞ ❝ඔව් යමු එහෙනම් ......මේ අපි එළවලු ටිකක් වැඩිපුර අරගෙන යමු නේද....අපිත් ටික දවසක් ඉන්නවනේ.... ❝ඔව් අපේ වත්තෙන්ම කඩාගන්න පුලුවන් නේ.....සාරදා...... ❝මේ සාරංග දැන් අම්මයි...තාත්තායි කන්නේ කොහොමද ❓❞ ❝එතන තමයි වැඩේ තියෙන්නෙ....❞
❝ඒ කිවුවෙ ... සාරංග ❝ඒ දෙන්නාට ලෙඩ තියෙන නිසා අනං මනං කෑම කන්නෙ නෑ.....ඉතින් ඒ නිසා ඔය මොනවා හරි දෙයක් උයාගෙන කනවා..... පව් අනේ......❞ ❝ඒකනේ නයනත් රෑ වෙනකම්.කඩෙ වැඩනෙ....අනික මතිෂ කන්න කැමති කෑම තමා එයාලා හදන්නෙ...... ❝අනේ මන්දා අපි හෙට ගිහින්ම බලමු මොකද තත්වේ කියලා......❞ ❝කෝ අපේ ළමයි දෙන්නා......❓❞ ❝පන්ති ගිහින් ..... දැන් එයි......❞.ඒ කියනවාත් සමගම ළමයි දෙන්නා පන්ති ගිහින් ආවා..... දුරදීම සාරංගව දැකපු ළමයින්ට ❝ඉහේ මලක් පිපුණා වගේ ❞ දැනුනා.... ❝තාත්තා ඇව්ල්ලා.......❞ළමයි සාරංගව බදා ගත්තේ හරිම සතුටින් ....... ❝තාත්තා අපි අත්තම්මලාගෙ ගෙදර යං....අම්මට කිව්වාට එක්කරගෙන යන්නෙ නෑ......අනේ තාත්තා දැන් ඉස්කෝලේ නිවාඩුනේ..... ❝හරි.....හරි.....යමුකෝ හෙට.....❞ ❝හුරේ අපි හෙට අත්තම්මලාගේ ගෙදර යනවෝ......යේ......යේ.......සාරංගගේ පුතා සෙනුල්‍ය කෑ ගසන්නට විය.... ❝ඔව්.....මෙයාට මතීෂත් එක්ක නටන්න පුලුවන්නෙ ඒකනේ මේ කෑ ගහන්නේ....❞ ❝අම්මා ඉතින් අපිව එක්කරගෙන යන්නෙ නෑනේ ඒකනේ ❞ ❝මම වැඩනේ දරුවෝ......අනික ඔයාලට ඉස්කෝලේනේ...... ❝අම්මගෙ වැඩේ මහන එකමයි තාත්තා ...සෙනුල්‍ය කියාගෙන ගියා......
.❝දැක්කද කොල්ලගේ කට....❞ ❝ඔයා වගේ නේද සාරදා.....❞. ❝ඇයි ඒවට විතරද මගෙ වගෙ කට තියෙන්නේ.....ආ......❞ ❝කොල්ලාට විබාගේ ලකුණු වැඩි වුනොත් නම් තාත්තා වගේ......කියනවා.....කොල්ලා වැරැද්දක් කෙරුවොත් අම්මා වගේ කියනවා......ඇත්තමයි සාරංග ඔයත් ඔයාගේ අම්මා වගේමයි ❞කියා සාරදා හිනා වුනා....... ❝පෙනේද ......සාරදා ඔයාගේ කටම තමා පුතාටත් එහෙන්ම පිහිටලා තියෙන්නෙ....❞ ❝සාරදා හැමදාම බත් කාලා එපාවෙලා....අද අපි වෙනසකටත් එක්ක ඉදිආප්ප හදමුද......මාත් උදව් කරන්නම්.......❞ ❝ම්ම්ම්ම්ම්ම් ...හැබැයි ඔන්න ඉදිආප්ප ටික ඔයා මිරිකන්න ඕන හාද.....❞ ❝හපොයි....මට මිරිකන එක තමා එපාම වෙන්නෙ..... ❝ඒ වුනාට ඔයාට වෙන ඒවා නම් මිරිකන්න පුලුවන් ❞කියා හිනාවුනා.... ❝ඔයත් නේද වාසනා ඉදලා ඉදලා කියන කතා.... ෂික් ලැජ්ජාවේ බෑ.... ❞... ❝අම්මෝ ලැජ්ජා තියෙන එක්කෙනා❞ කියා සාරංගගෙ පස්ස පැත්ත මිරුකුවා..... ❝ඌයි බං .....ඒක නම් රිදුනා.....❞ ❝ඇයි මොකෝ ......උඩ පනින්නේ ආ❞ ❝හිටහං මම අද ඇරියසුත් එක්ක අල්ලගන්නම්කෝ......කියා සාරංග සාරදාව වඩාගත්තා...❞...හපොයි දෙයියනේ ඔයා බර වැඩිවෙලානේ කියා වාවගන්න බැරුව දෙන්නම ලග තිබුන පුටුවට තපස් ගාලා ඇද වැටුනා..... ..... ❝අයියෝ සාරංග මොකක්ද කෙරුවෙ....මම සීට්ටු දාලා ගෙනාව අලුත් ම ප්ලාස්ටික් පුටු සෙට් එකෙන් එකක් ඉවරනේ ඉතින් ....ෂික්....අනේ.....❞
.❝ඔයා මේ පුටුවක් ගැන කියවනවා තව පොඩ්ඩෙන් දෙන්නම බිමට ඇදගෙන වැටෙනවා....අනූනවයෙන් මේ පුටුවවත් තිබුන නිසා බේරුනේ.... නැත්නම් දෙන්නටම අද නතර වෙන්න වෙන්නෙ වෙද ගෙදර තමා ඉතින් .ඔයා බර වැඩිවෙලානේ මං හිතුවේ පුලුං කෑල්ලක් වගේ කියලා....බලාගෙන ගියාම මොන පුලුන්ද....... 😀😀😀😀😀😀 ❝ඔයාට නම්.හරි හිනා නේද සාරදා.....මට තවම මහන්සියි❞ කියා සාරංග අසල තිබූ පුටුවක් ඇද වාඩිවුනා..... ❝මොකද මහත්තයා හති අරින්නේ....❓මහන්සිද ආ...❞.සාරදාට හිනාවත් එක්කම පුංචි තරහකුත් ආවා පුටුව කැඩුන එකට......මට දුක අලුත් ම පුටුව කැඩුන එකට ෂික් අප්පා දුකෙ බෑ..... ❝දැන් ඉතින් මේ කැඩිච්ච් පුටුව දීලා ප්ලාස්ටික් බේසමක් ගන්න සාරදා හූල්ලන්නෙ නැතුව .....ඔය ඕන තරම් ලොරි කාරයෝ එන්නෙ ... ❞ ❝ම්ම්ම්ම් දැන් ඉතින් එහෙමවත් කියන්නකො එහෙනම් .....❞ ❝හ්ම්ම් දැන් යමු දෙන්නම උයන්න එහෙනම් ❞ ❝හාකො.....හාකෝ එහෙනම් යමුකෝ කියා දෙන්නම.වෙච්ච් දේට හිනාවෙවි කිචන් එක පැත්තට ගියා..... ඉතින් සාරංග ගොඩක් දවසකින් නිවාඩු ආව නිසා ගෙදර සරුවට කෑම වේලක් හදන්න සාරදා අමතක කලේ නෑ..... ඒ නිසාම ඇය .........සාරංග ආස නිසා .ඉදිආප්ප හදන්නට විය.......එ අතර සාරංග චිකන් කරියක් සාදා පරිප්පු හොදි හැදුවා....... ❝සාරංග ඔයා ඉව්වාම කන්න පුලුවන් .....මමම උයපුවාම කන්න බෑ අනේ......❞ ❝එහෙනම්.වෙනසක්ද දන්නෑ ..❞..කියා සිනාසුනා..... ❝ඔය කිවුවෙ කතාවක් .....එහෙම මුකුත් වෙනසක් නෙවෙයි අනේ......හැමදාම ඉතින් මමනේ උයන්නේ.....එහෙම වුනහම මට රස දැනෙන්නෙ නෑ......❞ ❝හ්ම්ම් ......ඒක ත් එහෙම ද......❓❞
❝ඔව් අනේ.❞....... ❝මේ ගොඩ කාලෙකින් මෙහෙම .......ඔයා නැතුව කිසි දෙයක් හදන්න හිතෙන්නෙ නෑ මට.....ඔයා ඉන්නවා නම් ගෙදර පිරිලා වගේ අනේ.......❞ ❝එහෙම තමා ඉතින් මම ජොබ් එක කරන්නත් ඕනනේ...... සාරදා ඉදි ආප්ප මිරිකන විට සාරංග හිමීට ගිහින් කිති කැව්වා....... ආහ්....එපා අනේ මට හරියට කිති..... ❝අයියො සාරංග එපා අනෙ......බලන්න ඉදිආප්පෙට වෙච්චි දේ.....ඒක රුවිතෙට මිරිකුනානේ❞ කියා ඉදිආප්ප මිශ්‍රණයෙන් ටිකක් අරන් සාරංගගේ මූනේ ඇතුල්ලුවා.
අනෙ සාරදා මොකක්ද ඒ කෙරුවේ කියා අසා ඔහුද ඒ දේම කලා...... ❝ඇත්තමයි ගොඩ කාලෙකින් මෙහෙම ටිකක් විනෝද වුනේ ❞කියා දෙන්නම.මූණ පිහ දා ගත්තේ හිනාවෙවි සාරංග ඔයා ගෙදර ඉන්නවානම් ඉතින් හරි ෂෝක් අනේ.....පාලු නෑ.... ❝මට ඉතින් හැමදාම ඉන්න බෑනේ සාරදා...ඔයා ඒක දන්නවනේ....❞ ❝ඒක නම්.ඉතින් ඇත්ත තමා......❞ කතාවෙන් කතාවෙන් සාරදා ඉදිආප්ප ටික මිරිකලා ඉවර කල අතර ඉදිආප්ප පාර්සල් දෙකක් එතුවා......කාලේ ගියා දැනුනෙවත් නෑ දෙන්නටම....... ❝කාටද සාරදා ඔය.....❓ ❝එකක් අපේ අම්මලාගේ ගෙදර ට.....අනික අල්ලපු ගෙදර ඉන්න නංගි pregnant එයාට .....❞ ❝ඒවා හොද වැඩ......මට දුක මගේ දෙමාපියන් දෙන්නා ගැන......❞ ❝ඒ මොකෝ අනේ එකපාරටම එහෙම හිතුනේ......❓❞ ❝මේකයි..........දැන් නයනත් රෑ වෙනකම් කඩේ වැඩනේ.....ඔය මොකක් හරි රෑට හදලා ගන්නවා ඇති....ඉතින් අර දෙන්නා ට ලෙඩනේ......ආස කෑමක්වත් හදලා දෙන්න කෙනෙක් නෑනේ......❞ ❝ඔන්න පටන් ගත්තා ඉතින් හූල්ලන්න.....ඒකට මට කරන්න දෙයක් නෑ....කවුද වැඩ වරද්ද ගත්තේ ආ....මට නිදහසේ ඉන්න දුන්නෙම.නෑ..මම එහෙන් යනකම් කොච්චර දේවල් කිව්වද...මට තාම මතකයි වෙච්චි හැමදේම ......අවසානෙට බිත්තර ගෙඩිය පවා හැංගුවා.....අද කවුද විදවන්නේ එයාලමයි.....මහ ගෙවල් වල යන අයට මේවා හොද පාඩම්.....හැමදේම තේරෙනකොට ඉතින් පරක්කු වැඩියි..... සාරදා නොනවත්වාම අතීතයේ සිදු ඌ දේවල් කියාගෙන කියාගෙන යන දිහා සාරංග බලාගෙන හිටියේ පුදුම වෙලා..... ❝ඒ කියන්නේ සාරදාගේ හිතේ තවම ඒ දේවල් තියෙනවා .❞.....සාරංගට හිතුනා..... ඉතින් එදා රෑ හැමෝම එකතු වී ඉදිආප්ප වල රස බලා නිදන්නට වූහ.....පොඩි උන් දෙන්නා නම් හිටියේ හරිම ආසාවෙන් මොකද හෙට උදේ අත්තම්මාගේ ගෙදර යන නිසා.......
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐පහු වෙනිදා ❝අනේ පුතේ මේ බෑග් ටික වීල් එකට දාන්න පැටියෝ...❞...සාරදා තම පුතා ඇමතීය....... ❝තනියම නම්.බෑ අම්මා .....නංඟිටත් එන්න කියන්න.....❞ ❝අම්මො.මෙයාලගෙන් වැඩක් ගන්න තියෙන අමාරුව..කෝ අයින් වෙන්න මමම කරගන්නම්❞.කියා සාරදා පැවසුවා..... ❝ඉන්න ඉන්න සාරදා මම දාන්නම්❞ කියා සාරංගද එයට හවුල් විය. ❝ආයි මොනවද ඉතින් දාන්න තියෙන්නෙ කියා සාරංග වුමසූ විට..... සෙනුල්‍ය දුව ගොස් එයාගේ පොඩි බයිසිකලය අරගෙන ආවා වීල් එකට දාන්න හිතාගෙන ......එය දුටු සාරදාට කේන්ති ගියා...... ❝අයියො.පුතේ ඕක පටවගෙන යන්න බෑ මේකේ.....අනික.ඕක එහේ අරගෙන ගියාම ඔයා මතීෂ එක්ක රණ්ඩු වෙයි බයිසිකලේට ....එ නිසා මගේ හොද පුතා වගේ ඕක තියලා යන්න හාද.... කොල්ලා ඒකට එච්චර කැමති බවක් නම් පෙන්නුවෙ නෑ.....එයා බැලුවේ කොහොම හරි බයිසිකලය අරගෙන යන්න..... ඇරත් මේ බඩු ගොඩක් පටවගෙන කොහොමද ඕකත් අරගෙන යන්නේ.....අනික අත්තම්මා අපිට මොනවා දෙයිද දන්නෑනේ අරගෙන එන්න කියා සාරංගගෙ මූණ දිහා බැලීය.... ❝අම්මො සාරදා ඔයත් නේද කොහෙන් හරි ගන්නමයි බලාගෙන ඉන්නේ ආ.....❞ ❝නැතුව නැතුව ......නිකං දෙනවනම් ඉතින් ආයේ වෙන මොනවද.....මේ මම.එහේ හිටවපු පොල් ගස් වල ගෙඩි එහෙම හැදිලා ඇති නේද දැන්......එහෙම වුනොත් කඩාගෙන එන්න ඕන.....මෙහේ ඒවගෙ තාම නෑනේ...... ❝හපොයි සාරදා ඕවා කඩන්න ගිහින් ආයි අඩව්වක් අල්ලන්නද හදන්නේ ආ....❞ ❝ඔයා දැකලා නෑ තාම මම අල්ලන අඩව්......😀😀😀😀😀 ඇරත් ඒවා මමනේ හිටෙව්වෙ......අපි නැති නිසා දැන් එයාලානෙ ඒවා බුක්ති විදින්නේ.....අනික මම.හැමදාම කඩන්න යන්නෙ නෑනේ......ඉදලා ඉදලා යන දවසෙ ටිකක් කඩාගෙන ආවාම මොකද වෙන්නෙ.....නැත්නම් එයාලම ඒවා කාලා දායි......හදපු මට නෑ....ඒවා කොහෙද මාත් එක්ක......අනික අපි දැන් ඒවා හොයලා බලන්න එපැයි..... ❝මේ.....මේ.....ඔයාගෙ හිතේ තාම තරහ නිමිලා නෑ නේද සාරදා.... ❝පිස්සු ද අනේ ඒවා එහෙම ලේසියෙන් නිවෙන ඒවා නෙවෙයි .....ඇරත් මහ ගෙදර යනවා කියන්නේ මගෙ අතීතයම එලියට එනවා කියන එක....මොකද මම මාර කට්ටක් කාගෙන එතන හිටියේ ....ඔයාට නම්.මොකද ඉතින් ...... ❝ඇති.....ඇති..... දැන් යමු...... ඒ අනුව සාරංග ගත් අලුත්ම ත්‍රී විල් එකේ හැමෝම මහ ගෙදර ගියා........
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻කොස් ගෙඩිය වැටෙන සද්දෙට හැමෝම හැරිලා බැලුවා..... ❝බල බල ඉන්නනෙපා.....කොස් කන අය විතරක් එන්න.....සාරදා හැමෝටම.ඇහෙන්න එහෙම කිව්වා ...... ❝අනේ නංගි......කොහැල්ලා ගෑවෙනවා.....මදුලු ටිකක් මටත් ගලවලා දෙනවද.....❓ඒ ලතා අක්කා....... ❝අනේ සාරදා අක්කා මට කඩෙ වැඩනෙ ඒ....නයනා .....❞ ❝දැක්කද දුව මම කිවුවෙ ......හැමෝම සුද්ද කරන්න කම්මැලියි....සුද්ද කරලා දුන්නොත් නම් ඔක්කොම කැමති වෙයි❞ ❝ඒක නම් .ඇත්තමයි තාත්තා පෙනේද එක එක්කෙනා මග අරින හැටි....❞ඔක්කොම සුදියට ඉන්න නම් කැමතියි.... ඒ අතර සාරංගගේ අක්කා ඇතුළු අය ආවා...... ❝ආ......ලොකු මල්ලි ඇවිත්......❞ ❝ආ......අක්කා කොහොමද ❓❞
❝ඉන්නවා මල්ලි......මෙයාලා අලුත් ත්‍රීවිල් එකකුත් අරන්.....දැන් වාසියි වගේ නේද.....ආ....❞ ❝වාසනාව උදා වුනේ මහ ගෙදරින් ගියාට පස්සේ...❞ කියලා සාරදාට කියන්න හිතුනත් වචන ටික පිටතට දැම්මෙ නෑ.....ප්‍රස්නයක් එයි කියල.... දිමුතු අයියා හිනාවෙවි එනකොටම සාරදාට බකස් ගාලා හිනා ගියා....... ❝මොකෝ හිනා වෙන්නේ.......මං දැකපු පාර....ආ.....❓❞ ❝අනේ එහෙම නෙවෙයි ......ඔයා දකිනකොට මට පාටියක් දාන්නමයි හිතෙන්නේ.....❞ ❝ඒක මරු අදහස......❞ ❝දැන් උපුල් ගේ කඩේ විවෘත කරන දවසෙ පාටියක් දාමු......❞ ❝හ්ම්ම් ඔව්.....ඔව්......එහෙම හොදයි.....❞හැබැයි ඔන්න දත් නම් වට්ටගන්න බෑ හාද....අපිට ඕවා හොය හොය ඉන්න වෙලාවක් නෑ මස්සිනා සාරදා එහෙම කියනකොට හැමෝටම හිනා ගියා...... ❝දැන්.මේ කොස් කඩලා මොකද .....❞❓ ❝ම්ම්ම්ම්ම්......කොස් වලින් කොච්චර කෑම ජාති හදන්න පුලුවන් ද.... ❓සාරදා එහෙම කිව්වේ කොස් සුද්ද කරන්න කම්මැලි අය දිහා බලාගෙන .......
❝තාත්තා කොහොමද කන්න ආස....❓❞සාරදා එහෙම ඇහුවේ තම මාමණ්ඩිය දෙස බලාගෙන ......ගෙදර එදා වාගේම අදටත් නිහඩම.පුද්ගලයා.....හැමෝටම.එක වාගේ සලකන....එ වගේම හැමෝගේම ආදරය දිනාගෙන ඉන්න.... ❝දුවේ අපි කොස් තම්බලා.....මාලු හොද්දක් හදමු......❞තාත්තා එහෙම කියනකොට සාරදාගේ කටටත් කෙළ ගිලුනා........ ❝ම්ම්ම්ම්......නියමයි තාත්තා ....❞.දිමුතු අයියත් ඒක අනුමත කළා....... මේ ඊට කලින් බලන්න දිමුතු අයියගේ දත තියෙනවා ද කියලා.....නැත්නම් කොස් එක්ක ගිලෙයි.....සාරදා එහෙම කියාගෙන කොස් ගෙඩිය කපන්න පිහියක් ගේන්න ගියා..... හැමෝම කොස් ගෙඩිය සුද්ද කරන්න වටේට වාඩිවුනා...... ❝ඔන්න මම කපලා දෙන්නම් ඔයාලා සුද්ද කරන්න ...........❞ඒ අක්කා...... ❝මේ රට මැඩම් එන්න කොස් සුද්ද කරන්න.....❞ ..දිමුතු අයියා නෝන්ඩියට කියපු පාර ලතා අක්කා හිමින් හිමින් කොස් ගෙඩිය ලගට ආවා...... මෙයාලට රට ගිහින් හොඳට වැඩ කරන්න පුලුවන් මෙහේ ආවාම තමා සුද්දෝ වගේ ඉන්න බලන්නේ.....දිමුතු එහෙම කිව්වාම ලතාගේ මූණ කොරහ වගේ වුනා.......
❝ඔන්න එක කිව්ව පාර මූණ බෙරි වුනා...❞ ලතා දැන් ලැජ්ජාවෙන් මූණ බිමට හරවගෙන ඉන්නවා.....ඇත්තමයි අපි රට ගිහින් සැප විදින්නෙ නෑනේ......ඊට වැඩිය හොදයි ලංකාවේ මොකක් හරි ජොබ් එකක් කරගෙන ළමයි එක්ක සතුටින් ඉන්නවා.....ලතාට එහෙම හිතුනා......... ❝මේ වගේ කෑම ලොවෙත් නෑ ලතා අක්කේ ආ.....මේ කෑල්ල සුද්ද කරන්න.... සාරංග එහෙම කිවුවෙ ලතා අක්කා කොස් සුද්ද කරන්න අකැමැති බව දැනගෙන........ නෑ....නෑ.....මගේ අකමැත්තක් නෑ........අපි රට ගිහින් කරපු වැඩ වල හැටියට ඕවත් වැඩද අපිට.......ලතා අක්කා එහෙම කියාගෙන මෙ සංගමයට එකතු වුනා....
ඉතින් මෙහෙම වටවෙලා කොස් සුද්ද කරන අතරතුරදී හැමෝම එක එක ඕපාදූප කතා කරමින් විහිලු තහලු කරන්නට වුනා.......ඇත්තමයි මෙහෙම දවස් එන්නේ කලාතුරකින් හැමෝටම එහෙම හිතෙන්නනැති..... කොහොම හරි ඔක්කොම එකතු වී කතා කරමින් කොස් සුද්ද කරන්න වුනා..... කෙනෙක් කොස් කෑලි වලට කපා දෙනවා.....තව කෙනෙක් මදුලු ගලවනවා......අයෙක් කොස් ඇට තලනවා......තව කොටසක් කපනවා...... මේ ක්‍රියාවලිය නම් නියමයි......පැය බාගෙන් වැඩෙ ඉවරයි......තාත්තා එහෙම කිවුවෙ හරිම සතුටින් ....... ❝අද නම්.කනවා කෑමක් ලොවෙත් නැති වෙන්න....❞.උපුල් එහෙම කියාගෙන කඩේ ඉදන් එලියට ආවා....... ❝මේ......මේ උපුල් මල්ලි.....කොස් කන්න පුලුවන් වෙන්නෙ කොස් ශ්‍රමදානයට සම්බන්ධ වුණු අයට විතරයි❞ ඈ.......සාරදා එහෙම කිවුවෙ හිනාවෙවි.......
❝හරි.....හරි......දැන් ඔය කොස් කන්නෙ කොහොමද ඔයාලා.....❞ ❝ම්ම්ම්ම්ම් අන්න ඒකට නම් ඔයාට සම්බන්ධ වෙන්න පුලුවන් .....එ ලතා අක්කා.... ❝ඒ කොහොමද ❓❞ ❝කොස් තම්බනවා......ඒකට හරියන්න මාලු ඔයා ගානේ....❞එකගද කියන්න ❝ම්ම්ම්ම්.....මාවම කන්න බලාගෙන ඉන්නෙ......නේද....❓ ❝එහෙම නෙවෙයි ඉතින් .......
❝හරි.....හරි......මම අරන් දෙන්නම්කෝ.... ❝මේ උපුල් මල්ලි දැන් අලුත් කඩේ වැඩ ඉවරයි වගේ නේද.....❓ ❝ම්ම්ම්ම් ඔව්......නැකතක් බලන්න ඕන...❞ කතාවෙන් කතාවෙන් කොස් ගෙඩියෙ සුද්ද කරලා ඉවර වුනා....... මේ අතර උපුල් ගානේ මාලුත් ගෙනත් දුන්නා.....
ඒ අනුව සාරදා විසින් කොස් තම්බා මාලු හොද්දක්.හදා තිබුනා .....දවල් කෑම වේල සදහා....... ❝සාරදා නංගි......ඔයා කොස් එකට පොලුත් දැම්මාද......❞ ඒ.....අක්කා ❝හ්ම්ම් ඔව්.....කොස් තැම්බුනාට පස්සේ පොල් දාලා කූරු ගෑවා.....කොස් ඇට ටික කලින් ලිපේ තිබ්බා.......ඒක තැම්බීගෙන එනකොට කපපු කොස් ටික දැම්මා.....අවසානයේ පොල් ටික දාලා.කූරු ගෑවා.. ❝ෂා වස විෂැ නැති මරු කෑම...❞..තාත්තා හරිම ආසාවෙන් එහෙම කිව්වා.....සාරදා හැමෝටම උණු උණු කොස් සමග මාලු හොදි බෙදා දුන්නා.....එදා දවල්ට හැමෝම ඒ ආහාර වේලේ රස බැලුවේ හරිම සතුටින් .
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාරදා නැන්දම්මා සමග කතාවට වැටුනා.....කාලෙකින් කතා කරන්නත් බැරි වුන නිසා.... ❝ඉතින් අම්මේ කොහොමද දැන් මේ ගෙදර අලුත් තොරතුරු .....❓❞ නයනා ඉතින් පුලුවන් ව්දිහට අපිට බලනවා.....මොකද එයාට දැන් වැඩ වැඩියි.....උපුල් නිතරම නෑනේ....බඩු ගේන්න එහෙට මෙහෙට යනවනේ....
උදෙට නම් කඩේට හදන කඩයප්පමක් කාලා තේ ටිකක් බොනවා.......දවල්ට ඉතින් මම හීන්සැරේ උයනවා....... රෑට ඉතින් ඔය මොකක් හරි එක එළවළුවක් හදලා ගන්නවා.... ❝ම්ම්ම්ම්ම්.......එහෙම ද.....දැන් නයනලා අලුත් කඩේට ගියහම ....මොකද කරන්නේ ......එයාලා වෙනම උයාගෙන කයි නේද ......❓ ❝හ්ම්ම් ...සමහර විට එහෙම වෙයි....එතකොට මායි.....තාත්තායි විතරනේ......අවසානයේ ඉතින් මහ ගෙදර ඉතිරි වෙන්නෙ අම්මයි...තාත්තායි තමා......නැන්දම්මා ඈත බලාගෙන එහෙම කිව්වේ ඇස් අග්ගිස්සෙන් වැටුණු කදුලු බිංදුවක් පිස දමමින්......... ඇත්තටම දැන් නයනට වැඩ කරගන්න වෙලාව මදි......පාන්දර නැගිටලා....කඩයප්පම් හදලා කඩේ වැඩ කරනකොට ගෙදර වැඩ ටික කරගන්න වෙලාව මදි........
❝ඉතින් අම්මේ.....අක්කා එහෙම කොහොමද ......❓❞ ❝එයාලටත් ඉතින් ප්‍රස්න තමා.....ගන්න පඩිය මදි ජීවත් වෙන්න......ඔය මල්ලිගෙ කඩේ ළග බඩ ඉරිඟු විකුණනවා..... කඩේටත් මොන මොනවා හරි හදලා දානවා.....ඔහොම තමා ඉතින් ජීව්තේ හැටි...... අම්මගේ කතාව අවසානයේ සාරදාට හිතුනේ....ඇත්තමයි සල්ලි කොච්චර තිබ්බත් මදි ජීවත් වෙන්න කියායි.....ලැබෙන.පඩියෙන් ළමයින් ගේ වැඩ කරලා ගෙදර වියදම.පිරිමැහෙනකොට ඉතින් පඩිය ඉවර වෙලා දන්නෙම.නැතුව .... ❝ආ......නැන්දම්මායි......ලේලියි බර කතාවක ❞වගේ සාරංගයි....උපුල් මල්ලියි එහෙම කියාගෙන ගෙට ගොඩ වුනා...... ❝ම්ම්ම්ම්ම්.....ඔව්....ඔව්......කාලෙකින් හිතේ හැටියට කතා කරන්න බැරි වුනානේ......ඒ හින්දා ටිකක් කතා කර කර හිටියා......❞ ❝අපි ගියා මල්ලිගේ කඩේ විවෘතයට නැකතක් බලන්න....❞.... ❝හ්ම්ම් ......දැන් කවද්ද නැකත තියෙන්නේ..❓❞..අම්මා අසාවෙන් එහෙම ඇහුවා....ඇත්තමයි දරුවන්ගේ දියුණුව දකින්න දෙමාපියන් කොච්චර නම් ආසයිද......
❝අනිද්දා තියෙන්නේ.........❞උපුල් ආඩම්බරයෙන් එහෙම කිව්වා ....... ❝අයියේ.මම ඉඩමේ ඔප්පුව තියලා බැංකු ලෝන් එකක් ගත්තා.....නැත්නම් සල්ලි.මදි......මම හිතාගෙන ඉන්නේ සිල්ලර බඩු කඩයක් දාන්න......මොකද මේ.පැත්තට ලොකු කඩයක් නෑ.....ඔක්කොම බඩු ගන්න යන්නෙ ටවුන් එකට....ඇරත් ඔක්කොම එක තැනකින් ගන්න තියෙනකොට හැමෝම කැමතියිනේ......❞
❝ඒක නම්.ඇත්තමයි මල්ලි......කොහොම හරි ටික ටික දියුණු වෙන්න බලන්න.....ඔයාට පුලුවන් ඔයා අපි හිතුවටත් වඩා උත්සාහවන්තයි..... සාරංග එහෙම කියනකොට උපුල් ගේ දෑසට කදුලක් එක් වුනා... ❝ඇත්තමයි අයියා එ දවස් වල අපේ මහ ගෙදර තිබුන ප්‍රස්න .....මතක් වෙනකොටත් ලැජ්ජා හිතෙනවා......අපි කොච්චර නම් රණ්ඩු වුනාද....❓❞උපුල් අතීතය සිහිපත් කළා.......
❝හ්ම්ම් එහෙනම් මස්සිනා ට ඒ කාලේ මතකයි නේද....❞..සාරදාත් ඒ කතාවට එකතු වුනා..... හරි එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා උපුල් ගේ කඩේ අවට සුද්ද පවිත්‍ර කරලා උදව්ව්ක් දෙමු.....සාරංග කිව්වා ............ හරි හරි එහෙම කරමු....අපේ පවුලේ අය එකතු වුනාම හොඳටම ඇති.......ඒ අම්මා...... දැන් නම්.හැමෝම සතුටින් තාත්තා ට හිතුනා...... ඔක්කොම එකතු වෙලා උපුල් ගේ අලුත් කඩේ පැත්තට යන හැටි දෙමාපියන් දෙදෙනා බලාගෙන හිටියේ හරිම සතුටින් ........
සාරංග ගේ ගාවට ගිහින් හෝන් එකක් ගැහුවා ......අම්මයි තාත්තායි දෙන්නා එළියට ආවා.....දෙන්නා දැන් ටිකක් වයසට ගිහින් .......නයනා කඩේ ඇතුලේ ඉදන්ම බලාගෙන ආවේ කවුද කියලා හොයාගන්න බැරුව...... ආ.....පුතාලානෙ....මේ.....ඔයාලා කවද්ද එන්නෙ කියලා මග බලාගෙන හිටියේ තාත්තා සතුට වාවගන්න බැරුව උත්තර දුන්නා......
.
❝ඇයි තාත්තා මම කිවුවෙ මට කෝස් එකක් තියෙනවා කියලා.......❞ ❝අම්මා නම්.එහෙම කතාවක් කිව්වා ඒත් වැඩි ගානක් ගියේ නෑ........මේ ත්‍රී විල්.එක කාගෙද.....පුතා.....❓❞ ❝ආ.........ඒක මගේ තාත්තා .... .... මුදල් හදිස්සියක් කියලා මගේ යාලුවෙක් මට මේක වික්කා ....මාසෙන් මාසෙට වාරිකෙ දාන්න ඕන.......අලුත් එකක්...... ❝ඒකනේ මම මෙ බැලුවේ ..... ❝ඔව් තාත්තා මේ ළගදි ගත්තෙ...
❝හොදා.....හොදා......ටික ටික දියුණු වෙන්න ඕන .....ළමයි දියුණු වෙනකොට ඉතින් අපිට තමා සතුට.....තාත්තා කිවුවෙ හරිම සතුටින් හිනාවෙවි.....ඒ සතුට ඇස්වලිනු එළියටම පැනලා කියලා තාත්තා ගේ මූණ දිහා බලපු සාරංගට හිතුනා. ඒ අතර සාරදා ගෙනාපු බඩුත් රැගෙන ගෙට ගියා....... මම ඒත් බැලුවා තාත්තා කතා කරන්නේ කාත් එක්කද කියලා.......මෙ පුතාලනේ...කියා අම්මත් ත්‍රී විල් එක ළගට ආවා.......... ❝මේ හාමිනෙ මේ ත්‍රී විල් එක අපේ පුතාගෙලු......පංකාදු පහයි නේද...❓ ❝අනේ වාසනාවන්....ළමයි දියුණු වෙනවා කියන්නේ ඉතින් කොච්චර දෙයක් ද.....❓ අම්මයි...තාත්තායි ත්‍රී විල් එක ගැන කියවනවා සතුට වැඩි කමට...... නයනත් කඩේ ඉදන් බෙල්ල දික් කර කර බලනවා.එළියට එන්න විදියක් නෑ....කඩේ කට්ටිය ටිකක් ඉන්න නිසා......ඒ අතර උපුල් තම පුතා මොන්ටිසෝරි ඇරිලා එක්කරගෙන ආවා....
.
කොල්ලත් ත්‍රීවිල් එක වටේ දුවනවා..ආසාවට......ඒ අතර නයනා කඩේ ඉදන්.එළියට ආවා.......
.
❝අයියලාට දැන් සරුයි වගේ.....අලුත් වාහන අරගෙන පේන්නැද්ද ......අක්කා එහෙම මහත් වෙලා ඉන්නෙ.....❞ ❝අනේ නයනා නංගි වීල් එක ගෙවන්න ගත්තේ......❞
.
❝කොහොම හරි ඉතින් දැන් ගමන් බිමන් යන්න වාහනයක් තියෙනවා නෙ... ❝ඒක නම්.ඉතින් ඇත්ත.....නැත්නම් අපි ඔක්කෝටම බයික්කේ යන්න අමාරුයි අනේ....❞ උපුල් ගෙ පුතා මතීෂ සෙනුල්‍යත් එක්ක බර කතාවකට වැටිලා..... ❝අම්මා මේ මතීෂ මල්ලි මොනාද කියනවා මට තේරෙන්නෙ නෑ.... ❝මොකක්ද පුතේ කියන්නේ......ලොකු අම්මේ මෙයා දන්නෙ නෑ....මෙයා දන්නෙ නෑ...... ❝මොකක්ද පුතේ දන්නෙ නැත්තේ....සාරදා මතීෂ කියන්නේ මොකක් ගැනද කියා ඕනකමින් ඇසුවා.... ❝වස්තුව නේම්......❓ ❝මොකක්.....ඒ මොකක්ද පුතේ....❓ ❝හූ...හූ....ඔයා දන්නෙත් නෑ....හූ...හු.... ❝මට තේරුනෙ නෑනෙ පුතේ...... ❝මේකයි ලොකු අම්මේ මම ප්‍රස්න යක් අහනවා....ඔයා එකට උත්තර දෙන්න .. ❝හා කියන්නකො බලන්න....❞ කොල්ලා ආයෙත් ❝වස්තුව නේම්❞ කියා සාරදාගෙන් ඇසීය.... ❝දැන් කවුද ඕක ඇහුවේ.❓❞ ❝අපේ ටීච....❞
එතකොට ඔයාලා උත්තර දුන්නෙ කොහොමද කියන්නකෝ......සාරදාටත් ඕනේ කොල්ලා කියන්නේ මොකක්ද කියලා දැනගන්නයි... ❝මයි නේම් මතීෂ......❞ එතකොට තමයි මෙච්චර වෙලා කොල්ලා අහලා තියෙන්නෙ මොකක්ද කියලා තේරුනෙ ..... මොකක් ගැනද කොල්ලා අහලා තියෙන්නේ....තාත්තා ත් කුතුහලයෙන් ඇසීය........ සාරදාට කියාගන්න බෑ හිනා යනවා....
😀😀😀
ඕං ඉතින් මෙයා තනියම හිනා වෙනවා අපිටත් ඉතින් හිනා වෙන්න කියන්නකෝ අගේ නොකර.......... ❝වට් යුවර් නේම්....ඒකට තමයි මෙයා කියන්නේ වස්තුව නේම් කියලා.....එක ඇසුනු හැමෝම හිනාවුනා....දැන් තමයි තේරුනේ කතාව මොකක්ද කියලා..... දුවම ආපු නිසා හොදයි....අපිට නම් ඔය අසංබ්‍රංස තේරෙන්නෙ නෑ.......සාරංගගේ මව හිනාවෙවි කීවා. ඒක නෙව් අම්මේ.පොඩි අය ගැන නිතරම.අවදානෙන් ඉන්න ඕන.....ගොඩක් වෙලාවට එයාලා කියන්නේ ඇත්ත..... ඒක නම්.එහෙම තමා ඉතින් නැන්දම්මාත් ඒ දේම.අනුමත කලා.... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ ආං....ආං....රට නැන්දා එනවා..... මෂිත අත දික් කරගෙන එහෙම කිව්ව නිසා හැමෝම ඒ දෙස බැලුවා . ❝ අනේ ඒ කවුද.....අම්මා....ඇත්තමයි අදුරගන්න බෑ.....කවුද අනෙ මෙ හැඩ වෙලා කොටට කොටේ ඇදගෙන එන්නේ....සාරදාත් ඕනකමින් ඒ දෙස බැලුවා......
ආහ්......එ එන්නෙ ලතා අක්කා..........පේන්නැද්ද එයාගේ හැඩ .....නයනා කට ඇද කර කර කිව්වා ❝අප්පටසිරි ලතා අක්කා රට ඉදන් කවද්ද ආවෙ.......❓.රට ගියා කියලා ආරංචියක් නම් ආවා........ දැන් සතියක් විතර නංගි ඇවිල්ලා......ඔයාලා දැන්ද ආවේ......❓ ❝හ්ම්ම් .....දැන් ටිකක් වෙලා අක්කා......❞ ❝ මේ අවුරුදු දෙකට ගොඩක් දේවල් වෙනස් වෙලා......හැමෝම.ටික ටික දියුණු වෙලා...... හ්ම්ම් ....ඒක නම්.ඇත්තමයි නංගි...... හැමෝම.කතා කර කර ඉන්න අතරතුර නයනා කඩේ තිබුන වඩේ වගයක් .....තේත් එක්ක අරගෙන ආවා..... ඇත්තමයි නංගි මේ වඩේ හරිම රසයි කියා සාරදා වඩේ කන ගමන් කිව්වා ..... නයනගේ අත් ගුනේ තමයි ඉතින් ......කියා සාරංග කිවුවෙ හිනාවෙවි.....❝.අපේ මල්ලිගෙ වාසනව අනෙ මේ වගෙ ස්ත්‍රි රත්නයක් ලබන්න....❞ අනේද කියන්නෙ අයියා.....මගෙ මිනිහා මැරුණට පස්සෙ මට අලුත් ජීවිතයක් ලැබුනේ එයා හින්දා.....නයනා ඇස් වල සතුටු කදුලු පුරෝගෙන කිව්වා.
එ අතර සාරදා වත්ත දෙසත් ඕනකමින් බැලුවා........ පොල් ගස් වල ගෙඩ් හැදිලා......වාසනාට හරිම සතුටුයි .......මිට අවුරුදු ගානකට උඩදි තමා හදපු ගස් කොලං වල අද ගෙඩි හැදී ඇති.ආකාරය ....හරිම ලස්සනයි..... ❝මොනාද වාසනා ගස් වටෙ ඇවිද ඇවිද බලන්නේ ආ.....සාරංග එහෙම කියාගෙන සාරදා ලගට ආවා..... නෑ....සාරංග අපි ඉස්සර හදපු ගස්වල දැන් ගෙඩි හැදිලා......බලන්නකෝ ලස්සන ...... ❝හ්ම්ම් ඒක නම් ඇත්තමයි .....මේ දැක්කද පොල් ගස් ටික.....❞.සාරංග එහෙම කිවුවෙ පොල්ගෙඩි පෙන්වමින්..... මේ .....ඔයා පොහොර උරයක් අරගෙන ආවා නේද.....සාරදා❓....සාරංග හිනාවෙවි එහෙම කිව්වා ..... ❝ඒ මොකටද පොහොර උරයක් ආ....ගෝනී රේස්වත් පනින්නද ආ.....සාරදා හිනාවෙමින් ඇහුවා..... ❝නෑ.....ඉතින් ඔයාගේ පොල්ගස් වල ගෙඩි කඩාගෙන යන්නනෙ අනේ.....❞ ❝අනේ.....ඒකට ඔය පොහොර උරයක්ම ඕන නෑ...ඔයත් නේද මාව බයිට් එකටම ගන්න හදන්නේ.....මේ ඔයාගේ රාජදානිය නිසාද මහත්තයා ආ.....කියා ඇසුවා....මේ රාජදානිය ඔයාගෙ වුනාට ගස් කොළං මගෙ හාද.....හිතුනොත් ඔක්කොම ටික බුරුතු පිටින්ම කඩාගෙන යනවා ඕන කෙංගෙඩියක් වෙන්න කියලා.....
❝ම්ම්ම්ම්ම්.....කට කිව්වට බුරුතු පිටින් කඩයි තමා ඔයා...... ඇයි බෑ කියලා හිතුවද ආ..... My car...My pattrol....ඔයාට තේරුනාද ආ... ඕක ඉතින් සිංහලෙන්ම කිව්වා නම් ඉවරයිනෙ සාරදා.......... ආං......තාත්තා ත් මේ පැත්තට එනවා.... මේ අතර තාත්තා ඔවුන් ඉන්න තැනට ආවා......
දුව දැක්කද ඔයා හිටවපු පොල්ගස් වල දන් ගෙඩි හැදිලා......
❝ඒකනේ තාත්තා අපිත් මේ ඒ ගැන තමයි කතා කර කර හිටියේ ..... ❝දුවේ .....ඔන්න මේ පාර කොස් ගහෙ මුල ඉදලම ගෙඩි....❞ ❝හ්ම්ම්.....තාත්තා ට කොස් කන්න ආස හිතිලා වගේ.....සාරංග කිව්වා ...... ❝ආස වුනත් කොයි ඉතින් කන්න.... ❝ඇයි තාත්තා එහෙම කියන්නේ .....❓මෙච්චර කොස් ගොඩක් තියාගෙන ..... ❝ඒත් ඉතින් සුද්ද කරන්න කෙනෙක් නෑනේ......කොහැල්ල ගෑවෙන නිසා කවුරුත් වැඩිය කැමති නෑ.....ඇරත් හැමෝම දැන් බිස්නස් වැඩනේ..... ආ.......එහෙම ද......හරි අපි අද කොස් ගෙඩියක් සුද්ද කරමුකෝ...... සාරදා එහෙම කියද්දි තාත්තා ට පුදුම සතුටක් දැනුනේ..... එහෙනම් අද අපිට හිතේ හැටියට කොස් කන්න.පුලුවන් ..... හරි.....හරි.....තාත්තා කැමති ව්දිහට මම හදලා දෙන්නම්........ එහෙම කියනකොට තාත්තා ලොකු කොස් ගෙඩියක්ම කැඩුවා........ අප්පා මේ කොස් ගෙඩියේ ලොකු.......ගමටම කන්න පුලුවන් සාරදා කොස් ගෙඩිය දිහා බලාගෙන කිව්වා ........... පේනවනෙ අපේ වතු වල හැදෙන ඒවා..සාරංග හරිම ආඩම්බර විදිහට එහෙම කිව්වා ... හ්ම්ම් පේනවා.....පේනවා.....ඒත් මට හිතාගන්න බැරි.....වත්ත ද.....මේක හිටවපු එක්කෙනාගෙ අත් ගුනේද කියලා........... හී......හී......හී......හී..... නෑ....නෑ......ඒ දෙකම නෙවෙයි ඕක සාත්තු කරපු එක්කෙනාගෙ අත් ගුනෙ මෙතෙක් නිහඩව සිටි තාත්තා එහෙම කිව්වාම දෙන්නටම ලැජ්ජා හිතුනා..... ඒ කියන්නේ මේක සාත්තු කරලා තියෙන්නෙ තාත්තා ....... දෙන්නටම එහෙම හිතුනා..... 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
දැන් ඉතින් උපුල් ගේ කඩේ අවට හැමෝම එකතු වෙලා සුද්ද කරනවා.... අවට පරිසරය නැවුම් පෙනුමකින් යුක්ත විය...කාලයක් තිස්සේ වල් වැදී තිබූ මහ ගෙදර ඉඩමෙන් කොටසක් හැමෝගෙම කැමැත්ත ඇතිව උපුල් ට හිමි විය.....අද ඔහු එහි ස්තීර ගොඩන්ගිල්ලක් සාදා දියුණුවේ මාවතට පිවිසෙමින් සිටී.... ආ.....උපුල් මල්ලි.....කඩේ හදලා ඉවරයි වගේ.....හොදා....හොදා....ඇතැමුන් එසෙ පවසන්නේ මූනිච්චාවට මෙනි..... .කොහොමද ඉස්සර හිටියෙ......දැන් බලන්නකෝ වෙනස.........එයා කොහොම හරි ගේම ගැහුවා..... ඔව්.....ඔව්......උගේ ගෑ/ණි ත් ඒ වගේ...... ඒක ඇත්ත.....හෙන උත්සහවන්ත එ/කි/ය/ක්...
ඒක නම් ඇත්තමයි ......... ඒක.නෙවෙයි දැන් උපුල්ලත් වෙනම හිටියාම අර මහ දෙන්නට සලකන්නේ කවුද ❓ ඔන්න ඔතන තමා ප්‍රස්න ....... මේ වගේ කතා තැන් තැන් කියවෙනවා.........මිනිස්සුන්ට ඕනේ කාගේ හරි කුණු ගොඩක් අවුස්සන්න..... කොහොම හරි මෙයාලා කතා කර කර කඩේ අවට සුද්ද කරන්න වුනා......ඒ අතර නයනා වඩේ සමග තේ අරගෙන ආවා..... ❝මේ අපේ ගෙදර ත් මේ වගෙ ශ්‍රමදානයක් දැම්මොත් ඉතින් එනවද ඔයාලා......❓සාරදා නිකමට මෙන් ඇහුවා....... ❝ඔව් .... ඔව්......අපිටත් ඉතින් හොඳට කන්න බොන්න දෙනවනම් එනවා❞....දිමුතු සාරදාට උත්තරක් දුන්නා....... ❝හ්ම්ම් ..... ...එක අතකට ශ්‍රමදානයට එන්න කියලා කන්න බොන්න දෙන සල්ලි අපරාදෙ.....ඊට වැඩිය හොදයි කුළියට එක්කෙනෙක් ගත්තා නම් සාරදා හිනාවෙවි කිව්වා ......
❝හ්ම්ම් ....දැක්කද සාරදා නංගී ගේ තියෙන ලෝබකම......❞ ❝මේකනෙ ඔයාලට ඉතින් කන්න විතරක් දීලා මදිනේ අයියේ......බොන්න දෙන්නත් එපැයි........ඒ අස්සේ දත වැටුනොත් එහෙම ඒකටත් මට ගෙවන්න වෙයි..❞......සාරදා එහෙම කියනකොට ඔක්කෝටම හිනා ගියා.... ❝ඔයාට තාම ඒ සීන් එක මතකයි නේද නගා..... ❝එච්චර රසවත් සිදුවීමක් කොහොමද අමතක කරන්නේ ❞
😀😀😀😀
ඒක මතක් වෙනකොටත් හිනා යනවා...... ❝නයනගෙ වඩෙ නම් හරි රසයි අප්පා...කොහොම හදනවද මන්දා.....කියා දිමුතු අයියා වඩේ කෑල්ලක් හපන ගමන් කිව්වා ......❞. මේ දිමුතු අයියෙ .....වඩේ රස කර කර කෑවට නම් කමක්.නෑ.........ඔන්න දත නම් වට්ටගන්න එපා හාද........
.
මේ ඔයාලට කියන්න...ආයෙත් එහෙම දෙයක් වුනානෙ..... ❝අනේ ඇත්තමටමද අයියේ.......නිකමටවත් ආරංචියක් ආවේ නෑනෙ.....ආ....❞ නංගී ..... ඒ කතාව අරකට වඩා වෙනස්.... ඒ කිවුවෙ අක්කෙ....❓.. මෙයා අපිව දාලා ගමේ කොල්ලො සෙට් එකත් එක්ක ❝හොල්මන් මන්දිරය ❞ බලන්න ගිහින් ....... ඒ කවද්ද......මේ ළගදිද......සාරදාටත් ඉතින් ඒ සීන් එක දැනගන්නක්.ඉවසිල්ලක් නෑ...... දිමුතු ඒ කතාව රස කර කර කියන්නට සූදානම් විය....කියාගන්න බෑ...හිනා යනවා.... ඉතින් කියන්නකො අනේ අපිටත් ඒ සීන් එක ...සාරදා වැඩෙත් නවත්වා අසල තිබූ ගලක් උඩ වාඩි වූවේ කතාව දැනගැනීමෙ නොඉවසිලිමත් බව නිසාමයි...
❝ඇසළ එකට අනේ.......... මම අම්මා බලලා එනකොට පාරේ රෑ වෙලා පාන් දන්සලක් තිබුනා ...අනේ ඉතින් එතන ගමේ කොල්ලො සෙට් එක ඉදලා....❝යමන් දිමුතුවෝ හොල්මන් මන්දිරය ❞ බලන්න කිව්වා .....ඉතින් මමත් පාන් දන්සලත් වැදගෙනම ගියා..... ❝ගියා තමයි....ඒකෙ හිටපු එවුන් දැකලා මම පුල් හොල්මන් වුනා.....බයවෙලා දුවපු පාර මම වලකටත් වැටුණා නංගි........ඒකෙනුත් නැගිටලා දුවලා ගිහින් නතර වුනේ.එළියේ.......වෙච්චි දෙ ගැන එලියේ හිටපු උන් එක්ක කියනකොටම එකෙක් මූණට ටෝච් එක ගැහුවා.....මට වෙච්චි දේ කියන්න බෑ හිනා යනවා...එහෙම හිනා වෙනකොට එරන්ද මල්ලි දැකලා මගේ කටේ දතක් නෑ කියලා.......එයා මගෙන් ඇහුවා ❝අයියා ඔයා ඇතුළට යනකොට තිබුන දත එළියට ආවට පස්සේ නෑනේ කියලා.....❞ ඇත්තමයි ඒ කතාව ඇහුණ පාර මම හිමීට දත තියෙනවා ද කියලා අතගාලා බැලුවා..... නංගී ට.කියන්න....❝ පුල් හොල්මන් වෙලා හිටිය මං හැල හොල්මන් උනා❞
නංගි.......
❝හුටා.....ඒ කියන්නේ දුවපු දිවිල්ලට දත නෑ.....සාරදා හිනාව බොහොම අමාරුවෙන් පාලනය කරගෙන ඇහුවා...... දුවපු දිවිල්ලටද....වලෙ වැටිච්ච එකටද මන්දා......කටේ පාන් කෑල්ලකුත් ඒ වෙලාවෙ තිබුනා ....... ඒක ඇහුණ පාර සාරදා බඩ අල්ලන් හිනා වෙනවා......කතා කරගන්න බෑ..... ❝සරදා නංගි.....අපේ දිමුතුට වෙන්නෙ ඔහොම දේවල්මයි......මහ මුස්පේන්තු දතක් ඕක.....දාන දාන දත වැටෙනවා.....❞ ❝ඒකට කරන්න තියෙන හොදම දේ දත නොදාම ඉන්න එක......❞ ❝හපොයි නගා...ඒක කැතයිනේ හිනාවෙනකොට..... ඒකට හිනා නොවී ඉන්නවා......
දත නැතුව හිටියාම නංගි...❝අලි පැඩ්ඩා වගෙනෙ❞ ❝මොකක්.......ඔයා අලි පඩිනවා දැකලා තියෙනවා ද අයියා..❞....සාරදා හිනාව තද කරගෙන ඇහුවා....... ඔය කතාවට කියන්නේ පොඩි අයගේ ඉස්සරහ දත වැටුනාම අලි පැඩලා වගේ කියල.... අනේ දිමුතු ඔයත් දැන් පොඩ් ළමයෙක් වෙන්න යනවද.....ආ ❝හැටත් පැනලා ....හොටත් බිම ඇනිලා ඉන්නෙ දැන්....❞ අක්කා කිව්වේ නොරිස්සුම් හඩිනි....... ❝හ්ම්ම් ...මොකක්ද අනෙ ඔය අලි පැඩපු කතාව ආ........මෙයාලගෙ කටෙ සද්දෙ ඇහෙනවා මෙහාට...❞.කියාගෙන ලතා අක්කාත් ඒ පැත්තට ආවා......
❝අනේ මේ අපෙ දිමුතු අයියගේ කටට අලියෙක්.පැඩලනේ.......ගදක් එනවා දනෙන්නැද්ද....ආ......සාරදා හිනා වෙමින් කිව්වා ....... අලි පඩ ගද නම් මට දැනිලා නෑ......ඒත් මට පේන්නේ මෙතැන කව්රුහරි නැට්ටක් උස්සලා වගේ......ඒ ගද නම් වෙනම හොයතෑකී...... සාරදාට නම් මේ කතා වලට හිනා නොවී ඉන්න බැරිවුනා....... ❝කවුද නැන්දෙ නැට්ට උස්සලා තියෙන්නේ.......❞ මතීෂ ඇහුවේ මේ කියන්නේ මොකක්ද කියලා දන්නෙ නැති කමට..... දු/ව/පි/ය යන්න හැමදේම හොයනවා මෙතන ඕන්නැති කෙංගෙඩියක් නෑ...මූට නම්....කියා ලතා අක්කා මතීෂට සැර විය.... ❝ඉතින් ලතා අක්කේ ඒ පොඩි එකා දන්නැති නිසානේ ඇහුවේ.... ❞ ❝ඒ වුනාට මූ පැහිලා වැඩියි.....❞ ❝කට....කට....නයනට ඇහුනොත් ඉවරයි.... ❞ සාරදා එහෙම කිව්ව පාර ලතා අක්කා වටපිට බැලීය....... හැමෝම වටවෙලා විහිලු තහලු කරමින් අලුත් කඩේ අවට පිරිසිදු කළා........
ඇත්තමයි හැමෝම මෙහෙම එකට එකතු වෙලා ඉන්නකොට හරිම සතුටුයි හැමෝටම එහෙම හිතෙන්න ඇති...
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
උදේ....9.00 ට යෙදුණු සුබ මොහොතින් කඩේ විවෘත කෙරුනේ උපුල්ගේ ආදරණීය අම්මා අතින් හා තාත්තා අතින්. ඇත්තමයි දරුවෝ දිනෙන් දිනම දියුණු වෙනකොට දෙමාපියන්ට කොච්චර නම් සතුටුයි ද......අද ඒ ආශිර්වාද සතුට ආදරණිය දෙමාපියන් දෙදෙනාගේ ඇස් දෙක දැක්කාම.දකින්න පුලුවන් ......ඒ දැස් වල සතුටු කදුලු පිරිලා....... ඉස්කෝලේ ගිහින් කට්ටි පැන පැන හිටපු උපුල් අද ඉන්න තත්ත්වය දැකලා හැමෝම සතුටු වෙනවා වගේම.පුදුම වෙනවා........ අම්මා.......පොල්තෙල් පහන දල්වන්න......තාත්තා ත් එන්න .....උපුල් කතා කලා......උපුල් පිළිබඳ සිතිවිලි අතර අතරමංව සිටි අම්මාගේ දෑස් වලින් සතුට වැඩි කමට උණු කදුලු කඩා හැලුනා........ ❝අත්තම්මා අඩනවා......උපුල්ගේ පුතා මතීෂ හයියෙන් කියන්නට විය.... ඒයි කෑගහන්න එපා....නයනා කියන්නට විය.....
ඉතින් අම්මෙ එයා අඩනවනේ........ නෑ පුතේ.....ඔයාගෙ තාත්තා අලුතින් කඩයක් දැම්මනේ...ඉතින් ඒකට අත්තම්මා සතුට වඩි කමට අඩනවා..... ආ.....මාරයිනේ.......ඒකටත් අඩනවනෙ......මතීෂට ඉතින් මේක හරිම.ප්‍රහේලිකාවක්.........හැමෝම හිනාවෙන මොහොතේ අත්තම්මා විතරක් අඩන එකට..... කඩේ ව්වෘත කරන එකත් හරි.....නෑදෑයන් හා උපුල්ගේ යාලුවො කීප දෙනෙක් මේ සදහා සහබාගී.. වුනා.
.
සාරදා හා අක්කා එකතුව ලහි ලහියේ තේ මේසය ලෑස්ති කලා......
.
කිරිබත්,කැවුම්.දොදොල්,අලුවා,කොකිස්,කෙසෙල්......ආදී රස කැවිලි වලින කෑම මේසය අලංකාර වී තිබුනා..... හැමෝම තේ මේසයේ රස බැලුවේ හරිම සතුටින් .......ස්තීර ගොඩනැගිල්ලක තමන්ගේම කඩයක් සාදා එහි වෙළදාම් කටයුතු කර ගැනීමට උපුල්ගේ සිතේ ලොකු සිහිනයක් තිබුනා......ඉතින් පොඩියට පටන ගත්ත තේ කඩෙ සාර්ථක කරගෙන දියුණු වෙන්න ඔහුට හැකියාව ලබුනා....එයට නයනාගෙන් ලැබුණු දායකත්වය අතිමහත්......කඩයප්පම් සාදා තමාගේම ව්‍යාපාරයක් කරගෙන ආ...උපුල් අද තම ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන සිටි.... උපුල් තේ කෝප්පය අතැතිව පැමිණියේ පරණ තේ කඩය දෙසට......තමන්ට දියුණු වෙන්න වාසනාවේ දොරටු විවර කරදුන් තේ කඩය දෙස ඔහු බලාගෙන හිටියේ සිනාමුසු මුහුනින් යුතුවයි....... ❝මං බැලුවා ඔයා කොහෙද කියලා.....❞ නයනා උපුල් වෙත පැමිනියේ කේක් කෑල්ලක්,අතැතිව .......ඈ ඒ කේක් කෑල්ලෙන් කොටසක් උපුල්ගේ කටට ලං කලා විතරයි.......❝අනෙ නයනො...කවුරුත් දකී බං..... ❝අනේ මේ උපුල්......අපේ ජීවිත වල මේ වගේ දේවල් තියෙන්නත් ඕන .....මේ වගේ සතුටු වෙලාවක ඔයාට කේක් කෑල්ලක් නොකවා මම වෙනකාට කවන්නද ආ ...... නයනගේ එ ආදරණිය කතාවට ඔහු හිස වැනීය.....පසුව ඔහු පරණ තේ කඩය ඇතුළට ගියේ.....එහි තිබූ පොල් අතු වල සිසිල විදීමටයි....... ඒ අතර නයනගේ රාගී ඇස් ඔහු දෙස බළා සිටියේ ආදරනිය විදිහට ....... මොකො ඔහොම බලන්නේ ආ.......
ආදරේටනේ......අනේ....... වටපිට බැලු ඔහු හිමින් සැරේ ඇගේ හංස යුවල මිරිකුවේය....... ඔයත් නේද උපුල් ......කියා ඈ කෝල විදිහට උපුල් දෙස බැලීය...... මේ ටිකේම කඩේ වැඩත් එක්ක ගැහුනා.....ඔයා ගැන බලන්න බැරිවුනා..... හ්ම්ම් ...ඒකට කමක් නෑ.....හෙට ඉදන් බලන්නකො ඉතින් ...... අම්මෝ නයනා ඔයා ඔය ඉගි කරන්නේ මොනාටද ආ......
ඒක නොතේරෙන්න ඔයා බබෙක් නෙවෙයිනේ උපුලෝ කියා උපුල් ගේ පස්ස මිරිකුවා...... අනෙ.....මේ....... ❝නයනො.....ඇත්තමයි මෙතැන තමයි අපේ වාසනාවේ තැන.......❞ ඒක නම්.ඇත්තමයි .......මේ දැන් මේ තේ කඩේ කරනවාද....දිගටම මොකද කියන්නේ ......නයනා එසේ ඇසුවේ තම ස්වාමියාගෙන් පිළිතුරක් අපේක්ෂාවෙනි..... හ්ම්ම් .......කොහොමද දෙකක් කරන්නෙ.......මමත් බඩු ගේන්න අහට මෙහෙට යනවනෙ.........එතකොට ඔයා කොහොමද මේ දෙකම කරන්නේ .......❓ ඒක නම් ඇත්තමයි .......දැන් උදේට මිනිස්සු තේ බොන්න එන්නෙ අපේ කඩේට ....... ඒක නම් හැබෑව.......අපි මෙහෙම කරමු.....තාත්තා නිකං ඉන්න එකේ තාත්තා ව මේ කඩේ තියමු...... ම්ම්ම්ම්ම්ම්......ඒකත් නරකම නෑ....... අපි අහලා බලමු......තාත්තාත් සමහරවිට කැමති වෙයි......මම උදේම නැගිටලා කඩයප්පම් ටික හදන්නම්...... ම්ම්ම්ම්ම්......එහෙම හොදා..... ආ......මේ කුරුලු ජෝඩුව මෙතන්ට වෙලා මොකද කරන්නේ ......ආ......මුං දෙන්නගේ love එක.......කියාගෙන සාරදා හා සාරංගත් පැමිණි යා...... අපි ඉතින් ආවා අපිට නැගිට්න්න උදව් කරපු තැනට....... හ්ම්ම් ......ඒක හොදා මුල අමතක කරන්න හොද නෑ......සාරංග කීවෙ පරණ තේ කඩය දෙස දෑස් දල්වමින්...... . හ්ම්ම්ම්ම්......අපි ගිහින් කඩේ බඩු ටික අහුරමු.......හෙට ඉදන් ඉතින් අලුත් කඩේ වැඩ තියෙයි........ ඔව් යමු ඒ පැත්තට ......රෑ වෙන්න කලින් අහුරලා අස්කරන්න..... ඒ අනුව සැවොම එකතුව උපුල්ගේ අලුත් කඩේ බඩු බාහිරාදිය පිළිවෙලට අහුරන්නට විය...... මේ මේ වැඩ කරනවට උපුල් මල්ලි අපිට මොනවද දෙන්නේ ආ...... රෑට මං ගානේ පාටියක් දෙනවා...... ඇත්තටම......
ඔව්...ඔව්.....මේ පෙකරදෝරුවා ගාව.බොරු මර්සි පාට් නෑනේ අක්කා...... හ්ම්ම් .....එහෙනම් ඔන්න අපිට පාටියක්.ඕනේ ඈ..... හරි දෙන්නම් ....... ඒ අතර මතීෂ නයනා ළගට දුවගෙන ආවා..... අම්මෙ.....අම්මෙ....අයියෝ...මට මතක නැති වුනානෙ...කියන්න.ආපු දේ... මතීෂ කියන්න ආපු දේ මතක් කරන්නට විය... හ්ම්ම් මතකෙට එන්නෙම නෑ....ඒ නිසා ඔහු එළියට විත් කල්පනා කරන්නට විය.....ඒ අතර ගොනෙක් නැට්ට උස්සගෙන දුවන්නට විය..... එය දුටු මතීෂ ට තමන් අහන්න ආ දේ මතකෙට නැගුනි...... ආං...නැට්ට උස්සගෙන දුවනවා...ආං..ආං....මතීෂ කෑ ගසන්නට විය.... මොකද පුතා කෑගහන්නෙ ආ... කියා නයනාත් කඩෙන් එළියට ඇවිත් බැලීය.... අම්මෙ.....මොකක්ද අම්මෙ ❝නැට්ට උස්සනවා කියන්නේ ❞ එතකොට ගද එනවලු..... මොකක්ද පුතේ ඔය අහන කතා.... ලතා නැන්දා තමා දවසක් ඔහොම කිවුවෙ . පෙනේද මේ ලතා පොඩ් එකාට කියලා තියෙන දේවල් ...ෂික් ලැජ්ජාවේ බෑ..... කියන්නකො අම්මෙ දැන් ගොනෙකුත් නැට්ට උස්සගෙන දිව්වනෙ.... හපොයි මේ කතා නම්.....මට හොදවයින් දෙකක් කතා කරන්න හිතෙනවා ..ඒත් අද වගේ දවසක රණ්ඩු වෙන එක එච්චර හොද දෙයක් නම් නෙවෙයි .....
අනේ කියන්නකෝ අම්මෙ.....අම්මා දන්නෙ නැත්නම් ..මම අපේ මොන්ටිසෝරි ටීචර් ගෙන් අහන්නද හා....හා.....අප්පෝ ටීචර්ගෙන් අහන්න නම් එපා..... අනේ මේ ඇත්තමයි ලතාගෙ කට පරිස්සමක් නැතිහැටි...ෂික්..දැන් කොහොමද මම මේක කොල්ලට කියලා දෙන්නෙ ආ..... අම්මා දන්නෙ නෑ නේද....❓ හා හා ඉන්න ඉන්න කියලා දෙන්නම්... ඇයි අම්මෙ ඔයා ඉතින් හිනා😀😀 වෙන්නෙ කියන්නේ නැතුව ..... ඉන්න....ඉන්න...ටිකක් .....මේ ළමයටත් ඕන්නැති දෙයක් නෑ අප්පා.... පුතේ නැට්ට උස්සනවා කියන්නේ .....🤣 මොකද අම්මා ආයෙත් හිනා වෙන්නෙ....🤣🤣 ඔයාට පුක් යනවා නේද එහෙම කියනකොට මතීෂ පස්ස පැත්තට අත තිබ්බා....... ඒ පුක් යන එකට තමා ඔය කියන්නේ ඒක ඇහුනා විතරයි මතීෂ බකස් ගාලා හිනා වෙන්න ගත්තා......... එහෙනම් මම කොච්චර නැට්ට උස්සලා තියෙනවා ද කියා හිනාවෙවි දුවන්න ගත්තා...... අප්පෝ ඔයින් ගියා ඇති......කොහෙද මේ ලතාගෙ කටට බ්‍රේක් නෑනෙ.....පොඩ් එවුන් ඉන්න තැන ඕන එකයි එපා එකයි ඔක්කොම කියවනවා.... මේ ළමයා ගිහින් ටීචර්ගෙන් ඇහුවා නම් ඉතින් අපේ කාඩ් එකත් කුඩේ කුඩු......නයනට එසේ සිති හිනාවකුත් ගියා.....
පෙකරදෝරුගේ කඩේ open එක හැමොගේම සහබාගීත්වයෙන් ලස්සන ට සිදු කෙරුනා.... ඔන්න දැන් නයනට අලුත් කඩේ වැඩ බාර ගන්නයි තියෙන්නෙ උපුල් කීවේ හිනාවෙමින්. හ්ම්ම් දැන් ඉතින් වැඩ ටිකක් වැඩි වෙයි උපුල් .....කඩ දෙකක වැඩ කරන්න එපැයි... ඒකනෙ ඉතින් කමක් නෑ කරගෙන යමු...තාත්තා ඉන්නවනෙ.....අනික ඉතින් උදෙ වරුවෙනෙ...... . මේ දැන් අපි මේ කඩ කෑල්ලෙම ඉමු නේද....... . හ්ම්ම් ......කොහොමත් ඉතින් ගෙදර දුව දුව වැඩ කරන්න බෑනේ....ගේ හදාගන්න තව කොච්චර කල් යයිද කියන්න බෑනේ. ඒකත් කොහොම හරි කරගමු උපුල් ....අපි මුලින් හිටපු තත්ත්වයකට වඩා දැන් කොච්චර වෙනස්ද නේද ... උත්සහාය තියෙනවා නම් මොනාද කරන්බ බැරි......හැමදාමත් අනුන්ගේ කුළි කර කර ඉන්නවාට වැඩිය තමන්ගේම කියල දෙයක් පටන් ගත්තොත් දැනෙන මානසික සතුට මම දැනගත්තේ තේ කඩය දාපු දවසේ...... ඒක නම් ඇත්තමයි නයනා......මේ අද රැට ගෙදර අයට මම පාටියක් දෙන්නම් කිව්වා ....... ම්ම්ම්ම්...එහෙම ද....ඒත් දැන් වැඩිය වියදම් කරන්න එපා........මොකද කඩේ හදන්න සෑහෙන්න වියදමක් ගියා.... වාරිකෙ ගෙවන්න එපැයි.... එච්චර ලෝබ වෙන්න එපා බං... එයාලා කොච්චර මහන්සි උනාද. .....මේක වටේ සුද්ද කරලා ,කැවිලි පෙවිලි හදලා දීලා මේ වැඩේ ලස්සන ට කරන්න.. ඉතින් ඒ නිසා පොඩ්යට හරි පාටියක් දෙන්න ඕන....ඇරත් පවුලේ ඔක්කොම එකතුවුනේ ගොඩක් කාලෙකින්නෙ..... දැන් නම් කඩේ බඩු ටික අස් කරලා ඉවර එකේ ඔහොමම කාමරේට මේ බඩු ටිකත් දාලම ඉමු නේද...... හ්ම්ම් ..... එහෙම කරමු.... එතකොට ඔක්කොම වැඩ ටික ඉවරනේ.....කියා දෙන්නත් එක්ක කඩේටම අල්ලා තනන ලද කාමරයට බඩු ටික දා ගන්නට විය.... මම ඉතින් දුර දිග බලලා පොඩි කුස්සි කෑල්ලකුත් අටව ගත්ත එක හොදයි....නැත්නම් ඉතින් හැමදාම ❝සාරංග පුතා. හදපු ගේ කිය කිය ඔයාගේ අම්මා දොඩවනවා ඉවරයක් නෑ... තමන්ටම කියලා අතු පැලක් හරි තියෙනවා නම් වතුර උගුරක් හරි බීලා නිදහසේ ඉන්න පුලුවන් .. ... නයනා තමන්ගේ දියුණුවේ උත්සාහය ගැන උදම් අනමින් ලහි ලහියේ වැඩ කරන්නට වුයේ රෑ..පාටියට උදව්ව්ක් කරන්න ඕන නිසයි.. . ඔයාලා එකතු වෙනවා කියන්නෙ ඉතින් බෝතල් පාටියක්ම තමා ...... .. ඒවා නැතුවත් බෑනේ බං කියා උපුල් නයනගේ පස්ස පැත්ත මිරුකුවා...... ඌයියා.... අනේ....මොකද වෙලා තියෙන්නෙ ආ.. ....දැන් ඉතින් තියෙන වැඩත් එක්ක ඕවා මිරික මිරික ඉන්න වෙලාවක් නෑ....මහත්තයෝ..... කියමින් සිනාසුනේ උපුල් මොනවගේ උත්තරක් දෙයිදෝ කියන අපේක්ෂාවෙනි.. ..... ආහ්... ආහ්.. ඔන්න ඔතන තමයි ඔයාලට වැරදුන තැන බං.. .ඒ කිවුවෙ .....
.
ඇයි බං. ... .උබලා නිතරම වැඩ.... වැඩ....කියලා මිනිස්සු මග අරිනකොට උන් ඉතින් පිට යනවා...... ඈ...උපුලො.... ඒ කියන්නේ ඔයත් එහෙම වෙන්න ද හිතාගෙන ඉන්නෙ ඈ...... . කියන්න බෑ...ඉතින් .....ඔයාත් ඉතින් වැඩ...වැඩ...කියලා මාව මග අරිනකොට මොනා වෙයිද කියලා... .. .අප්පටසිරි මේ උපුලෝ.... ඒවා කොහෙද මාත් එක්ක..... මම ඔයාට විහිලුවක් කලේ... මට ඇත්තටම ආදරෙයි ද කියලා බලන්න.....ඔයා මොකද කියන්නේ කියලා බලන්න මට භිතුනා... කියා.. හිමීටම ගොස් නයනගේ පිටිපස්සෙන් සිට හිම්න් ඇගෙ හංස යුවල පිරිමදින්නට විය.... ඕ...ආ......අනේ කිති නම් කවන්න එපා.. ආ..ආඅ.... ඔහොම හිටපං බං දගලන්නෙ නැතුව .....පොඩ් ආතල් එකක් ගන්නකම්... ඕ....ඕ.....ආතල් ගන්න ගිහින් කවුරු හරු ආවොත් එහෙම ....... ම්ම්ම්ම්ම්....කවුරු එන්නද බං. .....කියා කිති කවන්නට විය..... . ඉතින් අනේ ඔයා කිති කවනකොට කොහොමද ඉන්නෙ ආ. ... ඉන්නවකො අද මාත් තමුන්ට හොද වැඩේ කරන්න කියා උපුල්ගේ සරමෙන් ඇද්දා..... ආ....යි....යෝ.....තව පොඩ්ඩෙන් බිම වැටෙනවා...... ආහ්....හා.....මොකක්ද අනේ තව පොඩ්ඩෙන් බිම වැටෙනවා කිවුවෙ ආ..... සරම බං......සරම......මම අල්ලගත්තෙ නැත්නම් ඉවරයි...... හී.....හී....හී......නයනට හිනාව නතර කරගන්න බෑ හිනා යනවා.... මොකද නයනා ඔච්චරටම හිනා වෙන්නෙ ....ආ....මම..වැරදි දෙයක් කිවුවෙ නෑනෙ..... න්.....නෑ...නෑ......මේ......ඔයා කිව්වානේ තව පොඩ්ඩෙන් වැටෙනවා කියලා.... .මම හිතුවෙ ඒ වෙන දෙයක් කියලා.....
මොකක්.........අම්මෝ නයනා ඔයත් දැන් හරියට වල් වෙලා වගේ..... නැතුව ....නැතුව එහෙම වෙන්නත් එපැයි තමන්ගෙ හබී එක්ක...නැත්නම් ඉතින් වෙන මොකා එක්ක විහිලු කරන්නද ඉතින් මේ විදිහට ..... ආහ්.....ඒ කියන්නේ වල්කමට ඉයත් කැමතියි කියන එකටද කියා ඇයව වඩාගන්නට තැත් කලා විතරයි..... මේ උ/බ/ලා දෙන්නා තාම මොකද කරන්නේ කෑමටම වරෙල්ලා......ලතා අක්කගේ කටහඩින් මේ දෙපළට සිනා පහල විය...... අප්පටසිරි .....ලතා අක්කලත් ඇවිත් ....ලග හිටපු අපිට තාම යන්න බැරි වුනා... ඔයා මේ සෙල්ලමක් පටන් ගත්තනේ ඒකනේ පරක්කු වුනේ......
.
ඉතින් ඔයත් ඒ සෙල්ලමට කැමති වුනානේ....කියා වල් බැල්මක් හෙලීය..... මේ ඔයා ටිකක් බීලා වගෙ කතාව..... හ්ම්ම් හ්ම්ම් ... අපි තුන්දෙනා පොඩි ෂොට් තුනක් ගත්තා .....ඉතිරි ටික රෑට තියා ගත්තා..... හ්ම්ම් ....පුදුම මස්සිනාලා තුන් දෙනෙක් හී....හී......හී..... උපුල් හිනාවෙව් මහ ගෙවල් පැත්තට ගියා.... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ උපුල් ගියාට පස්සෙ නයනා මත්පැන් බෝතලය අතට ගත්තා.....මුං තුන්දෙනා කොයි වෙලේ මේකෙන් බිව්වද මන්දා .....හ්ම්ම් ..හිටපංකෝ අද මම හොද වැඩක් කරන්න කියා සිතා ගත්තා....කාටවත්ම නොකියා නයනා හිනාවෙව් ඒ දේ කලා... නයනත් මහ ගෙදර පැත්තට ගියා ..... .සැදෑ කලුවර ගලාගෙන විත් මුළු පරිසරයම අන්දකාර වුනා......වෙනදාට වඩා අද මහ ගෙදර ගොඩ කාලෙකින් වෙනස්ම ස්වරූයක් ගෙන තිබුනා..... වෙනදා නයනා කඩෙ වැඩ කරලා රෑට මහන්සි නිසා එක එළවළුවක් හදාගෙන කන්න පුරුදු වෙලා හිටියා ....එ නිසාම නෑනලා දෙන්නා එකතුව සාදා ඇති කෑම...මේසය දිහා ඈ ගිජුව බලාගෙන හිටියා.... මොකද නයනා නංගි....පුදුම වෙලා බලාගෙන ඉන්නෙ කියා සාරදා පොඩ් අයට කෑම බෙදා දීමට පැමිණියා....... න්...නෑ අක්කෙ අද කාලෙකින් මහ ගෙදර ලස්සන කෑම මේසයක් තියෙනවා ...ඒකයි මම මේ බැලුවේ....... හ්ම්ම් .....ගොඩ කාලෙකින්නෙ අපි ඔක්කොම හම්බවුනේ....ඉතින් ටිකක් වෙනසකටත් එක්ක මෙහෙම කරන්න භිතුනා.....හැමෝම එකතු වෙලා කනකොට ඒකෙ මාරම වෙනසක් තියෙනවා අනෙ... ඒක නම් ඇත්තමයි ....හැමදාමත් මෙහෙම එකතු වෙන්නෙ නෑනෙ.... කහ බතක්.....චිකන්.,පරිප්පු ,බටු මෝජුවක්,කට්ලස්,පපඩම් ඒ අතර විය....
.
මාර සුවදක්නෙ එන්නෙ....මට නම් දැන් කෙලත් ගිලෙනවා අක්කෙ.....ඔය දෙන්නා තනියම මහන්සි වෙලා.....මට එන්න බැරිවුනා උදව්ව්ක් කරන්නවත් කියා නයනා දුක් විය...... වටපිට බැලූ සාරදා නයනගෙ කණට කිට්ටු වී....මේ ඔයා ඉතින් කොහේ එන්නද ....❝උපුල් එක්ක කිරි කිරි බෝලේ කරකරනෙ හිටියේ ❞ කියා සිනාසුනා..... ආහ්....ඒ කියන්නේ ඔයා...... හ්ම්ම් මම ඔයාට කතා කරන්න කියලා හිතාගෙන මිදුලට එනකොට මට ලාවට වගේ ඇහුනා උබලා දෙන්නා කිරි කිරි බෝලෙ කරනවා ආ....ආ...ගගා... අනේ අක්කෙ....මේ මිනිහා කිති කවන්න ගත්තනේ.....ඉතින් මට අහ්..අහ්...ගෑවුනා..... නයනා ලැජ්ජාවෙන් බිම බලාගෙන කීය....නයනට ඉතින් හිනා...ලැජ්ජාව හින්දා මූණ රතු වුවත් අඩ අදුරෙ නිසා කාටවත්ම එය පෙනුනෙ නෑ. ආ...හා.....ඒක ට මොකද ඉතින් ඔව්වත් තියෙන්න එපැයි ජීව්තේ සාරදා කිවුවෙ හිනාවෙවි...... ඕකම අපේ උපුලුත් කිව්වා ..... ඈ......ඒ....මොකක්ද ඒ......කිරි කිරි බෝලේ කරන්න ඕනද කියන්නේ අනේ අක්කෙ ඔයා නම්.....මේ ඒ කියන්නේ ඔයත් කිරි කිරි බෝලේ කරනවාද....... හී.....හී......මේ මම කිරි කිරි බෝලෙ විතරක් නෙවෙයි රැලි...රැලි....මාලෙත් කරනවා..... සාරදා කියපු එක ගැන කල්පනා කරන නයනා.....කිරි කිරි බෝලේ කියන්නේ කිති කවන එකට නම් රැලි රැලි මාලේ කියන්නේ මොකටද අප්පා.....මේකී මොන හරුප කියනවද මන්දා අප්පා...තේරෙන සිංහලෙන් කියන්නේ නැතුව ...... මොකෝ නයනා ඒ පාර වුනේ ඈ.....උපුල්ගේ කිරි කිරි බ්බෝලෙ මතක් වුනාද කියා හිනා වුනා... .ඔයා නම් අක්කා දැන් හරියට වෙනස් වෙලා.... හ්ම්ම් හ්ම්ම් ..... මේ පොඩ් අයට කන්න දීලා ඉමු.....අරයලා ඉතින් කනකොට මහ රෑවත් වෙයි..... ඒකනම් ඇත්තමයි .......
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
ආ.....මස්සිනාලා සෙට් එක මොකද මේ අන්දකාරේ ...... ආ...එන්න.....එන්න.......නෑනලා කට්ටියම..... මේ හරිම සුවදක් එනවා වගේ......දිමුතු අයියා කිවුවෙ හිනා වෙමින්.... ආ.. ඒ අපි....සුවද ..සබන් ගාලා සෙන්ට් පව්ඩර් ගාලා....කුඹුක ළිදෙන් නාලානෙ ආවේ අයියෙ....ඒ හින්දා වෙන්න ඇති.....නයනා පද්ද පද්ද කියනකොට කාටත් හිනා ගියා...... මේ තාම ඔයාලා Drinks අරන් නෑ වගේ.....නයනා බෝතලය දිහා බලාගෙන කිව්වා ....... මෙයාලා සැරෙන් සැරෙ හොරෙන් අරන්නෙ....පේන්නැද්ද බාගයයි තියෙන්නෙ......මේක අපිට ගෑවෙන්නවත් මදි.....දිමුතු එහෙම කිවුවෙ බෝතලය දෙස ඇසක් ඉගිමරා පෙන්වමින්..... . දැන් සාරංග එයි.....අද ඌට හොඳට බොන්න ඕන කිව්වා ....ගොඩ දවසකින් කියලා..... .. අප්පටසිරි අපේ සාරංග.එහෙමම කිව්වාද දිමුතු අයියා සාරදා ඇස් ලොකු කරගෙන පුදුමයෙන් වගෙ ඇහුවා..... හ්ම්ම් හ්ම්ම් නගා එහෙමම කිව්වානෙ කිසිම හිතක් පපුවක් නැතුව ...... අනේ අයියෙ එයා එහෙම නෑ..... හරි බලමුකො අද... මොකද වෙන්නෙ කියලා.... හ්ම්ම් බලමු....බලමු...... මේ අතරතුරදී සාරංග ආවා.... ඕං නංගි.....මම කිව්වා මේ බාගය ඇති කියලා.....ඒත් සාරංගට මදි කියලානෙ ඔය ගියේ මේ ඇත්තමද සාරංග හ්ම්ම් හ්ම්ම් ......කාලෙකින් නෙ මෙහෙම දවසක් ආවේ ඒ නිසා පැලෙන්නම බොන්න ඕන මැණිකෙ..... හරි....හරි....ඔයාලා....බොන්න....අපි පොඩි අය නිදි කරවලා එන්නම්...... හා...හා....අනිවාර්යයෙන් ම එන්න අද මට නටන්න ඕන උපුල් කියන්නට උනා... හරි....හරි.....අපි එන්නම්.ඔයාලා පටන් ගන්නකො....ඉතින් මේ අසේලයි,එරන්දටයි එන්න කියන්න තිබ්බනෙ.........මරු මරු කතා අහතෑකි උන් දෙන්නගෙන්......උන් දෙන්නා රට නේද හිටියේ ....... ඇවිල්ලා කියලා ආරංචියක් නම් ආවා....කොහොමද දන්නෑ..... එරන්ද නම් මට එදා පාන් දන්සලේදී හම්බවුනා..... ආහ්..ඌ නේද උඹේ කටේ දත නෑ කියලා දැකලා තියෙන්නේ...හොල්මන් මන්දිරය බලන්න ගිහින් ඈ.....උබලා කොහොමද ඒ සීන් එක දන්නෙ...... ඒවා ඉතින් අපිටත් ආරංචි වෙනවා මස්සිනා ඔය අසේලයාට හොදට බොන්න ඕනෙ...හැබැයි ඌ හරි හොඳ එකා.....කිසිම අහංකාරකමක් නෑ... හ්ම්ම් ඒක නම් ඇත්තමයි .......එරන්දත් ඉතින් අවුලක් නෑ.........කමක් නෑ.....ආයි දවසක් එයිනෙ..... නෑනලා තුන්දෙනා ගියාට පස්සෙ මෙයාලා වීදුරු තුනකට බාගෙට ඉතිරි වෙලා තිබුන මත්පැන් ටික වත් කලා..... ❝චි....ය....ස්.......එහෙනම් ඔන්න අපේ උපුල් ගේ කඩේ දිනෙන් දිනම දියුණු වේවා...❞ හැමෝම මත්ද්‍රව්‍ය වලට තියෙන කෑදරකමට කටේ හලා ගත්තා.... ඒ මේ මොනවද බං මේ.....අරක්කු නෙවෙයි නෙ......හැමෝම වීදුරු අතේ තියාගෙන බලාගෙන හිටියා..... ඇහ්....ඒක්නේ..... ෂික් ......අප්පා.....හැමෝගේම කටින් එකවරම එහෙම පිටවුනා.......
❝කොහෙද මේක තියලා තිබ්බෙ උපුලෝ.....❞ මේවා අමුතු රසක්නෙ බං...අපි උදේ බොනකොට මෙහෙම තිබ්බෙ නෑනේ සාරංග කිවුවෙ වීදුරුවට වත් කරගත් මත්පැන් ටිකට ඉව අල්ලමින්.... ❝ඒකනේ බං...❞..දිමුතුද කතාවට එකතු වුනා.....වෙලාවට තව බෝතලයක් ගෙනාවෙ...... සාරංගට...ටිකක් කේන්ති ගිහින් .... ඈ බං උඹ අපිට පාටි දෙනවා කියලා මොනවද මේකට කලවම් කරලා දුන්නෙ ❓.....දෙන්න බෑ නම් නොදී ඉන්න ඕන....මෙහෙම අසික්කිත වැඩ කරන්නේ නැතුව ...... ❝මේ අහන්නකෝ මම ඉතිරි බාගේ තියලා තිබ්බෙ කාමරේ හංගලා.....මෙහෙම දෙයක් කව්ද කලේ......මට නම් හිතාගන්නවත් බෑ....බං..... . පාටිය එහෙම් පිටින්ම කෑවා....කටටත් එක්ක මොකද වුනා......ෂික්......සාරංගට මලම පැනලා වගේ. එ අතරතුර .එක පාරටම ඇවිත් බයික්කයක් හෝන් ගැහුවා...... ආ.......ඒ පාර කව්ද ආවේ කියා සාරංග ඉස්සරහට ගියා...... මේ කෝකටත් දැන් ඔය බාග බෝත්ලේ හංගපල්ලා.....නැත්නම් ඕක දකින දකින පාර සාරංග අයියට තරහ යයි....අනික මහ රෑ වෙනකොට අමතක වෙලා ඕකත් වෙරි මතෙන් ගහලා දායි..... ඒක නම් ඇත්තමයි ....පොර අද පැලෙන්නම බොනවා කියලා කිවුවෙ ..... හ්ම්ම් ඔව්.....ඔව්.....මමත් අහගෙන කියවනවා.....ගොඩ කාලෙකින් නේ..... කව්ද බං ඇවිල්ලා තියෙන්නෙ ආ... මේ .....අන්න සාරංග උන් දෙන්නත් එක්ක මේ පැත්තටම එනවා.....හුටා.....දැන් ඉතින් උන්ටත් දෙන්න එපැයි......සාරංගට පිස්සු ද මන්දා.......උපුල් කිවුවෙ ටිකක් අකමැත්තක් දක්වමින්.... කෑ ගහන්න එපා බං..උන් ගාවත් මොනවද තියෙනවා වගෙ...... ආ.....මේ අසේල මල්ලියි,එරන්ද මල්ලියිනෙ.....අදුරගන්නත් බැරි වුනානේ කවද්ද අප්පොච්චියේ රට ඉදන් ආවේ.... දිමුතු එහෙම කිව්වේ අසේලගෙ අතේ තිබුන බෝතලය දෙස බලාගනිමින්.... ❝අපි මෙ ළගදි ආවේ..... සාරංග ගෙදර ආව කියල ආරංචියක් ආවා...කාලෙකින් දැක්කෙ නැති නිසා ආවා සෙට් වෙන්න හිතාගෙන ....කියා බෝතලයක් පෙන්නුවා......මේ තඩියා එන්න වෙලා ගියානෙ බං......කියා අසේලව පෙන්නුවා.... ඇත්තමයි අසේල උබ රට ගියාට පස්සෙ මහත් වෙලා බං...... ඔව් බං වාහනෙ ඉදගත්ත ගමන්නෙ ඉන්නෙ....උදේට වාහනේට නැග්ගාම ආයි කෑම ටයිම් එක එනකම්ම වැඩ.....එතන ඉදන් ආයි රෑ වෙනකම්ම වැඩ......ඔන්න අපේ රට ජීව්තේ ... ආ..හරි..හරි....උබලා දෙන්නට අපිව මතක් වෙච්චි එක නම්.ලොකු දෙයක් ඒකනේ ඉතින් මේ අරගෙන ම.ආවේ.......
ආ.....ආ......ඒවා හොඳ වැඩ...අපි හිතුවෙ රට ගිහින් ආවට පස්සේ අපිව අමතක වෙලා කියලා..... පිස්සු ද බං.එහෙම අමතක වෙන්න .....අපි එකට ඉස්කෝලේ ගියපු එවුන්නෙ......ඇරත් මට ඉස්කෝලේ යන කාලේ කපුකම් කෙරුවේ සාරංගනේ.....අසේල අතීතය සිහිපත් කරන්නට විය. අප්පටසිරි උබ කරලා තියෙන වැඩ..... හරි...හරි.....එහෙම තමා බං ඒ කාලෙ...... අද නම් හොඳට එන්ජෝයි කරන්න පුලුවන් බං... අසේල කිවුවෙ සාරංගගේ කරට අතක් දා ගනිමිනි........ හරි එහෙනම් පටන් ගනිල්ලා....දැන් බෝතල් දෙකක්ම තියෙනවා ......ඇට්ටිහැලෙන්න බොන්න පුලුවන් ...අසේල සතුටින් කියන්නට විය.... යාලුවො .,මස්සිනා ලා කාලෙකින් සෙට් වුන නිසා ආගිය තොරතුරු කතා කරම්න් මදුවිත තොල ගාන්නට විය.........ටික ටික තොල ගාද්දි කට්ටියගෙ කතාවත් ටික ටික වෙනස් විය.... ❝මේ උබලා දන්නවද මම අසේලට බෝකර් වැඩේ කරනකොට වෙච්චි දෙයක් ........❞ සාරංග මදුවිත තොල ගාමින් සුන්දර පාසල් කාලය සිහිපත් කලා.... ❝ඒ.....ඒ.....මොකක්ද අඩේ මලයා කියහංකෝ.....දිමුතු අයියා පිංසෙන්ඩු වෙන්නට විය..... අහපංකෝ ඒ...ඒ....සි...රා......සී......න්....එ.....ක..... . දිමුතු අයියේ අද අපේ සාරංග අයියාට වැඩිවෙලා වගේ නේද.....බලහංකො කතාවත් එක්ක වෙනස් වෙලානේ...... හ්ම්ම් හ්ම්ම් ....මේ උපුලෝ උබේ කලවම් අරක්කු තොලේ ගෑවුන පාරද කොහෙද .... ඇහෙයි...බං......ඔය හිටියට හොඳට ඇහෙනවා ... ... මේ....මේ...මොකද උබලා දෙන්නා කුටු කුටු ගාන්නෙ ආ..... සාරංග එහෙම අහනකොට දිමුතු අයියා කට කොනකින් හිනාවෙලා .....මේ..මෙ...සාරංග මලයා අ...ර.....ඉස්කෝලේ සීන් එක කියලා හිටියනම් හොදයි නේද ඈ....... ආ......ආ.......මට අමතක වුනා.....
මේකයි බං සීන් එක ..... අසේලයගේ කෙල්ලට ලියුම් ඇද්දෙ මම....ඒ විතරක් යැ.... පණිවිඩ අහට මෙහෙට අදින්න වුනෙත් මට.....ඉතින් එ හින්දා හැමෝම හිතාගෙන ඉදලා තියෙන්නෙ මම කාවින්දිත් එක්ක යාලුයි කියලා.... දවසක් මාව office එකටත් ගෙන්වුවා........මට ඉතින් හීන් දාඩිය දැම්මා..... ඊට පස්සේ මොකද වුනේ මලයා දිමුතු හරි ඕනෑකමින් අහනවා..... මම කොච්චර නෑ කිව්වත් ඇහුවේ නෑ.....අවසානයේ මට අසේල ගැන කියන්න වුනා.... මොකක්...අසේල ගැන....ඒ කියන්නේ උබ ඌව එහෙම් පිටින්ම පාවා දීලා.... අම්මපා ඇත්ත.....මම ඌව එහෙම්ම පාවා දුන්නා......මොකද දන්නවද...කෙල්ලෙක් මගෙ පස්සෙන් එනවා වගේ දැනුනා.....මූ හින්දා ඒකිත් මාව සැක කෙරුවා....මම ඒකිගෙන් යාලු වෙන්න ඔන්න මෙන්න අහන්න හිටියේ ........ඌ හින්දා ඔක්කොම අවුල් වුනානෙ.....ඇයි ඉතින් බබා වගෙ මාවනෙ හැමදේටම යැව්වෙ......අනික ඒකිත් මාත් එක්ක නිතරම කතා කලානෙ.... නැතුව ඉතින් ඌ හින්දා තව.පොඩ්ඩෙන් අපේ අම්මවත් ගෙන්නනවා කිව්වා ඒ නිසා මම ඕ/න පු/ක/ක් ස/ත් ද/හ/ය/යි කියලා බකස් ගාලා කියලා දැම්මා.... .හුටා ඊට පස්සෙ......එරන්දත් කතවට ඇබ්බැහි වෙලා ඉතිරි ටික දැනගන්නකම් ඉවසිල්ලක් නෑ.... ඒ පාර මාව නිදහස් කරලා එවුන් දෙන්නව office එකට ගෙන්වුවා....උබලට කියන්න මම බය වෙච්චි පාර තව.පොඩ්ඩෙන් මට office එකේම චූ යනවා....
දැන් ඉතින් ඒකෙ හොදම හරිය.......ඉතිරි ටික අසේලයෝ ඔයාම කියන්නකො..... ම්?ම්ම්ම්ම්ම්ම්.....ඊට පස්සෙ ඉතින් අපි සම්බන්ධය නතර කරනවා කියලා පොරොන්දු උනා..... අප්පටසිරි .....ඒ කියන්නේ එ.love eka close කරලා දැම්මාද...... පිස්සු ද බං.....අපි කාටත් හොරා හීනියට කරගෙන ගියා...... මේ එදායින් පස්සේ මම නම් ඌට බෝකර් වැඩෙ කෙරුවෙ නෑ.....මේ ඇත්තමයි බං.කියන්නේ ....ඌ love කරන්න....මම කට්ට කන්න....අනික බෝකර් කෙරුවා කියලා ඌ මට මොනවත් දීලත් නෑ බං....හී...හී...සාරංග හිනාවෙවි කට ඇදකරගෙන කිව්වා ... . මේ ඒකට හරියන්නත් එක්ක තමා අද හොඳ වයින් බෝතලයක් ගෙනාවෙ... ආ....බලාපං....මූට සන්තෝෂ දීමනා දෙන්න ගියපු කාලයක්....හා.....ආ..... එතකොට උබලගෙ love එකට මොකද වුනේ ආ...... උපුලුයි ,එරන්දයි කතාවෙලා වගේ එකපාරටම ඇහුවා.. අපි ඉතින් කාලයාගෙ ඇවෑමෙන් යුග දිවියට පිවිසුනා. අප්පටසිරි ......ඔන්න අ.....ලං.....ක ආදරය .... දිමුතු වචන කඩ කඩ කිව්වා ...... අලංක නෙවෙයි බං....අආ...වංක..... හරියට කියපංකෝ.... මෙයාලා මෙහෙම කතා කර කර ඉන්න අතර සාරදා ඇතුළු කාන්තා පාර්ශවය ආවා. . හ්ම්ම් දැන්වත් ඉවරද කියා නයනා ඈනුමක්ද ඇරියා ❝ආ.....මේ මුදාආලි නෝනා.....❞එරන්ද බොහොම අමාරුවෙන් වචන ගැළපුවා.... නංගි.....මුන්ට අද වචන පැටලෙනවා.....අර...රට...වයුනුයි.... තව මොනවද....කලවම් අරක්කුයි බීලා.
.
ඒක ඇහුන පාර නයනට අහ්...ගෑවුනා ❝මොකද නයනො ආහ් ගෑවුනෙ එකපාරටම ❞ උපුල් අමුතු බැල්මක් හෙලා කිව්වා. අප්පෝ නයනා පලාතම ඉවරයි..... ආහ් ගෑවෙන්නැද්ද බං ඔයාලා කියන ❝අන්ඩර දෙමළ වලට.... ❞ අපි කියපු..අ.....න්...ද...රෙ....ක්...නෑ.....බං ..අම්මපා කවුදො උනහපුලුවෙක් අපේ මදු පානෙට මොන මොනවදෝ දාලා වගේ..... ආ....ආ.....එහෙම ද..... මේ මම මේක කෝම අලි ඔයා ගන්නවා....හොයාගෙන මිසක් ආයෙ පස්ස බලන්නෙ නෑ....අම්මපා ඇත්තමයි මේ කියන්නේ කියා සාරංග ලග තිබූ ස්ටූල් එකට දඩස් ගා අතින් ගැහුවා..... මමනෙ ඉස්සෙල්ලාම බොන්න පටන් ගත්තේ.....ඕක කරපු එකා හැදිගෑවිලා යන්න කීලා....මම...පොලයක් ගානවා ගානවාමයි.. ඒක ස්තීරයි.....එහෙම නැත්නම් මම අදුනක් හරි බලනවාමයි....උබලා මොකද කියන්නේ ඒ ගාන ආආආඅ.....මෙච්චර කාලෙකට මෙහෙම දෙයක් වෙලා නෑ..... සාරංග එහෙම කියද්දි නයනගෙ ඇග කිලිපොලා ගියා...ඇත්තටම සාරංග අයියා එහෙම කලොත් මාව කරමුලටම අහුවෙනවා.....දැන් මොකද කරන්නේ නයනා ගල් ගැහිලා වගෙ බලාගෙන ඉන්නවා.......නයනගේ නලලට හීන් දාඩිය දාන්නට විය.... ❝මොකද නයනා මේ රෑ ඔයාට හීන් දෑඩිය දාලා❞ සාරදා එහෙම කියද්දි නයනා නලල අතගා බැලුවා.... මේ.....මේ.... ඔ....ය.....ක...වු...රු.....හ....රි...වී...වි...හිලුවක් කරන්න ඇති මගේ හිතේ.....නයනා විහිලුවට කරපු දේ දැන් ඇවිලෙන්න යනවා වගේ සිතී එහෙම කිව්වා ...... ඒ කොහොම වුනත් කමක් නෑ මම මේක ලේසියෙන් අරින්නෙ නෑ නෑමයි අන්න හරි අයියා....ඒක නම්.නියමයි . නයනා තව තවත් බය වුනා මෙයාලා මොනවා කරයිද කියලා මේ....මේ....සාරංග උබ අර සත දහයක කතාවක් කිව්වා නේද....
.
හ්ම්ම් ඒ වගේ කරපං.... නයනා හිනාවෙවි... .මෙ....මේ....මමනෙ ඔය වැඩේ කෙරුවෙ කියා බොහොම අමාරුවෙන් කියා දැම්මා...... ඔක්කොම පුදුම වෙලා නයනා දෙස ඇස්පිය නොහෙලා බලා සිටියා.... ඈ......නයනෝ උබ ඇයි එහෙම කෙරුවේ ඔයාලට විහිලුවක් කරන්න හිතුනා ඒකයි.....sorry ....sorry ....sorry .... හ්ම්ම් මම පොලොවෙ ගාඅනා කීව්ව පාර නයනා බය වුනා නේද ආ....ඔය හෙලිවෙන්නෙ බඩුත් එක්කම හොරු...සාරංග පටල පටල කිව්වා ... ඇත්තම කියපං උබ මොනවද ඒකට දැම්මෙ........සාරංග කීවේ ට්කක් සැරට... ම්ම්ම්....මම තේ කහට දැම්මා.... හපොයි උබත් හිම්බිච්ච් වගෙ හිටියට කරන වැඩ නේද ...... හරි...නෑනො...එහෙනම් ඒකට හරියන්න මේ පාටිය රසවත් කරන්න ඔයාගෙ ඩාන්ස් එකක් ඕන.....
.
අප්පටසිරි ...එහෙමත් එකක්ද.... මේ.... මේ මට වැඩිය නටන්න බෑනේ.... හරි හරි.....දන්න කස්තිරම් දාලා නටහඤෝ...... අද නම සාරංගට හොදටම වැඩියි කියලා සාරදාටත් තේරුම් ගියා මේ අපි යන්නම් එහෙනම් අසේල ආපු කෝල්.එකකට කතා කරලා ඉවර වුන ගමන් කිව්වා ..... මොකෝ බං හදිස්සිය ...තව ..පොඩ්ඩක් හිටපං.....පොඩ් ඩාන්ස් පාරක් දාලම.යමු....එරන්ද එහෙම කිවුවෙ තව ටිකක් රැදීමේ ආසාවෙන්..... ❝මේ උබට නම් අවුලක් නෑනේ.....ඉතින් තනිකඩයනෙ.....මට එහෙම බෑනේ.....ගෙදර ගෑ/ණී...බලාගෙන ඉන්නවනේ.......❞ හ්ම්ම් එහෙමත් එකක්ද.....කවුද ඉතින් ඕවා දන්නෙ ආඅ... දැනගන්න ඉතින් බැදලම බලපං...දවසට කී පාරක් කඩේ යන්න වෙනවද කියලා..... අප්පටසිරි ...එහෙම කියනකොට තනිකඩවම ඉන්න හිතෙනවා ...... එහෙනම් ඔන්න...මම..ගියා......මම නෙවෙයි බං අපි...කියපං.....මොකද මමත් එන්නෙ උබත් එක්කමනෙ....බහු වචනෙන් උත්තර දියං....කොහෙද මූ ඉස්කෝලේ ගිහින් තියෙන්නෙ love කරන්නනෙ ආ..... එහෙනම් ඔන්න බකතු සබ්බ මංගලම්...අපි යන්නෙමු..... .හරිද බං මම බහු වචනයෙන් උත්තර දුන්නා....අසේල හතර පැත්තට වැනි වැනි ඇහුවා... මේ මම එනාකොට මොනා හරි බෝතලයක් ගෙනාවා වගෙ මතකයි ...ඒක දැන් නෑනෙ බං කියා අසේල අවට බලන්නට විය....ඒ අතර එරන්ද පෝන් එකේ එලියෙන් දිමුතුගෙ මුහුණ බලන්නට විය...... මොකද බං මූණට එළිය අල්ලන්නෙ ආ.... න්....නෑ...නෑ...උබේ දත තියෙනවා ද කියලා බැලුවෙ..... ඒ ගැන නම් කියලා වැඩක් නෑ බං....ඒක මහ හොල්මන් දතක්...... ඇයි බං උබ බෝතලයක් ගෙනාවා මතක නැද්ද ආ.........මෙලෝ සිහියකින් නෙවෙයි ඉන්නෙ ..... අනේ ගොං තඩියෝ ඒක බීලා තමා අපට මෙහෙම උනේ..... ඇහ්....මොනවා ඒක ඒ තරම් සැරද.... මේ අතර අසේලට නැවත කෝල් එකක් ආවා..... අප්පටසිරි .....කාව්න්දි බං ආයෙත් ගන්නවා.....
.
යමං යමං...නැත්නම් අද නිදාගන්න වෙන්නෙ අගු පිලේ තමා.... හරි...බයි බායි...අපි... ඉතිරි ටික උබලා බහු වචනයෙන් උත්තර දියල්ලා.... අසේල බයික්කය ස්ටාට් කරන්නට විය.... හෝව්...හෝව්.....මාත් දාගෙනම.පලයාං කියා එරන්ද කෑ ගසාගෙන දුවන්නට විය.... මේ සිද්දීන් දිහා හැමෝම බලාගෙන සිටියේ හිනාවෙමිනි...... අපෝ ...අපෝ.....ඔයාලගේ යාලුවො දෙන්නා නම් මරු.... මේ මට කියන්න අමතක වුනා....අල්ලපු ගෙදර විකුණනවලු....සෝමා නැන්දා කිවුවෙ ......අපෙන් ඇහුවා ගන්නවද කියලා.....ඒක ඇහුන පාර සාරංගට ඇහ් ගෑවුනා...... ඒ මොකෝ බං ඒ ගෙදර විකුනන්නෙ ඈ....හූ...නි...ය...ම...ක් වත් කරලද බොලේ.....සාරංග ඇහුවෙ හිනාව පාලනය කරගන්න බැරුව..... අනේ මේ සාරංග අනං මනං කියන්න එපා...අපට ගන්න බැරිද කියලා ඇහුවා එච්චරයි..... අනේ සාරදෝ අපට මොකටද ඉඩ්ම්.....මේ තියෙන්නෙ මහ සාගරේ වගේ ඉඩමක් කියා මහ ගෙදර ඉඩමට අත දික් කර පෙන්නුවා...... සාරංග අයියාට නම් ඉතින් මොකෑ ඉඩම් දෙක්කම තියෙනවා වානේ....නයනා ඇගට පතට නොදැනි කියා දම්මා...... මේ නෑනෙ.....ඒවා අපේ නෝනගෙ මහන්සියේ ප්‍රතිඵල .......ඒවට ඇගිලි ගහන්න එන්න එපා...හාද...... .මේ.....මේ...දැන් ඇති.......යමු.....සාරදා සාරංගව අතින් ඇදලා ගත්තා....තවතවත් වචන හුවමාරු වුනොත් මොන මොන දේවල් කියවෙයිදෝ සිතා.....ඒත් එක්කම සාරංග සිංදු කෑලී අමුනන්න ගත්තා....... රන් වන් වත බබලන්නෙ මල් මල් මදහස දෙන්නෙ නාරි ලතා සීල ලතා දෑත බදාලා...එන්න සුදු මගේ සූදු පස්ස නලෝලා .හා...හා...පස්ස නලෝලා..... නටපං නෑනේ.... සාරදාට හිනා.... මොනාද සාරංග මේ දොඩවන්නෙ ආ.. පස්ස නලෝලා කියලා...ෂික් කැතේ බෑ... ඉතින් නෝනේ එහෙම හොදයිනෙ... සාරංගට නම් හොඳට වෙරි වාගේ.... ඇහ් මට වෙරි නෑ බං......මේ හැටි අපරාදෙ මේවා වීඩියෝ කරලා තියන්න තිබ්බා මෙයාලට හොඳ සිහියෙන් ඉන්න වෙලාවක පෙන්වන්න.. නයනා කිවුවෙ හිනාවෙව් ආහ් උබ නැටුවෙ නෑ නේද එහෙනම් ..හලි...ම....ම.......වෙ....න.....ද....ව...ස...ක....අල්ලගන්නම්කෝ....සාරංග වචන කඩ කඩා කියන්නට විය.....
.
නයනා හුනාවෙවි හිටියා මිස කිසිවක් කීවේ නෑ..... . අප්පටසිරි ආං අරුන් දෙන්නා ආයෙත් එනවා ඇයි දන්නෑ.....අනිවාර්යයෙන් ම කාවින්දි අසේලයාව දොට්ට දාලා.....දිමුතු කිවුවෙ හිනාවෙවි.... ආහ්....මොකෝ මල්ලි.....ගෙදරින් එලවලා දැම්මා නේද ... නෑ බං මම කාවින්දිට ගත්ත දෙයක් අමතක වෙලා ගිහින් ...ඒක ගන්න ආවේ.......කියා බීපු තැනට ගියා....... ආ....මේ තියෙන්නෙ කියා පොඩ් මල්ලක් අතට ගත්තා...... මොනාද බං ඒ තරමටම වටින දෙයක් ද.... ඔව් බං.... මොනාද ඉතින් අගේ නොකර කියපං... ඒකි කන්න ආස කෑමක් බං......මම කොහේ හරි ගිහින් එනකොට එයාට කන්න මොනාහරි අරගෙන යනවා.... මේ.....මුරුක්කු වගයක්...... මොකක්...... ඔව් බං....කාවින්දිගේ ආසම කෑම...... ඔන්න සැබෑම ආදර ස්වාම්පුරුෂවරු සාරංගගෙ අක්කා කියන්නට විය....ඒකට අපෙ එකා.....යන තැන ගූ කරගෙන එන්නෙ...... හරි එහෙනම් අපි ගියා...... බලන්න නේද අසේලයාගෙ ආදරෙ..... ඇයි බං...අපිත් ආදලෙයිනෙ කියා උපුල් නයනගෙ කරට අතක් දාගන්නට විය.... හරි..දැන් යමු....කෑම කන්න...දැන් ගොඩාක් රෑවෙලා.....සාරදා නැවත වරක් සාරංගව ඇදගෙන ගියා...... මේං මේකි මගේ අතින් අදිනවෝ.....සාරංග කෑ ගසන්නට විය... මෙවුන්ට වැඩි වෙනකොට ගූ ගොඩවල්..ෂික් කැතේ ලැජ්ජාවේ බෑ...සාරදා බැන බැන සාරංගව ඇදගෙන ගිහින් බලෙන්ම වාගෙ බත් කටවල් දෙක තුනක් කවා දැමුවා..... එහෙම කවනකොට නම් හරිම රසයි නෝනෙ කියා සාරදාගෙ පස්ස මිරිකුවා.... මේ එන්න එපා දන්නවද ඕවට...සාරදා ගස්සගෙන ගියා... . හී...හී...නෝනෙ එහෙනම් මොනාටද එන්න ඕනේ.... තවත් රසබර කොටසකින් හමුවෙමු
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
පාටිය එලෙස එහෙම නිමා වුනත් තාත්තා පේන්නම හිටියේ නෑ.... තාත්තා කෑම කෑවද අම්මා....අද පැත්තෙවත් නෑනේ.... හවස යාලුවෙක්ගෙ ගෙදර ගියා තාම ගෙදර ආවෙ නෑ...... හුටා.... තාත්තා තාම ආවෙ නැද්ද කියාගෙන නිදියන්න ගියපු සාරංගත් වෙරි මත ගාතෙ ඇවිත් පුටුවෙ තපස් ගාලා ඉද ගත්තා... හපොයි ඒ පුටුවත් ඉවරද සාරංග කියා සාරදා පුටුව දෙස බලන්නට විය.... ❝හා....හා...ඒ පුටුවත් කිවුවෙ ඇයි නගා මෙයා ඊට කලිනුත් පුටුවක් කඩලා තියෙනවා ද....❓ හ්ම්ම් ...හ්ම්ම් තෙල වැඩිවෙලා ගෙදර ත් පුටුවකට වැඩේ දීලා ඔය ඉන්නෙ.... ආහ්...එහෙම ද මස්සිනා ඔයා එහෙනම් හෙන වැඩ කාරයෙක් වෙලා ආ....කියාගෙන දිමුතු අයියත් ආවා.... .මේ...දැන් ඒ කතා වලින් වැඩක් නෑ...තාත්තා ට මොකද වුනේ කියලා හොයන්න ඕන... ඒකනේ....අම්මා දන්නෙ නැද්ද කොහෙද ගියේ කියලා හරියට යන තැනක් නම් කිව්වෙ නෑ....
ඒකනේ මේ මහ රෑ කොහෙ කියලා හොයන්නද මන්දා..... කව්ද යන්නෙ ඉතින් බෑනයි,පුත්තු දෙන්නත් බීලනෙ..... ඒකනේ නල්ල මලෙ බෑනයි පුත්තු දෙන්නයි කියාගෙන සාරංගගේ අක්කා දෙහි කපන්නට විය..... කොහෙද ඉතින් හදිස්සියකටවත් යවාගන්න එකෙක් නෑනේ මේ ගෙදර ඇට්ටි හැලෙන්නම ගහලනෙ මුං තුන්දෙනා සාරදා අමනාපයෙන් මෙන් පැවසුවා අපේ සාරංග කවදාවත් මෙහෙම බොන්නෙ නෑනෙ.දුව...මම නම් මේ සම්මත්ජාතියට දැකලා නෑ මෙහෙම බීලා ඉන්නවා.......අම්මා.එහෙම කිවුවෙ සාරංග දිහා බලාගෙන ..... අම්මා....මගෙ අම්මා...මම අද ඇති වෙන්නම බිව්වා.....මගෙ මල්ලි දියුණු වෙනව දැකලා මට හරියට සතුටුයි .....හරි හමන් රස්සාවක් නැතුව ඌ කොච්චර බැණුම්.ඇහුවද......දැන් ඉතින් අවුලක් නෑ...ඌ කොහොමහරි ගේම ගහගෙන යයි..... ❝බලාපං අපේ සාරංගයාගෙ සහෝදර ප්‍රේමය දෝර ගලන වෙලාව....ඔක්කොම එකතු වෙලා මාව මේ ගෙදරින් යවාගන්න plan කරා.......එතකොට අපෙ මිනිහා එයාලගෙ හිත රිදෙයි කියලා මුකුත් ම කිවුවෙ නෑ....අම්මපා මට අපේ මිනිහගෙ කටට පාරක් දෙන්න තියෙනවා නම්.....සාරදාට හිතුනා..ඒත් ඒක නම් කියන්න ගියේ නෑ...ඇරත් ඒ වගෙ දෙයක් කිව්වා නම්.මෙතන ඉදලා ඉවරයි..... මොකෝ සාරදා මූණ එල්ලාගෙන ඉන්නෙ...... මං ඉතින් වෙන මොනා එල්ලගෙන ඉන්නද අනේ......
හී...හී....හී...අද අපේ මැණිකෙට ඩෝං ගිහින් වාගේ.... ඔයා කරන වැඩ වලට ඩෝං නෙවෙයි යන්නෙ.....සාරදා ටිකක් සැරෙන් කිව්වා .... මේ කව්ද දැන් මෙතන නැට්ට ඉස්සුවේ කියාපල්ලා බලන්න......උපුල් කිවුවෙ අතින් නහෙ වහගෙන..... ❝මේ ඔය වැඩෙ කරන්න ඇත්තේ ඔයාලා තුන්දෙනාගෙන් එක්කෙනෙක් ම තමා කියා නයනා බඩ අල්ලගෙන හිනාවුනා...... අම්මෝ එන්න එන්නම ගද වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ වගේ කියා නයනා නහෙත් වහගෙනම එළියට ගියා.... ❝නයනගෙ කටට නම් මසුරන් දාන්න ඕන❞... කියාගෙන සාරදාත් එළියට පැන්නා..... නයනගෙ කටට මසුරන් දාන්නෙ කොහොමද බං මේ ගන්දස්තාරෙ අස්සෙ ආ....කියාගෙන සාරංග කිව්වා කොහොම කොහොම හරි කතාවෙන් කතාවෙන් එකා දෙකා නහය අල්ලගෙන එළියට පැන්නා..... අවසානයේ ඉතිරි වුනේ දිමුතු අයියා.....විතරයි සාලයේ...ඔහු සාලෙ පුටුවට වෙලා නින්ද ගිහින් .....සාරංගගෙ අක්කා හිමීට ම ඔහු ලගට ලංවුනා.... අප්පටසිරි දිමුතු අයියා ගාවින් එක පාරටම❝ පුටුස්...පුටුස් ගාන සද්දයක් ඇහුනා.....ඇත්තමයි අපෙ මිනිහනෙ මෙච්චර වෙලා නැට්ට උස්සලා තියෙන්නෙ ආ....අපෝ ඉන්න බෑ ගද....ඒ සද්දෙට දිමුතුගේ සරම ඉරෙන්නෙ නැතුව තිබ්බා ඇති......අක්කටත් ඉන්න බෑ...හිනා දිමුතු පඩ ඇර ඇර නිදි.... අක්කා හිනාව තදකරගෙන එලියට බැස්සෙ කරන්න දෙයක් නැති හින්දා.... මේ මෙහෙ නම් ගද එන්නෙ නෑ...ඇතුලේ තමයි එන්නෙ කියා සාරංග කිව්වෙ හිනාවෙවි.වටපිට බලන් ගමන්... මේ බලපල්ලා ඇතුලේ ඉන්නෙ කව්ද කියලා....
අප්පටසිරි දිමුතුවා.... ඒ කියන්නේ මේ ගන්දස්තාරෙට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ දිමුතුවා.....මුගේ බොකු බඩවැල් කුණු වෙලාද මන්දා අප්පා මෙච්චරටම ගද.....කියලා සරංග කියනකොට ඔක්කෝටම හයියෙන් හිනා ගියා..... ඒ හිනාවෙ සද්දෙට දිමුතුට ඇහැරුනා.... ඔහු එළියට ඇවිත් මොකද අනේ මේ මහ රෑ ඔච්චරටම හිනා වෙන්නෙ ඈ කියාගෙන එළියට ආවා..... උබ හිනදනෙ බං ....සාරංග උත්තර දුන්නා... ආ....අ....මස්සිනා උබලට දැන් මාව විහිලුවක් වෙලා එහෙනම් ඈ..... මස්සිනා ඔයා කරන වැඩ වලට හිනා යනවනෙ ඉතින් හ්ම්ම් එහෙම ද... හ්ම්ම් හ්ම්ම් .... මේ තාත්තා තාම නෑ අපි මොකද කරන්නේ දැන් හිනාව වාවගෙනම අක්කා ඇහුවා....කොහෙ කියලා හොයන්නද මෙව් මහ රෑ..... මේ එහෙනම් අපි තුන්දෙනාම යන්නද..❓සාරංග ඇහුවා.... ඉන්න තැන හරියට දන්නෙ නැති නිසා කොහේ කියලා හොයන්නද ...... ඒක නෙ.... අපරාදෙ තාත්තාත් පාටියට ඉන්න තිබ්බෙ පුත්තු දෙන්නගෙයි....බෑණගෙයි වැඩ බලන්න..... අපේ තාත්තාට ඒවා බලන්න පින නෑ...උපුල් කීවෙ හිනාවෙලා මේ තාත්තාත් අපි වගේ වෙලාද දන්නෙ නෑනෙ බං.....රෑටනෙ එහෙම සීන් කෝන් වෙන්නෙ....අනික නිදහසේ බොන්න පුලුවන් බං....උපුල් කියාගෙන කියාගෙන ගියා......
. අනේ මේ උපුල් ....මම කිව්වා කියලා හිතාගන්න....නයනා ටිකක් තරහෙන් උත්තර දුන්නා..... ආ....නයනා ඇයි උබ අපේ මදු විත අවුල් කලේ...හා දැන් කියපං මේ මුලු සබාව ඉදිරියේ ....... සාරංගේ නයනට එහෙම කියන කොට ටිකක් ලැජ්ජා හිතුනා......ඇය හිමීට වචන සොයන්න උනා.... මේ......මේකයි ....මම ඉතින් හවස නාලා තේ ටිකක් බොන්න කියලා හිතාගෙන ඉන්නකොට ඔය බෝතල් බාගෙ තියෙනවා දැක්කා.....ඉතින් මට හිතුනා ඔයාලට පොඩ් විහිලුවක් කරන්න ඕන කියලා....ඕකෙන් අරක්කු ටිකක් අයින් කරලා චූට්ටම චූට්ටක් ඉතිරි කරලා ඒකට තේ වතුර දාන්න.....ඉතින් මම.. කතාව කියලා ඉවර කරන්න බැරිවුනා උපුල් මැද්දට පැන්නා..... ❝ ඇහ් ....ඒ කියන්නේ නයනෝ ඔයා ඒකෙ තිබ්බ අරක්කු අරන් තිබ්බද...❓ ❝ඔව් අනේ මම එච්චර මෝඩ නෑ ඒකටම තේ වතුර දාන්න තරම්....❞ හ්ම්ම් එහෙනම් කමක් නෑ.....අපේ නයනට මොලේ තියෙනවා ඕං..... මෙයාලා මෙහෙම කතා කර කර ඉන්න තුරදි ත්‍රී විල් එකක් ආවා.... ඒ පාර කව්ද.... කියා ඔක්කොම ඒ පැත්තට හැරුනා..... මේ සුමනදාසගෙ ගෙදර ද කියාගෙන වීල් එකෙන් කොල්ලෙක් මතු වුනා.... ඔව්..ඔව්..ඇයි එයාට මොකද වෙලා තියෙන්නෙ .....❓ න්...නෑ....මුකුත් වෙලා නෑ....එයා වීල් එක ඇතුලේ ඉන්නවා... අප්පද බොලෙ අපෙ තාත්තා වීල් එකකින්ම ඇවිත් කියා පිරිමි පාර්ශවය තාත්තා උස්සගෙන හෙට ගියා....
. මල්ලි ඔයාගෙ ගාස්තුව කීයද සාරදා ඇසුවා.... න්...නෑ..නෑ..අක්කා මට සල්ලි එපා.....අපෙ ගෙදර පොඩ් පාටියක් තිබ්බා....ඉතින් මාමා ඇව්ත් ඒක ලස්සන කෙරුවා....අපිට හරි සතුටුයි ඒකට.... අපි යනවා අක්කෙ.... හා...හරි මල්ලි....අපි තාත්තා ගිය තැනක් දන්නෙ නැතුව හිටියේ ..... දැන් තමයි අපේ ඇගට ලේ ටිකක් ඉනුවේ මෙච්චර වෙලා මුකුත් නොකියා හිටපු අම්මා කිව්වෙ පපුවට අත තියාගෙන ..... කොහොමද අම්මා අපේ පවුල.....උපුල් කිවුවෙ හිනාවෙවි.... .තාත්තයි,පුත්තු දෙන්නයි,බෑණයි...නියමම නියමයි.. අම්මා එහෙම කියද්දි දිමුතු අයියා කොක් හඩකා සිනාසුනා ඔව්.....ඔව්.....අදහන්නම ඕන පවුලක් .....සාරදාත් එයට හවුල් විය.... දැන්වත් යමු නිදා ගන්න....සාරංග කීවේ ඈණුමක්ද අරිමින්.....
කලින් දවසේ නිදාගන්න පරක්කු වුන නිසා මහ ගෙදර නයනා හැර හැමෝම නැගිට්ටෙ පරක්කු වෙලා.....ඒ අතරේ නයනා කඩයප්පම් සාදා කඩයට දාලා තිබුනා ...... මේ...උදේට උයන්න වෙයි නේද....සාරදා ඇහුවේ සාරංගගෙ ඇගට තට්ටු කරන ගමන් ය..... මේ තව ටිකක් නිදා ගන්න අනේ...ළමයින් දෙන්නත් නිදි එකේ...එතකොට එකපාරටම දවල්ට උයමු..... එහෙම හොදයිද අපේ මහත්තයා මේක නැන්දම්මාගෙ ගෙදර ආ...අපේ නෙවෙයි ....මම දවල් වෙනකම් නිදාගත්තොත් ප්‍රස්නයක් වෙයි.... අනේ බං කෑ නොගහ නිදා ගනින්....වෙන දෙයක් වෙයි..... මිනිහා කියනවනම් මටත් මොකද කියා සාරදා ඔලුවේ සිට බෙඩ්ෂිට් එක පොරවගෙන නිදන්නට විය..... යාන්තමට නින්ද ළගා වීගෙන එනකොට ලතා අක්කගෙ කටහඩ ඇසිනි... ❝පුංචි අම්මා......පුංචි අම්මා.....කෝ මේ කව්රුත් පේන්න නෑනෙ...❞.කියාගෙන ලතා අක්කා ගේ පිටිපස්සට ගියා.... ආ....ඉස්සරහ දොර දැරලා නැති නිසා මම හිතුවා තාම ඔක්කොම නිදි ඇති කියලා...... මමත් මේ දැනුයි නැගිට්ටෙ...ඊයේ නිදාගන්න ටිකක් රෑ වුනා... ම්ම්ම්ම් එහෙම ද....කෝ ...සාරදා එහෙම පේන්න නෑනෙ.....තාම නිදිද හ්ම්ම් ...... සාරදා ඇදට වෙලා මේ වෙන දේවල් අහගෙන ඉන්නවා... ඊයේ අපි ගියාට පස්සෙ හොඳට බෝතල් පාටි එහෙම දාලා තියෙනවා නේද.....❓ ළමයි ඔක්කොම ඊයේ එකතු වුනානෙ ඉතින් ඒකයි....... හ්ම්ම් තාම බෝතල් පුටු යට මේ පේන්නැද්ද අස්කරලවත් නෑ.... පුංචි අම්මෙ සාරදාට නැගිට්න්න කියන්න.....දැන් වෙලාව කීයද බලන්න....මෙහෙමත් නිදි යනවද මං අහන්නෙ ඈ..... ඒක නම්.ඉතින් ඇත්ත තමා.... .අපේ නැන්දම්මලා නම් ඔහොම නිදියන්න දෙයි.... ලතා අම්මට උල්පන්දම් දෙනවා යැයි සාරදාට සිතුනා... ගෑණියෙක් වුනාම උදේම නැගිටින්න එපැයි.....ගෙදරට එළිය වැටෙන්නෙ එතකොටනෙ....හරි නම් නැන්දම්මාට කලින් ලේලි නැගිට්න්න ඕන....මේවා පුදුම දේවල් අප්පා....ලතා අක්කා අම්මට ගිනි ගෙඩි දෙනවා ඇතැයි සිතිනි . සාරදා තවත් ඕනෑකමින් අම්මාගෙයි..ලතාගෙයි සංවාදයට ඇහුම්කන් දුන්නා....... ❝පේනවා නේද ඉදලා ඉදලා මම මහ ගෙදර ආවම හැටි.....හ්ම්ම් සාරංගෙ අක්කත් තාම නිදි..එයාට මුකුත් කියන්නෙ නෑ.....මටම තමා හැමදේම කියන්නේ ....ඔව් ඉතින් අපි පිට නිසා වෙන්න ඇතිනෙ..සාරදාට සිතුනා..... කෝකටත් මම එළියට යන්න ඕන... මොකද වෙන්නෙ කියලා බලන්න.....සාරදා එහෙම හිතාගෙන කිචන් එක පැත්තට ගියා..... සාරදා එනවා දෙන්නම දැක්කෙ නෑ..... ආහ්....සාරදා නංගීනෙ මේ.....මම බැලුවා ඒත් කව්ද කියලා......නංගී දැන් වගේ නැගිටලා තියෙන්නෙ ලතා අක්කා ඇගට පතට නොදැනිම කිව්වා ...... හ්ම්ම් ඔව් අක්කෙ මේ නැගිට්ට ගමන් කියාගෙන Tooth brush එක අතට ගත්තා.... ❝අනේ නංගී ඔයා හරිම වාසනාවන්තයි....❞ ලතා අක්කා එහෙම කියනකොට සාරදා පුදුම වෙලා බලාගෙන හිටියා.. ආහ්... ඒ මොකෝ අක්කා එහෙම කියන්නේ ආ.. ❝නෑ ඉතින් මහත්තයා ගේ ගෙදර ඇවිත් ඔයාට සැපට නිදියන්න පුලුවන් නෙ....❞ ලතා අක්කාගේ ඒ කතාවට සාරදාට මල ම පැන්නා... මම විතරක් නෙවෙයි අක්කෙ සාරංගගෙ අක්කා මට වැඩිය වාසනාවන්තයිනෙ ... ඒ මොකෝ එහෙම කියන්නේ ආ.... මම නම් දැන් හරි නැගිට්ටා...එයා තාම නිදි ඒකයි..... ලතා අක්කට කතා නැතිව ගියා..ඇය හිමීට අම්මගෙ මූණ දෙස බලනවා සාරදා දැක්කා.... මොකෝ අක්කෙ කතා නැත්තේ ආ..... න්....නෑ....නෑ.....මුකුත් නෑ.....මම එහෙනම් යන්නම් පුංචි .....මම මේ ආවෙ නයනගෙ කඩෙන් උදේට කන්න මුකුත් අරගෙන යන්න...... කඩේට ආවනං ගන්න කෙංගෙඩියක් අරගෙන යන්න ඕන...මෙහේ බඩ ගාන්නෙ නැතුව ....සාරදා තනියම කුටු කුටු ගාලා කියව ගත්තා.....අම්මා හොරෙන් තමා දෙස බලාගෙන ඉන්නවා දැක්කෙ එතකොටයි....... පුදුම මිනිස්සු ...මෙහෙ ඉන්නකොට නිදහසේ ඉන්න දුන්නෙ නෑ....ඉදලා ඉදලා ආවාම ඊට වඩා ප්‍රස්න ....ඇය තමාටම කියා ගත්තා.... සාරදාට ආව කේන්තියට ඇය මූණ කට සෝදගෙන තේ එකක් වත් කරගෙන නයනගේ කඩේ පැත්තට හිමින් සීරුවේ ගියා.... නැන්දම්මා මොකද කරන්නේ කියලවත් අහන්නෙ නැතුව ....... සාරදාට ටිකක් කේන්ති ගිහින් කියලා නැන්දම්මාට දැනෙන්න ඇති......මොකද සාරදා එතනින් ගියේ ඉදිලා වැඩිවෙලා බෙරිවෙලා තිබුන වූ තක්කාලී ගෙඩියක් වගේ මූණ බෙරි කරගෙන . ආ.....නයනා නංගි ඔයා උදේම නැගිට්ටද ❓ ඔව් අක්කෙ කඩයප්පම් තම්බන්න නැගිට්ටා.....ගොඩක් අය උදේට මෙහෙට ඇවිත් තේ බොනවා....අනික ඉස්කෝලේ ළමයින් කෑම ගන්න එනවනෙ අක්කා...හරියට කරගන්නවානම් හොදයි ඉතින් .....මහන්සි වෙන්න ඕන... ඔයාලට පුලුවන් ද කඩ දෙකම කරගෙන යන්න.... ඒක නම් ඉතින් ප්‍රස්න යක් තමා.....අපිත් ඔය ගැන හිතුවා....මම බැලුවේ කඩයප්පම් ටික හදලා තාත්තා ව කඩෙ තියන්න...... හ්ම්ම් ඒකත් ඉතින් නරකම නෑ.....ඒත් තාත්තා හිටි ගමන් අතුරුදහන් වෙයි ද දන්නෑ ඊයේ රෑ වගේ.... තාත්තා ඔය භවසටනෙ පොඩි අඩියක් ගහන්නෙ.....ඒ නිසා අවුලක් නෑ.... තාත්තාත් කීයක් හරි දෙන්න...එතකොට එයාට ආස හිතෙයි...... හ්ම්ම් .....ඒක නම් ඇත්ත තමා අක්කා.. මේ අක්කෙ මම මේ අහන්න හිටියේ ..ලතා අක්කාට මොනාහරි කිව්වා ද...ඔයා.... 😀😀 ඇයි හිනාවෙන්නෙ.... සාරදා වෙච්චි සිද්ධිය කියන්නට විය... ලතා අක්කා යනකොට දන්නවද මොනාද කියාගෙන ගියේ කියලා..... ඇයි ඒකී එ පාර මොනාද කිවුවෙ .....ආ... සාරදා බිබී හිටපු තේ එක අතේ තියාගෙන ඇහුවා..... ❝අපේ පවුල් වලට බැදෙන ගෑණු හරි වාසනාවන්තයිලු.....උන්ට පස්සට එළිය වැටෙනකම් නිදියන්න පුලුවන් ලු❞ කියාගෙන මටත් ගස්සගෙන ගියේ...❞ ඈ....බං.....උබ ඒවා කියනකම් කටවහගෙන හිටියද..... පිස්සු ද අක්කෙ.....මමත් නිකම් හිටියේ නෑ.... ඔයා මොනාද කිවුවෙ ❓ මම කිව්වා පස්සට එළිය වැටෙනකම් නිදා ගත්තා නම් මෙහෙම කඩයප්පම් තම්බන්නෙ කව්ද කියලා ආහ්...ඇති යාන්තමට එහෙමවත් කිව්වා... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ මේ අතර අම්මා මිදුල අතු ගාමින් සිටියා.සාරදා කුස්සිය පැත්තට ගියේ අම්මා උයලද බලන්නයි.... හ්ම්ම් හාල් නම් ලිපේ තියලා තියෙනවා ....ඒත් එළවළු නම් මුකුත් හදලා නෑ... මේ අතර අක්කාත් දිමුතු අයියාත් නිදි ගැට කඩමින් එළියට ආවා..... සාරදා පොල් ගානවා දුටු අක්කා..... ආහ්....සාරදා නංගි උදේම නැගිටලා උයලත් ඉවරයි වගේ.... නෑ අක්කෙ මම උදේම නැගිට්ටෙ නෑ....අම්මා තමයි උදේම නැගිටලා හාල් ලිපේ තියලා තියෙන්නෙ...... ආහ්...එහෙම ද......මම හිතුවේ ඔයා කියලා...... . මම මොකටද අක්කෙ උදේම නැගිටින්නෙ ආ...ඇරත් ඊයේ නිදාගන්න මහ රෑ වුනානෙ...... හ්ම්ම් ........ අක්කාට නම් ඉතින් මහ ගෙදර හරි සැපට නින්ද යනවා වගේ කියාගෙන සාරද සම්බෝලයක් අඹරන්නට විය.... හ්ම්ම් .....මට ඉතින් පුරුදු තැනනෙ නංගි...ඇයි ඔයාට නින්ද ගියේ නැද්ද ආ.... අපි ඉතින් ට්කක් පරක්කු වෙලා නැගිට්ටොත් සමහරුන්ට ඒකත් හරහට හිටිනවානෙ....අක්කා.... මොකද උදේම අවුල් වෙලා වගෙ කතා කරන්නෙ.... ඒක මම කියනවට වඩා අම්මගෙන්ම අහගන්න.... සාරදාට මේ මොකද වුනේ......ඊයේ හිනාවෙලා ලස්සන හිටපු සාරදාට උදේම ඩෝං ගිහින් කියා ඈ අම්මා සොයාගෙන ගියා..... ඒ යනකොට අම්මා අල්ලපු ගෙදර අයත් එක්ක ගිනි කෙළියක් පටන් අරගෙන .. ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ මොකද අම්මා මේ උදේම කෑ ගහන්නෙ..❓අක්කා අම්මාට කියනවා සාරදාට ඇහුනා.....සාරදා ගේ අතුගාන ගමන් හිමින් සීරුවේ මොකද වෙන්නෙ කියලා බලාගෙන හිටියා....... අප්පටසිරි අපෙ නැන්දම්මා රණ්ඩුවක පැටලිලා වාගේ......සද්දෙට ගෙදර හැමෝමත් ඇහැරුනා... රණ්ඩුව දිගටම යනවා....අක්කයි...අම්මයි අල්ලපු ගෙදර සෝමේ නැන්දට බනිනවා.....ඒ නැන්දත් ඒකටම හරියන්න හොද හොද පද කියනවා... .
❝ඇයි මේ වැට අයිනට ගිනි දැම්මෙ ❓මගේ උණ පදුර ඔක්කොම ඉවරයිනේ.....අම්මා කෑ ගසන්නට විය.... ඔය උණ පදුර නිසා අපේ වත්තට ගොලුබෙල්ලෝ එනවා.....කැතේ බෑ....ඒ නිසා මම ගිනි දැම්මා...... එහෙම ඔයාට ඕන ඕන විදිහට ගිනි දාන්න බෑ සෝමා........ එහෙනම් ඉතින් උණ පදුර ලග ඉන්න ගොලුබෙල්ලන් ටික අරගෙන යන්න තිබ්බනෙ.....පේන්නැද්ද මගෙ මුළු වත්තෙම තඩි ගොලුබෙල්ලෝ වැහි වැහැලා....ෂික් අප්පිරියාවේ බෑ..... උබේ වත්තට ගොලුබෙල්ලෝ ආවා කියලා මම මොනවා කරන්නද බං....අනික මම උන් අල්ලලා හොදි කන්නයැ....... ❝හොදි බෑ නම් උබ සම්බෝල කාපං❞ අප්පටසිරි මමත් උදේට සම්බෝලනෙ හැදුවේ.....හුටා....සෝමේ නැන්දත් මරු මරු කතා කියන්නෙ .....ඒ අතරේ අක්කාගේ කටහඩත් උස්සන්න වෙනවා...
ඔයාට තේරෙන්නෙ නැද්ද නැන්දෙ වැට අයිනටම කරලා ගිනිදානකොට ඒවා අල්ලපු වත්තට යනවා.. ඉතින් එහෙනම් වැට අයිනෙ මුකුත් හිටවන්නෙ නැතුව ඉන්න ඕන.....මේ බලන්න උණ ගස් ඔක්කොම පාත්වෙලා තියෙන්නෙ මගෙ වත්ත පැත්තට ....හොදට බලන්න උණ පදුර ලග තියෙන ගොලුබෙලි කටු ගොඩ.... එහෙනම් ඔයාට මගෙන් අහන්න තිබුනා ඈ.....බං තිලකා මගෙ පැත්තේ ගිනි තියන්න උබෙන් අහන්න ඕනද...මොකද උබ මහ රැජිනිද.ආ...... ගජරාමෙට ගිනි ඇවිලෙනවා වගේ...දෙගොල්ලන්ම.....ඒත් කව්රුත් උණ පදුරට ඇවිලෙන ගින්න නිවන්නෙ නෑ...දිගට හරහට බැනගන්නවා... සාරංග සාරංග අනේ පොඩ්ඩක් මෙහෙට එන්නකො.....ඔයාගෙ අම්මා අල්ලපු ගෙදර අයත් එක්ක රණ්ඩු වෙනවා..... මොකද සාරදා උදෙම බෙරිහන් දෙන්නෙ ආ....මම මේ ටොයිලට් එකේ ඉන්නෙ....නිදහසේ ඒකවත් කරගන්න දෙන්නෙ නෑනේ..... 😀😀😀😀 හා හා නිදහසේ ඕක කරගෙන ම එනවකො එහෙනම් ..... ❝මම යනවා පොලීසියට හිටපල්ලකො උබලට හොද වැඩක් කරන්න.❞...සෝමා නැන්දා එහෙම කියනකොට ඒ පැත්තට යන්න අඩිය තිබ්බ සාරදා ටිකක් පස්සට හැරුනා.....
හුටා සෝමා නැන්දා පොලීසියට ගියොත් අපේ නනුත් කියයි...... ඒ අතර සාරංග පැමිණි යා...... ආ....මහත්තයා නිදහසේ වැඩේ කරගත්තද.....සාරදා ඇහුවේ හිනාවෙලා ....... මේ අපේ අම්මා නේද අර කෑ ගහන්නෙ ❓ හ්ම්ම් ...ඒක තමයි ඔයාට එන්න කිවුවෙ ... ඉතින් ඔයාට ටිකක් ඒ පැත්තට යන්න තිබ්බනෙ.... යන්නෙ කොහොමද අනේ සෝමා නැන්දා පොලීසියට යන කතාවක් කියනවා ඇහුනා.......මම එතනට ගියොත් මාවත් අහුකරාවි....ජීව්තේටවත් පොලීසියකට ගිහින් නැති මම මේවට පැටලෙන්නෙ කොහොමද ....ඇරත් කවදාහරි දවසක මෙ දෙන්නා..යාලුවේවි.....අහක හිටිය මම හොද නැති වේවි අම්මෝ ඔයා නම්......
එහෙම කියන්න එපා අනේ....අද උදේ ලතා හින්දා මගේ මූඩ් එක අප්සෙට්.... ඒ පාර මොකද වුනේ ආ...... ඔයා ඉතින් හැමදේකටම ආ.....ආ කිය කිය ඉන්න.... ගෑණු ඔක්කොම එකයි කියා යන්න ගියා.......සාරංග විතරක් යනකොට මම විතරක් ඉදලා හරියන්නෙ නෑ....කියා සිතූ සාරදත් ඒ පස්සෙන්ම කොස්සත් අරන්ම ගියා... සෝමා නැන්දා හිතයි තිලකගෙ ලේලි කොහු පාර දෙන්න එනවා කියලා.... උබත් එක්ක ඉන්න බැරි නිසානෙ උබේ ලේලිත් යන්න ගියේ ......උබලා ඔක්කොම එක පැත්තට වෙනකොට ඉතින් ගෙදරට එන ලේලි තනි වෙනවනෙ...උබ හිතන්නෙ ඕවා අපි දන්නෙ නෑ කියලද බං.....ගමේ හැමතැනම කතා වෙනවා ඕවා..... මේ ඔය❝ කෙහෙල් ඇවරිය වගේ තියෙන උබේ දත් තිස්දෙක බඩට යන්න දෙනවා දැනගනින්❞ අම්මා එහෙම කියනකොට නම් සාරදාට බකස්ගාලා හිනා ගියා....
සාරංග සාරදාව දැක්කෙ එතකොට ..... ඔයා මොකද මේ කොස්සත් උස්සගෙනම මගෙ පස්සෙන් සද්දයක් නැතුවම එන්නෙ...... මම ගින්න නිවන්න එන්නෙ ඇයි එපාද.... ඇහ්....ඔයා ඒගැන හිතුවා නම් මීට කලින් එන්නෙ.... එහෙම කරන්න තිබ්බා මගෙ මූඩ් එක අවුල් නොවුනා නම්..... අම්මා මොකද මේ උදේම කෑ ගහන්නෙ...❓සාරංග එහෙම කියාගෙන අම්මා ලගට ගියා..... මේ පේන්නැද්ද කරලා තියෙන විනාසෙ කියා අම්මා උණ පදුරු සාරංගට පෙන්නුවා...... ඇත්තමයි සරුවට වැඩිලා තිබුන උණ පදුර තැම්බිලාම ගිහින් ...වේලුණු උණ කොළ ගිනි අරන් ඒ අවටම විනාශ වෙලා ගිහින් ..... දැන් ඉතින් ඇති දෙන්නා කෑ ගහ ගත්තා නතර කරන්න.....කඩේට ආව මිනිස්සුත් මේ පැත්ත බලනවා...ලැජ්ජාවෙ බෑ.....ඔය දෙන්නා කෑ ගහන කෑ ගැහිල්ලටද මන්දා උණ පදුර හොඳට ගිනි අරන්...... නෑ පුතා අපි මේ ඉඩම විකුණලා යනවා ...තව සතියකින් මෙහෙට අලුත් කට්ටියක් එයි.... එහෙම ද නැන්දෙ....❓ හ්ම්ම් ඔව් පුතා...
සාරංග මැදිහත් වී ප්‍රස්නය විසදුවත් උණ පදුර ඒ වන් විටත් කොටසක්ම විනාශ වී තිබිණ..... එක අතකට අපිත් වැරදියි ..... ඒ කොහොමද අම්මා විගසින් පැනයක් මතු කලා....... වැටවල් අස්සෙ ගස් හිටවනවට... බලන්නකො උණ පදුරෙන් බාගයක්ම තියෙන්නෙ එහා වත්තේ.... සාරංග එහෙම කියනකොට භැමෝම ඒ දිහා බැලුවා..... එක අතකට ඒකත් ඇත්තමයි උණ පදුර දිහා බලපු හැමෝටම එහෙම හිතෙන්න ඇති....... ඒ අතර අසේලත් කඩේට ඇවිත්......නයනට අසේල දැකලා හිනා ගියා..... මොකද මම දැක්කාම හිනා වෙන්නෙ ආ.. මගේ මූණේ පෙරහැරක්වත් යනවද...... ඔයාගෙ මූණේ නෙවෙයි අනෙ අපෙ නැන්දම්මා අල්ලපු ගෙදර නැන්දට දෙහි කපනවා ඇහෙන්නෙ නැද්ද ආහ්......ඒකත් එහෙම ද...... කොහෙද ඉතින් අසේල කනේ වයර් ගහගෙනනෙ ඉන්නෙ ඒවා ඇහෙන්නෙ නෑ එයාට.....බයික් එකේ යනකොට ඕවා කනෙ ගහගෙන යන්න එපා හලෝ...
රට හිටපු යාලුවො ඉතින් කතා කරනවා... නයනා ඒකනෙ..... හ්ම්ම් කවුද දන්නෙ රට කෑල්ලක්වත් සෙට් කරගෙන ද කියලා...... ආහ්....අරාබි කෑලි මොකටද බං.......සුන්දර ලලනාවක් මට ඉද්දි..... අප්පටසිරි ......පුදුම ආදරයක්නෙ මුගෙ තියෙන්නෙ..... එහෙම තමා.....බං..... ඒ කොහොම වෙතත් බලාගෙන වාහන වල යද්දි.....දැන් මොනාද ඕන..... හුටා...ඔයත් එක්ක කතා කරපු හින්දා...ගෑ/ණි ගේන්න කියපු දේත් මතක නෑ.... ඔය පේන්නැද්ද මෙලෝ සිහියකින් නෙවෙයි ඉන්නෙ මෙයා නම් මේ ඔයාගෙ නැන්දම්මා දෙහි කපලා ඉවරයි වගෙ නේද ........ මේ තව ටිකකින් ඔයාටත් කපයි අසේල.... ඒ මොකද .....❓
විහිලුවට කිවුවෙ අනෙ........ ආහ්.....එහෙනම් මට ඉස්සරින් මේ ගෙදර ඉන්න අයට දෙහි කපන්න වෙයි.... හ්ම්ම් එයාලට රෑම දෙහි කැපුවා..... ඇත්තමයි නයනා නැන්දම්මා මේ පැත්තට එනවා පේනවා...එහෙනම් මම යනවෝ...... ඔහොම හිටු අසේලයා.... .නයනා හිනාවෙලා කිව්වා .......... ඒ අතර ඇත්තමයි නැන්දම්මා ආවෙ ආවේස වෙලා වගෙ.... ඈ.....නයනා අර ගෑණී මට බනිනකම් බලාගෙන හිටියා නේද කඩේට වෙලා.....පැත්තටවත් ආවෙ නෑ. මගෙ කෙල්ල විතරයි ආවෙ... ඉතින් අම්මෙ කඩේ සෙනග පිරිලනෙ..... පුදුම ලේලිලා. ........සාරදා.... ආවෙත් අවසාන මොහෙතෙ.......මට ගැහුවාත් ඉතින් ඔච්චර තමා....... මෙතෙක් වෙලා මේ කතාව අහගෙන හිටි අසේල කතා කරන්නට විය....... නැන්දාට අත උස්සනකම් අපි බලාගෙන ඉන්නවද ...... ආහ්.....පේනවද....අසේල පුතාගෙ ....තියෙන මනුස්සකම.....කියා පිටට තට්ටුවක් දැම්මා........ අපි ඉතින් දකුණේ කොල්ලනෙ නැන්දෙ....අසේල කිවුවෙ හරිම ආඩම්බරයකින්....... ඒ කිවුවෙ පුතේ......
අපි මෙහේ හිටියට අපේ තාත්තා මාතර...අකුරැස්සෙ...... ආහ්...දැන්නෙ ඒක දන්නෙ...... ඈ....පුතේ ඔය දකුණු පැත්තෙ මිනිස්සු හරි දරුණුයි කියන්නෙ ඇත්තද........ හ්ම්ම් ...... දැන් නම් ඉතින් කොහෙ ඉන්න එවුනුත් දරුණුයි වාගෙ නේද නැන්දේ කියා නයනට පේන්න ඇසක් ඉගි මැරුවා..... මේ බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරපු පූසෙක්වත් ගේන්න හොද නෑ කියලා කතාවක් තියෙනවා නේද අසේල නයනා හිනාවෙවි ඇහුවා....... ආහ්..... දැක්කද නයනා නැන්දා මට දීපු ලකුණු ..... අනේ පලයං බං........කඩේට ආප්ප ගන්න ආව උබ ලකුණු දාගත්තා..... මෙතන හිටපු මම නිකං නෝන්ඩි වුනා..... හී......හී..... හී......අසේල හිනාවෙලා යන්න ගියා........ ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
අප්පෝ ඔයින් ගියා ඇති....සාරදා කිවුවෙ දිග සුසුමක් හෙලමිනි...... නංගිට ඇහුනෙ නැද්ද සද්දෙ......? අක්කා එහෙම ඇසුවේ සාරදා එතනට ගියේ වලියේ අවසාන අවස්ථාවේ නිසාවෙනි...... මම අක්කෙ ගේ අස් කර කර හිටියේ මකුළු දැල් බැදිලා කැතේ බෑ....ඇරත් දැන් ඉතින් කාමර තුනක්ම හිස්නෙ....ඔක්කොම අස් කරා.....නයනත් ඇදත් අරන් ගිය නිසා ඒ කාමරෙ එහෙම් පිටින්ම හිස්... දැන් ඉතින් මහ ගෙදර පාලුවට තියේවි නේද.....අපි තුන් ගොල්ලොම ගියානෙ..... එකට ඉන්නකොට කොහොමද නයයි....මුගටියයි වගේ.....වෙන් වුනාම පූස් පැටව් වගේ සාරදා කිවුවෙ අක්කට හින් පාස් එකට හ්ම්ම් එහෙම තමා ඉතින් කොහෙත් ...... ඒ වුනාට ඔය දෙන්නටත් එතන්ට එන්න තිබ්බා.....අම්මා පව්...තනියම...... මමත් මේ ගෙදර ඉන්නකොට කොච්චර නම් තනි වුනාද...❓හැමෝම එකතුවෙලා මට කොච්චර දේවල් කිව්වද....සාරංග හොඳ නිසා හැමදේම ඉවසගෙන හිටියා.. බැරිම තැනනෙ මම ගියේ...දැන් තමා මම නිදහසේ ඉන්නෙ හා.....හා...එහෙනම් ඔයා නිදහසේ ඉන්නකෝ.......හැබැයි මල්ලිට අනං මනං කියලා එයාව අපෙන් ඈත් කරන්න එපා
.
හ්ම්ම් ඉන්නවා...තමා....මල්ලිත් දන්නවා කාගෙ කාගෙත් හැටි ඔයාගෙ කේළං අහලා එයා වෙනස් වෙයිද දන්නෑ.... පේන්නැද්ද උදේ ලතා අක්කා අම්මට උල් පන්දම් දෙද්දි අම්මත් එයාගෙ පැත්ත ගත්තෙ....මාව දෙකේ කොළේට දාලා....ඒවට කව්රුත් කතා කරන්නෑ.. ......තමන්ට කරදරයක් වෙද්දි තමා කව්රුත් නෑ කියලා කෑ ගහන්නෙ.... ඔයා දැන්ම ඔහොම නම් පස්සට කොහොම වෙයිද දන්නෑ....... ඒවා කියන්න බෑ........
අක්කත් එක්ක දැන් හරි මේ දේවල් කියන්න ලැබුණු එකට සාරදා නම්.හිටියේ හරිම කැමැත්තෙන්.....හිත රිදුනත් කමක් නෑ.....මට දැන් මගේම කියලා ඉන්න තැනක් තියෙනවා නෙ අක්කා සාරදා දිහා බලලා ගස්සගෙන ගියේ අයියාගෙ කටහඩ ඇසීමෙනි..... එනවා මෙතන හරි වැරද්ද කියලා දෙන්න දැන්.....මම තනි වෙනකොට අම්මලා දුවලා එක පැත්තට වුනා...දැන් තමා මගේ අගෙ තේරෙන්නෙ....සාරදා තනියම කුටු කුටු ගාලා කියෙව්වා.... කුමාරී බත් ටිකක් බෙදලා දෙන්නකො හරි බඩගිනියි අයියා අක්කට කිව්වා. පොඩ්ඩක් ඉන්න අල හොද්දක් හදනකම්...ඔයාට ඉතින් හොද්ද එපැයි ඔය ගෝඩා හොද්ද හදාගෙන එනකොට ඉතින් කීය වෙයිද බං.. ඊයේබ රෑ ඉතින් ඔයාලා හරියට කෑම කෑවෙ නෑනේ බිව්වා මිසක්.....අපරාදෙ ඔයාලා බත් එක අහරෙං මෙහෙං කාලා බල්ලට දැම්මනෙ..... ඒව එහෙම තමා....
එහෙම තමා අනේ තරුණ කාලේ.....ඇරත් ගොඩ කාලෙකින් නෙ සෙට් වුනේ..... අක්කා දුම් දමන උණු බත් පොල් සම්බෝල හා අල හොදි සමග අයියාට දුන්නා..... ❝අප්පා සම්බෝලේ පාට නම් රතුම රතුයි....පට්ට වගෙ ❞අයියා සම්බෝල සමග උණු බත් කටක් කමින් කිව්වා. ඒ අතර සාරදා කුස්සිය ය එමින් හිටියා...නංගී බත් කන්න උණුවෙන් සම්බෝල නම් පට්ටම රසයි.....මොනාද අප්පා දැම්මෙ මේකට... අනේ අයියේ මම හාල් මැස්සෝ ටිකක් පුච්චලා ගලට දාලා ඇබරුවා.... හ්ම්ම් නියම...පාටයි....සුවදයි...රසයි....ඒකම ඇති බත් කන්න....කියා අයියා කියනකොටම අක්කා මැද්දට පැන්නා.... මේ ඔහේට හොදි නැතුව බත් කන්න බෑ කියපු නිසානෙ මම මේ තකට තකේ අල හොද්දක් හැදුවේ... ...දැන් ඉතින් සම්බෝල ගැන කියවනවා.....
අක්කට දැන් වෙච්ච් කතා බහට සාරදා ගැන මල පැනලා තියෙනවා කියලා සාරදාට තේරුනා අනේ කුමාරි ඒක ගෝඩා හොද්ද වගේනෙ...කිසිම උකු ගතියක් නෑනෙ....හොද්ද නිකං වතුර වගෙයි..... අනේ මේ දිමුතු දැන් කිව්වා නේද පොල් සම්බෝල විතරක් එක්ක කෑවත් හොදයි කියලා..... දිමුතු අයියා අක්කා කියපු දේ ඇහුන්නෑ වගේ බත් කන්නට වුනා.... මේ අතර අම්මත් බත් කන්නට සැරසුනා....ඇත්ත නේන්නම් අපේ කෙල්ලෙගෙ හොද්ද තනිකරම ඇල් වතුර වගේ....කිසිම උකු ගතියක් නම් නෑ......අම්මා මගේ මූණ දිහා බලාගෙන කිව්වා ......මේකට අල් කෑලි දෙක තුනක් පොඩි කරලා දැම්මා නම් හොදයි කියා අම්මා නැවත අල හොද්ද හැදුවා.... අනතුරුව කාපු සියල්ලන්ම අල හොද්ද රසයි කියා වර්ණනා කර කර කන්නට වුනා..... ම්ම්ම්ම්ම්....බලන්න අපෙ දිමුතු අල හොද්ද රස නෑ කිය කිය මට බැන්නනෙ මේ තියෙන්නෙ නියමෙටම අක්කා උදම් අනන්නට උනා.... මම අල ටිකක් පොඩි කරලා දාලා හොද්ද ආයෙම හැදුවා.. ඒ පාර තමා ඔය රස අම්මා එහෙම කියද්දි අක්කා බිම බලා ගත්තා.... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ දින කීපයකට පසු..... මේ සෝමෙලාගෙ ගෙදර ලොරියක් ඇවිල්ලා තියෙන්නෙ මොකෝ.....තාත්තා ඇහුවේ ඒ දෙස බලාගෙන ...... එයාලා මෙහෙන් යන්න වගෙයි....එදා පුතා එක්ක එහෙම කතාවක් කිව්වා අම්මා ඕනෑවට එපාවට වගෙ උත්තර දුන්නා.... ඔහේ මොකද නිකං අමුතු විදිහට උත්තර දෙන්නෙ....ඈ....
.
ඇයි අනේ ඔයාට මතක නැද්ද රණ්ඩු වුනා..... ආහ්..... ඒකයි මේ.....හැබැයි ඉතින් එයා ගියාම ඔයාට තමා පාඩු.... ඒ මොකෝ අනෙ ඒ.. නෑ ඉතින් රණඩු වෙන්නවත් කවුරුත් නෑනෙ.....කියා තාත්තා හිනා වුනා.... ❝ඕකුන් යන එකම තමා හොද...❞අම්මා උත්තර දුන්නෙ තරහෙන්. අපේ හාමිනෙගෙ තරහ තාම නිවිලා නෑ එහෙනම් ..... ඇහ් ....ගෑණුන්ගෙ තරහ එහෙම ලේසියෙන් නිවෙන්නෙ නෑ අපෙ මහත්තයා ....... ඒකත් එහෙම ද..ආ... මොකද මොකද දෙන්නාගෙ කටේ සද්දෙ කියාගෙන සාරංගත් ආවා.... නෑ..පුතා දන්නැද්ද මේ ගෑණුන්ගෙ හැටි තරහ මරහ හිතේ තියාගෙන ඉන්නවා.... හ්ම්ම් සහතික ඇත්ත තාත්තා .....ඒ කතාවට නම් තාත්තා ගෙ කටේ මසුරන් දාන්න වටිනවා....
😀😀😀😀😀😀 .
මේ අල්ලපු ගෙදර අය ඉඩම විකුණලා යනවා වගේ නේද ලොරියට බඩු පටවන්නෙ...... හ්ම්ම් ....ඔව්.....එදා කිව්වා මාත් එක්ක එහෙම කතාවක් සාරංග සෝමා නැන්දගෙ ගේ දෙස බලමින් කිව්වා..... ❝කව්ද තාත්තා ඔය ඉඩම අරන් තියෙන්නෙ ❓❞ ❝කොළඹ පැත්තෙ කට්ටියක් ......❞ ❝ඈ......ඔය කොළඹ රටේ හිටපු ඇත්තන්ට පුලුවන් ද ගමේ ඉන්න.... සමහර අය කොළඹ හිටියට ගම් වල ජීවත් වෙන්න කැමති අය ඉන්නවා..... ඒක ත් එහෙම ද අම්මා ඇසුවෙ පුදුමයෙනි...... අපේ නෝනට දැන් ඉතින් හොදා ...කොළඹ අය ආශ්‍රය කරන්න ලැබෙනවනෙ...... හප්පා සෝමෙ අක්කට අන්ත වෙයිද දන්නෑනෙ....... නෑ....අනේ කොළඹ පැත්තෙ අය අනුන්ගේ දේවල් හොයනවා අඩුයි....ඒකට පේන්නැද්ද අපේ ගම් වල හැටි....අල්ලපු ගෙදර බල්ලෙක් බිරුවත් හොයනවා මොකටද බුරන්නෙ කියලා.... ඒක නම් ඇත්තමයි ...... මේ අතර සාරදා රෙදි පෙරෙදි නමමින් සිටියා...සාරංග අද අපි යමු නේද ...... තව දවසක් දෙකක් ඉදලා යන්න පුතේ...කාලෙකින් නෙ ආවෙත්...ඇරත් ළමයින් ට ඉස්කෝලේ නිවාඩු නේද..... තාත්තා එහෙම කියනකොට සාරංග සාරදාගේ මූණ දිහා බැලුවා....❝.ඔයා මොකද කියන්නේ ❞ කියලා අහනවා වගේ.... තාත්තා අපෙන් උත්තරයක් බලාගෙන ඉන්නවා......ඒ අහිංසක මූනේ තියෙන ආදරය දැක්කාම සාරදාටත් තව දවසක් දෙකක් නවතින්න හිතුනා.....
හ්ම්ම් එහෙමනම් අනිද්දා යමු.....සාරදා එහෙම කියනකොට තාත්තා ගෙ මූන්ව් සිනා රැල්ලක්න්මතු වුනා...ඇත්තමයි මහ ගෙදර ආදරණීය චරිතේ.... සාරාදා ගෙදර යන ගමන දින දෙකකට කල් දැම්මා....ඒඅතර අක්කා ඇවිත් අපි යන්නම් අම්මා දැන් හිටියා ඇති මෙහෙ.... අම්මා ගත් කටටම ❝කොහෙ යන්නද කෙල්ලෙ...මේ තියෙන දෙයක් කාලා ඉන්න යයි කිව්වා... මම ගිහින් හවස් වෙලා එන්නම්...අම්මෙ.. හා... හා...... අක්කා ගිය පසු අම්මා අක්කා ගැන උදම් අනන්ට වුනා... ❝මගේ කෙල්ල තමා මට කවදාහරි බලන්නෙ ... මේ පේන්නැද්ද කෙල්ල ගෙනත් දීපු බාටා දෙක කියා කකුලට දාගෙන හිටපු බාට දෙක පෙන්නුවා. එතකොට අම්මා අම්මගෙ පුත්තු දෙන්නා මුකුත් කරලම නැද්ද .....අපි බදින්න කලින් සාරංග නේද ගෙදර හැම වියදමක්ම බැලුවේ.....අනික අපි හැමෝම ගියාට පස්සෙ මල්ලිත් බැලුවා නේද අම්මාලට...... සාරදා එහෙම කිවුවෙ ටිකක් කේන්ති ස්වරයෙන්....බව එතන හිටිය කාටත් තේරෙන්නෙ ඇති..... තාත්තාත් හිමින්ම කඩේ පැත්තට ගියා මොන මොනවදෝ මුමුණමින්..... අම්මා හිමීටම සාරදා දෙස හොරැහින් බලනවා සාරදා දැක්කා... මේ අම්මණ්ඩි කොච්චරවත් දුව ගැනම තමා වර්ණනා කරන්නේ ....මෙච්චර කරපු සාරංග කැලේ.....කමක් නෑ බලමුකෝ සාරදා කියන්න ගියපු ඒ වචන ටික ගිල ගත්තා..... හවස් වීගෙන එනකොට අක්කා නාගෙන අයියත් එක්ක මහ ගෙදර ආවා....ඒ එනකොට පොඩ් මල්ලකුත් අරගෙන ආවා....එය දුටු අම්මා..... ආ....කෙල්ල උයාගෙනම ඇවිත්....නෙ කියා මුවාගට සිනා රැල්ලක් මතු කර ගත්තා....අම්මා එහෙම කිව්වපාර අක්කගේ මූණ දෙහි ගෙඩියක් වාගෙ ඇඹුල් වුනා..... න්....නෑ.අම්මෙ මේ ම.. ම.....උයන්න කියලා අල ගෙනාවා....
.
හ්ම්ම් එහෙම ද....මම භිතුවේ උයාගෙන ඇවිත් කියලා...... . අක්කා එහාට මෙහාට වෙනකම් ඉදලා සාරදා හිමීටම මල්ල බැලුවා.... අප්පටසිරි .....යකෝ මුං පුදුම මිනිස්සු නෙ....අලගෙඩි දෙකයි,ලොකු ලූණු ගෙඩි දෙකයිනෙ ගෙනත් තියෙන්නෙ...එහෙනම් එයාලගෙ පවුලට විතරක් වෙන්න ඇති කියා ඒ අසලින් ගිය සාරංගට මල්ල පෙන්නුවා..... මෙහෙමත්.මිනිස්සු ඉදලා ඉදලා මහ ගෙදර ආවාම අපිම බඩු ගෙනල්ලා අපිම උයන්න ඕනෙ.. සාරදා සාරංගට ඇහෙන්න කිව්වා......එන එකත් එක්ක එපා කරවනවා..... අනේ සාරදා ප්‍රස්න දා ගන්න නම් එපා... ආහ්....දැක්කද අක්කගෙ මල්ල..... එහෙම කිව්ව පාර සාරංග හිමීටම මගහැර ගියා........ අපි ආවාම ඔක්කොම මහ ගෙදරින් යැපෙන්නෙ බලාගෙන ඉන්නෙ.....සාරදා තමාටම කුටු කුටු ගාලා කියා ගත්තා......
දුව උයන්න ද හදන්නෙ....අපේ කෙල්ලත් ඔන්න රෑට උයන්න එලවලු අරගෙන ඇවිල්ලා...... . ආහ්.....එහෙම ද...ෂෝක්නේ එහෙනම් ....මොනවද අම්මෙ අක්කා අරගෙන ඇවිත් තියෙන්නෙ......සාරදා නොදන්න ගානට ඇහුවා.... ඔය මල්ලෙ ඇති දුවේ බලලා ගන්න.... අක්කා පොඩි පුතාගෙ කඩේ පැත්තට ගියා ... හවසට හරියට කට්ටිය එනවනෙ කඩේට........පොඩ්ඩක් උදව්ව්ක් කරන්න කියලා ඔය ගියේ..... හ්ම්ම් ...ඒකත් එහෙම ද...... ඔව් ඉතින් හවසට ගෙදර නිකම්මනෙ ඉන්නෙ.....ගොඩක් දවස් වලට මෙහෙම තමා කරන්නෙ....මල්ලිට ටිකක් උදව්ව්ක් කරලා රෑ වෙලා යනවා...මොකද ළමයි වැඩිපුර ඉන්න කැමති.මෙහෙනෙ...... හ්ම්ම් ....හොදයි එහෙනම් අම්මට පාලු නැතුව ඇති..... ඒකනං එහෙම තමා..... අක්කා මොනාද අම්මෙ ගෙනත් තියෙන්නෙ.....❓ අම්මම ගන්න බලන්න කියා සාරදා මුව බිමට නැඹුරු කරගෙන අතින් කට තද කරගෙන හිටියා හිනා යන නිසා....❝මෙයාගෙ නල්ල මලේ දුව ගෙනත් තියෙන දේ මෙයාම බලපුදෙන්..... අම්මා කට ඇරගෙන අක්කගෙ මල්ල දිහා බලාගෙන ඉන්නවා දැකපු සාරදාත් එතන්ට ආවා...... ආහ්.....අල ගෙඩි දෙකක්ම තියෙනවා නේද අම්මෙ....... හ්ම්ම් .....
අම්මට හ්ම්ම් කියනවා ඇර වෙන කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ කෙල්ලට කරදර ඇති මේ දවස් වල ඒක යි.....මේ..තිබ්බා නම් ඒකි දෙනවා....නැති කමනෙ . කරදර නම්.අම්මෙ කාටත් තියෙනවා නෙ......සාරදාත් ඇඩෙන්නෙම උත්තර දුන්නා....... මම මහ ගෙදර ට ආවම එවුන්ට සැප...ඇයි...කන්න බොන්න රිංගන්නෙ මහ ගෙදරටනෙ.....සාරංගගෙ අම්මත් ඒකටම හොදයි ඉතින් ......අම්මයි,දුවයි මම ඉන්නකම් හින්ට් ගැහුවා .....ඉදලා ඉදලා මම ආපුවාම මමම උයලා කන්න දෙන්න ඕන...එහෙම නොකලොත් අම්මගෙ හිත හොඳ නෑ....පුදුම දේවල් අප්පා.....සාරදා හිතින් බැන්නා......
.
දුව මොනාද හදන්න හදන්නෙ...❓අම්මා එහෙම අහනකොට තමා ඇය පියවි සිහියට ආවේ... ආ.....අම්මා.....හ්ම්ම් මෙහෙත් මුකුත් නෑනෙ හදන්න.....රෑට පාන් ගේමුද.... ආ...සැමන් ටින් 2 ක් නම් තියෙනවා ....දුවේ.. එහෙනම් පානුයි සැමනුයි හදමු..... අම්මා... හපොයි.....කීයක් කියලා ගේන්නද....දුවේ..මගෙ කෙල්ලට සල්කි තියෙනවා ද දන්නෙත් නෑනේ අම්මත් බලන්නෙ අපි ලව්වාම දුවගෙ බඩ පුරවන්න....... ඉතින් අම්මෙ තම තමන්ගෙ පවුල් වලට තම තමන්ට පාන් ගන්න කියමු..... ඉතින් දුවේ 13 දෙනෙක් ඉන්නවා
අපි කීය කීය හරි දෙන්න කියමු....පාන් ගේන්න....අර අක්කගෙ අල ගෙඩි දෙකත් සැමන් හොද්දට දාමු...නැත්නම් අක්කා තරහ වෙයි...එයා ගෙනාපුවා ගත්තෙ නෑ කියලා......සාරදා හිනාවෙවි එහෙම කිවුවෙ අම්මා මොකද කියන්නේ කියලා බලන්න..... පෙනේද සරදාගෙ හැටි...ඇගට නොදැනී මගෙ කෙල්ලට හින්ට් පාස් කරනවා...... ඈං.... . ඈං........පීප්.....පීප්......ආ....ලොකු අම්මා අපිත් අද රෑට මෙහෙන් කන්න එනවා.... හොදෙ.... ඇහ්......ඇයි අම්මා උයන්නෙ නැද්ද පුතෙ අපෝ අපේ අම්මා උයද්දි මහ රෑ වෙනවා... එහෙනම් ඔයාට පුලුවන් ද පොඩ් වැඩක් කරන්න..... මොකක්ද ලොකු අම්මෙ....
ම්ම්ම්ම්....ඔයා ගිහින් අම්මගෙනුයි, නැද්දාගෙනුයි රෑට පාන් කන්න සල්ලි ඉල්ලගෙන එන්න.....පානුයි සැමන් හොදියි.... හ්ම්ම් .....නියමයිනෙ ලොකු අම්මෙ..මම ආසම කෑම සැමන්...... හරි.....එහෙනම් ඔයා යන්න..... ආ....මෙ ඔයාගෙ සෙල්ලම් බඩු මල්ල ආ..දෙන්න.....මම අරගෙන යන්නම්.... මතීෂ සෙල්ලම්.බඩු මල්ලත් අරගෙන කඩේ පැත්තට ගියා..... නයනා මුකුත් හිතයිද දන්නෑ පාන් වලට සල්ලි ඉල්ලනවට....නේද දුවේ මොනා හිතන්නද...එයාලටත් එක්කනෙ ගේන්නෙ.....ඇරත් අපි මහ ගෙදර ආවා කියලා ඔක්කෝටම කන්න දෙන්න අපිට බෑනෙ.....හරි නම් එයාලා උයලා අපිට කන්න දෙන්න ඕන..... ඒක කිව්වා විතරයි ගැරඩියාට භූමිතෙල් ගැහුවා වාගේ නැන්දම්මා කොහෙන් ගියාද දන්නෙ නෑ......සාරදාට හිනා......ඔක්කොම කන්න බලාගෙන ඉන්නෙ අපෙන්නෙ.....මේවත් පුදුම මහ ගෙවල් තමා..... මතීෂ කඩෙ පිටි පස්සෙන් ගිහින් ඔහුගේ අම්මට කතා කලා...ඒත් කිසිම හැල හොල්මනක් නෑ.... නයනා බලන්නෙවත් නෑ.... අම්මා.....අම්මා.....මතීෂ ආයෙත් කෑ ගැහුවා..... මොකද ළමයෝ කෑ ගහන්නෙ ආ...නයනා කඩේ ඉදන්ම උත්තර දුන්නා.... මේ අම්මට අන්නාසි ගෙඩියක් ගෙනාවා.... ඒක ඇහුන පාර නයනා අක්කට කඩේ පොඩ්ඩක් බලාගන්න කියලා පිටි පස්සට ගියා... ආ....මොකෝ මේ බෙරිහන් දෙන්නෙ....මොනාද ගෙනාවා කිවුවෙ ... අම්මට අන්නාසි ගෙනාවා
කෝ..... මේ මල්ලෙ ඇති කියා සෙල්ලම් බඩු මල්ල පෙන්නුවා.... සුවදක්වත් නෑනෙ අන්නාසි වල මේවා සුවද නැති අන්නාසි ... මතීෂ උත්තර දුන්නෙ හිනාවෙවි........ නයනා හරිම ආසම කෑමක් නිසා ඉක්මනින් මල්ල බැලුවා..... කෝ මේකෙ අන්නාසි නෑනෙ....මේ ඔයාගෙ සෙල්ලම් බඩුනෙ තියෙන්නෙ.. 😀😀😀😀😀 මම අම්මට කොච්චර කතා කෙරුවද... ඒත් ආවෙ නෑ....අන්නාසි තියෙනවා කිව්ව පාර ආවා....අම්මා ගෙන්න ගන්න ඕන නිසයි එහෙම කිවුවෙ හූ....හූ....අම්මා රැවටුනා.....මතීෂ උස් හඩින් හිනා වෙන්නට විය.....කඩේට ආව කීප දෙනෙක් ද ඒ පැත්තට කන් යොමන්නට විය... පෙනේද කොල්ලගෙ තාලෙ.....කඩෙ සෙනගත් එක්ක.....අද අලගන්නම්කො....... හී......හී.......අම්මා රැවටුනා.....ලොකු අම්මා කිව්වා රෑට පාන් කන්න සල්ලි ඉල්ලගෙන එන්න කියලා... මතීෂ කියන්නට විය.... පාන්.....ඒ කියන්නේ අදත් කෑම මහ ගෙදරින්ද......ආ.... ආහ්.....එහෙනම් හොදයි......ඒත් ඉතින් සල්ලි ඉල්ලපු එක තමා වැරැද්ද හ්ම්ම් .....
එහෙනම් ඉතින් මම කියන්නම ලොකු අම්මට ..... අම්මා බෑ කිව්වා කියලා..... ඔහොම ඉන්න...පණ්ඩිතකම් කියවන්නෙ නැතුව අම්මට පාන් කන්නත් ඕන......ඒත් සල්ලි දෙන්න කැමතිත් නෑ...... කමක් නෑ ඉතින් එහෙම හරි හොදයිනෙ..... .කීයක්ද පුතේ....ඇය ආදරෙන් පුතාගෙ ඔලුව අතගාන්නට විය....ලොකු අම්මට කියන්නනෙපා මම කියපුවා හරිද...... මතිෂ ඔලුව වැනුවා විනා මුකුත් කීවේ නෑ..... මේ මම කලින් බෑ කිව්වා කියලා එහෙම කියන්න්නෙපා හාද.....නයනා නැවත වරක් කියා සිටියා...... හ්ම්ම් හ්ම්ම් ..... කීයක්ද ගේන්න කිවුවෙ පුතේ
ගාන කිවුවෙ නෑ......... ලොකු අම්මා මොනාද පාන් කන්න හදනවා කිවුවෙ ...... සැමන් හොදි....... ආහ්....පට්ටනෙ.....කියා දිව ගොස් රුපියල් 500 ක්ම දුන්නා.....නැන්දලාටත් එක්ක ගන්න කියන්න...... සල්ලි ගත් පසු මතීෂ විදුලි වේගයෙන් මහ ගෙදර ට දිව්වා....... අම්මයි..සාරදයි එකතුවෙලා රසම රස සැමන් හොද්දක් හැදුවා..... ම්ම්ම්ම් ......වාව්....සුවදක් එනවා... අද රෑට පට්ට රසට සැමනුයි පානුයි කන්න පුලුවන් .... මතීෂ ඉව අල්ලා එහෙම කියනකොට සාරදාට හිනා ගියා.....
මේ කොල්ලා පැහිලා ඉන්න තරමක්.....කොහෙන්ද ඔය පට්ට කෑලි හොයා ගත්තෙ..... ඔය කට්ටිය කියන්නේ ලොකු අම්මෙ.... අනේ කොල්ලෝ කියා මතීෂගෙ ඔලුව අත ගෑවා..... ඒ අතර අක්කයි .අයියයි කඩේ පැත්තේ සිට ආවා...... ආ....ගින්දර වගෙ පාටට සැමන් හොද්දක් හදලා තියෙන්නෙ...දකිනකොටම කටට කෙළ උනනවා....කියාගෙන දිමුතු සැමන් හොද්ද දිහා බලාගෙන හිටියා....කොහෙද ඉතින් අපේ කුමාරි හොද්දක් හැදුවොත් නිකං ගෝඩා හොද්ද වගෙනෙ..... දිමුතු අයියා එහෙම කියනකොට අක්කා ගෙ මූණ නිකං දෙහි ලෙල්ලක් වගෙ වුනා... ඇය අයියාගේ ඇගට තට්ටු කර ❝මේ හැමදාමත් ඔයාට ඉතින් ඔය ගෝඩා හොද්ද තමා කන්න වෙන්නෙ ආ....... ඒක තමයි ඉතින් වෙන්නෙ කියා හැමෝම හිනා ගැස්සුවා......නංගිලාට ආයෙත් මෙහෙට එන්න තියෙන්නෙ දිමුතු කියන්නට විය..... අනේ.....ආයි නම් බෑ අයියේ...දුරින් ඉන්නකොට අගේ වැඩියි...අනික නිදහසේ ඉන්නත් පුලුවන් ..... සාරදා එහෙම කියනකොට අම්මයි,අක්කයි මූණෙන් මූණ බලාගෙත්තා...... කොච්චර හිටියත් ඉතින් අවසානෙට එකයි බලන්නෙ...අම්මත් කැත්තට පොල්ල වගෙ කියලා දැම්මා.... කතාව දුරදිග ගොස් ....තියෙන ඇයි හොදයියත් නැතිවෙයි කියා සිතූ දිමුතු අයියා......❝හරි......හරි.....දැන් කාලා ඉමු නැත්නම් සැමන් හොද්ද වාෂ්ප වෙයි❞ කියා හැමෝම හිනා ගැස්සවූවේ මේ කතාව මෙතනින් ඉවර කරන්න සිතාගෙනයි...... සාරදා ඉස්සර වගේ නෙවෙයි නේද අම්මෙ....දිගට හරහට අපිට හින්ට් පාස් කරනවා....අක්කා කාටත් නොඇසෙන ලෙස එළියට ගොස් කියන්නට විය.....
මටත් ඒක නම් තේරුම් ගියා.....මේ හිටපු දවස් ටිකට අපේ මල්ලි නිසා ඒකී සැප විදිනවා....අක්කා වටපිට බල බල කියන්නට විය...... ඒකනේ වෙන එකෙක් අහුවුණා නම් මෙලහකට සාරදාගෙ දත් ඇන්දත් කඩලා.....අපේ පෝරිසාදයා හින්දම හොදයි.....ඒකිගේ කීමටනෙ වෙනම ගෙදරකුත් හදාගෙන ගියේ...... ඒකනේ අම්මෙ...පෙලක් වුට අපේ මල්ලිට ගුලියක් අඹරලාද දන්නෙත් නෑ.....ඒකි කියන කියන පදේට අපේ මල්ලිත් නටන්නෙ..... ඒවා කියන්න බෑ කෙල්ලෙ..... අම්මයි අක්කයි පේන්න නෑ....කන්න ලෑස්ති වෙච්චි වෙලේ මේ දෙන්නා කොහාටද දන්නෑ ගියේ....පෙලක් විට දෙන්නම එකතු වෙලාමට දෙහි කපනවද දන්නෑ.......... අම්මා එන්න කන්න......සාරදාගෙ හඩින් අම්මයි ,අක්කයි දෙන්නම එලියේ සිට ගෙට ආවේ.....❝ආ.....දුව කෑමත් ලෑස්ති කරලනෙ❞ කියාගෙනයි......
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
ලොකු අම්මෙ.....ලොකු අම්මෙ....මටත් වීදුරු පිගානකට හොදි දාලා දෙන්නකො...ඔක්කොම කන්නෙ වීදුරු පිගන් වල.....මට විතරක් ප්ලාස්ටික් පිගානක්..... මතීෂ ඇවිටිලි කරන්නට විය.. ඉතින් ඔයා දැක්කද අත්තම්මා කන එක මේං බලන්න කියා පෙන්නුවා.... ඔය මොකක්ද ඔය❓ මේකට කියන්නේ මඩක්කුව.... මොකක්ද මඩපුවක් ඒ මොකක්ද ඒ අනේ කොල්ලො ඉස්සර ගම් වල මේකට කියලා තියෙන්නෙ මඩක්කුව කියලා....දැන් කියන්නේ ඒකට මැටි කෝප්පයය කියලා....
.
ඇහ්...එතකොට නම් දෙක්ක තියෙනවා නෙ ඒකට..... ඔව් පුතේ.....ඉස්සර කාලෙ කියපු වචන වෙනස් ඉතින් ....... මතීෂගෙ ආසාව නිසාම ඔහුට සැමන් හොදි වීදුරු පිගානට දාලා දුන්නා.... මතීෂ ට ඉතින් හරුම අසාවෙන් වීදුරු පිගාන ගෙන සෙනුල්‍ය ලගට ගියා...... ආ....මෙයාට හොදි ගොඩක් දීලා....සෙනුල්‍ය කියන්නට විය..... අම්මෝ මෙහෙමත් ළමයි.....අනුන්ගේ පිගන් වලට එබිලා බලන්නෙ නැතුව තමන්ගෙ පිගානෙ තියෙන එව්වා කාලා ඉන්න....සාරදා සැර කරන්නට විය... සෙනුල්‍ය හිමීටම මතීෂ ගෙ පිගානෙන් පාන් කෑල්ලකට හොදි ගා ගන්නට විය.... ඔයා නම් හරි පෙරේතයි අනේ... මතීෂ කියන්නට විය...... අනේ අවසාන පාන් කෑල්ලට විතරයි හොදි ට්කක් ගා ගත්තෙ...... හී.....හී..... හී........පාන් කා අවසන් වූ සෙනුල්‍ය හිනා වෙන්නට විය... ඉතින් එදා රෑට මහ ගෙදර පාන් හා සැමන් හොද්දෙ රස හැමෝටම බලන්න පුලුවන් වුනා..... මේ අපිට හැමදාමත් මෙහෙම මහ ගෙදර ලස්සන ට ඉන්න පුලුවන් වුනා නම් නේද දිමුතු අයියා සැමන් හොද්දෙ පාන් කෑල්ලක් ඔබාගෙන කටට දාන ගමන් කිව්වා ....... පේනවා නේද ඈත් වෙලා ඉන්නකොටයි,පණු හැලිය වගෙ එකට ඉන්නකොටයි තියෙන වෙනස කියා හිනාවුනා.....මෙහෙම ඔක්කොම එකට හිටියා නම් අද පානුයි සැමනුයි නෙවෙයි කන්න වෙන්නෙ කෙස් වලු පටලවගෙන තමයි ඉන්න වෙන්නෙ.....සාරදා හිනාවෙවීම කියා දැම්මෙ විහිලුවෙන්. මේ පාන් කනවා නම්.කාපල්ලා ඔය යට ගියාව අවුස්සන්නෙ නැතුව අම්මා කිවුවෙ හැමෝටම ඇහෙන සේ...... එතනින එහාට කාගෙවත් කටහඩක් ඇහුනේ නම්.නෑ..... ❝අම්මා අපි හෙට යන්න කියලා.....සාරදා නැන්දම්මාට රාත්‍රි කෑමෙන් පසු කියන්නට විය.... අනේ එහෙම ද දුවේ....මගෙ ළමයි ඔක්කොම එකට ඉන්නවානම් ඉතින් මුළු ගෙදර ම පිරිලා වගෙ.... ළමයින් ට ඉස්කෝලේ නිවාඩු ඉවර වෙන්න ළගයිනෙ ඉතින් ..... හ්ම්ම් ඒක ත් එහෙම ද...ඈට දිග සුසුමක් හෙලුනා..... ඇත්තමයි මහ ගෙදර කාලෙකින් ගියාම අපිව කාට කාටත් වටිනවා යැයි සාරදාට හිතුනා ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ පහුවෙනිදා .....
සාරදා උදේම නැගිට බතක්,පරිප්පු හොද්දක් හා හාල්මැස්සන් තෙල් දමා තිබුනා...... මේ සාරංග ට්කක් වේලාසන යමු නේද ...ගෙදර ට මොනා වෙලාද දන්නෑ මෙහේ හිටපු ටික දවසට...... මොනා වෙන්නද සාරදා ගේ හොරු අරන් යනවා කියලයැ....... මේ මම ඇදුම් ටික අහුරන්නම්.....අනේ ඔයාට පුලුවන් නම් පොල් ටිකක් කඩන්නකො......තාත්තා කිව්වා වී කොටාගෙන යන්න කියලත්..... හ්ම්ම් ඊයේ හවස තාත්තා වී කොටාගෙන ආවෙ ඒකයි එහෙනම් ...
.දැක්කද තාත්තා ට තේරෙනවා අපි ගැන......සාරදා ඇහැක් ඉගි මරමින් කිව්වා . සාරදා ඉතින් ගෙනාපු ඇදුම් පැළදුම් ටික පිළිවෙලකට බෑග් වලට අහුරන්නට වුනා...ගෙදර දැන් බඩු මුට්ටු අඩු නිසා අතුගාන්නටත් ලේසියි ...... සාරදා ඇදන් යට අතු ගාගෙන යනවිට කොස්සට යමක් අහුවුනා....ඇය හෙමීටම කොස්සෙන් එය ඇදලා ගත්තා.... එය දුටු ඇයට.එකපාරටම බකස් ගාලා හිනාගියා..... අප්පටසිරි .. එදා...බිත්තර දාලා තිබුන කප් එක.. ..මේක මොකද මේ ඇද යට..ඇය හිනාවෙවීම කප් එක අරින්නට විය.... ❝අප්පා කප් එක පිරෙන්නම බිත්තර මෙච්චර බිත්තර ගොඩක් මොකද මේ ඇද යට හංගලා....ඇය බිත්තර කප් එක අතේ තියාගෙන හැඩ බල බල හිටියා....
සමහර විට❝ කිකිළි ඇද යටටම ඇව්ත් බිත්තර දාලද මන්දා....දැන් තාක්ෂණයත් දියුණුයිනෙ.....❞ සාරදා එහෙම හිතමින් තනියම හිනා වුනා..... .
එකපාරටම නැන්දම්මා කාමරයට ආවා... හුටා....නැන්දම්මා ......❓ සාරදාට කරගන්න දෙයක් නෑ..... ආ....දුවේ ඔය කප් එක කොහෙද තිබ්බෙ.....මම හැමතැනම හෙව්වා.....මට තිබ්බ තැන අමතක වෙලා තිබ්බෙ....ඔයාලා හැමොටම දෙන්න මම බිත්තර එකතු කරලා තිබ්බෙ.....ඔයා හින්දා හොදයි.නැත්නම් මට ඕක හොයාගන්න බෑ..... ආහ් එහෙම ද.....මම ඇද යට අතුගානකොට කොස්සට පැටලුනා. කියා සාරදා බිත්තර කප් එක අම්මා අතට දුන්නා...... අම්මා තමා ගැන මොනවා හිතුවද දන්නෑ ඉතින් සාරදාට ටිකක් ලැජ්ජා හිතුනා එ ගැන.... හැමදේම අස්පස් කරපු සාරදා සාරංග මොකද කරන්නේ කියා බැලීමට ගියා... සාරංග පොල්ගස් වටේ කැරකෙනවා... ආහ් මම හිතුවා ඔයා පොල් කඩලත් ඉවරයි කියලා තාම සැරසෙනවනෙ....කියාගෙන ඒ අසලට ගියා. මොනාද සාරංග පොල් වල්ල දිහා බලාගෙන ඉන්නෙ කඩන්නෙ නැතුව ..... මේ සාරදා මම කඩන්නම් කෑ නොගහ ඉන්නකො..... වල්ල දිහා බලාගෙන බාවනා කරනවද...සාරදා හිනාවෙවීම ඇහුවා.... අනේ මේ සාරදා මගෙන් මුකුත් අහගන්න එපා.....එනවා මෙතන වල්ලක් ගැන කතා කරන්න....
😀😀😀😀😀
සාරංග පොල්ඉත්තට දමා අදින්නට විය.... ඩං ගාගෙන පොල් ගෙඩි ටික පතිත විය. පොල් වැටෙන සද්දෙට කඩේ හිටිය නයනා බෙල්ල දික් කරගෙන බලන්නට විය..... එය දුටු සාරදා.. ..මේ නයනා කඩේ හිටියට බලාගෙන ඉන්නෙ පොල් ගෙඩි දිහා යැයි සාරංගට පමණක් ඇසෙන සේ කීය.... කොහෙමෙන් කොහොම හරි සාරංග පොල් කඩලා ඉවර වුණු ගමන් මතීෂ වීල් බැරෝව තල්ලු කරගෙන එන්නට විය.... මොකද මතීෂ වීල් බැරෝවක් අරගෙන ආවේ...මුකුත් හිතා ගන්න බැරිව සාරදා ඇසීය.... ලොකු අම්මෙ අපිට පොල් නෑ.....ඒක යි විල් බැරෝව අරගෙන ආවෙ.....පොල් ගෙනියන්න ආහ් එහෙම ද......පෙනේද මේ කොල්ලගෙ හැටි........සාරදාට මතීෂ ගෙ වැඩ වලට හිනා නොගියම නෙවෙයි . එහෙනම් ඉතින් පොල් ටික එකතු කරන්න ඕන....සාරදා විහිලුවට මෙන් කීවත් මතීෂ එය කරන්නට විය.... කොල්ලා පොල් ඇහිද ඇහිද වීල් බැරෝවට දමන්නට විය....එය දුටු සාරදාට මෙන්ම සාරංගටද සිනා පහළ විය...... සාරදාට මතීෂ අවුස්සන්නට සිතුනි.... මේ දැන් ඇයි කියන්න්කෝ ඔයා මෙහෙන් පොල් ගෙනියන්නෙ ....මේවා අත්තම්මා ගෙ වත්තෙනෙ තියෙන්නෙ...... ඉතින් ලොකු අම්මෙ අත්තම්මා ගෙ වත්තේ දේවල් අපිටත් අයිතියිනෙ...මොකද මේක මහ ගෙදර නෙ....
හුටා මූ කියන දේවල් ....දැන්ම අයිතිය ගැන කියවනවා. සාරංග කැඩූ පොල් ටික කොටස් හතරකට බෙදන්නට විය..... මතීෂ වීල් බැරෝවෙ පොල් පටවාගෙන යන අපූරු ව දෙස සාරංග බලා සිටියේ සිනාසෙමිනි. ඔය කොල්ලා ඔහොමමයි....මොනා හරි ඉල්ලගෙන ආවොත් දෙනකම් යන්නෙ නෑ...තාත්තා එහෙම කියා හිනාවෙන්නට විය.... සාරදා ඇදුම් බෑග් ටික වීල් එකට පටවන අතරතුරදී අම්මා පැමිණ බිත්තර අහුරපු මල්ලක් දෙන්නට විය..... සාරදා කොහොම හරි හාල්,පොල් බොහොම අමාරුවෙන් වීල් එකට පටවනවා දුටු සාරංගට හිනා ගියා.. මේකිට තියෙන තදියම .....ඔහොම ඉන්නවා මම පිලිවෙලට පටවනකම්... හ්ම්ම් .....දන්න කෙනා ඉතින් කරන්න එපැයි.... කොහෙද ඉතින් කරලා දෙනකම් ඉන්නෙ නෑනෙ.... මේ සාරදා මේවා ඔක්කොම පටවගෙන යන්න අමාරුයි ..... මේ ඔඩොක්කුවේ තියාගෙන හරි යමු....ආයි ඉතින් ඉස්කෝලේ පටන් ගත්තාම එන්නෙ වෙන්නෙ නෑනෙ..... හී.....හී.....මම ඔයා මොකද කියන්නේ කියලා බලන්න කිවුවෙ ..... ම්ම්ම්ම්ම්.....එනකොට වගේ නෙවෙයි යනකොට බර වැඩි වෙලා වගෙ....නයනා හිනාවෙලා කියන්නට විය..... පෙනේද මේකිගෙ කතාව බොලේ....මම ඉදලා...ඉදලා මොනාහරි අරන් ගියොත් මුන්ගෙ ඇස් වල කටු අනිනවා වගේ සාරදාට සිතුනි.... හරි....හරි.....එහෙනම් සුබ ගමන්.....උපුල් කියන්නට විය..... ආ....උබලා යන්නද හදන්නෙ.....අසේල ඒත් එක්කම පැමිණෙන්නට විය.... ආ....අසේලයා .. .උබ මේ කොහෙ යන ගමන්ද..... මම ටවුන් යන ගමන්.... මේ නැන්දේ එනකොට ගෙනාවට වඩා යනකොට අරන් යනවා වගේ පේන්නැද්ද ....මේ ත්‍රී විල් එකත් පැත්තකට ඇලවෙලා වෙලා වගේ... කියා අසේල හිනා වෙන්නට විය.... එහෙම තමා මහ ගෙදර ආවාම.........තියෙන ඒවා අරගෙන යන්න ඕන.. කාලෙකින්නෙ එන්නෙ...සාරදා හිනාවෙමින් උත්තර දෙන්නට විය.....
අම්මෝ......උබලත් ඈ .......... ඔක්කොම පටවගෙන යන්න එන්නෙම මහ ගෙදරටම තමා........ මෙයාට පුදුම රුදාවක්නෙ තියෙන්නෙ......අසේලට මොකද ඉතින් ම්හ ගෙදර බින්න බැහැලනෙ ඉන්නෙ.....සාරදා කියන්නට විය....... ඔය කිවුවෙ කතාවක් .....ඒක ඉතින් වාසනාව..... හ්ම්ම් ....හ්ම්ම් ...... .අපිට කොයින්ද ඉතින් එහෙම වාසනාවක්..... මේ වෙලාවක අපිත් ඒ පැත්තේ එනෝ...... අනේ මේ අසේලයෝ උබලා එනකොට අපි මැරිලා ඉදියි....... නෑ.....නෑ......බං.....එනවා..... හරි.....එහෙනම් ඔන්න අපි යනවා...... සාරංග ඇතුළු පිරිස සැමගෙන් සමු අරන් තම නිවස බලා පිටත් විය..... සුන්දර නිවාඩුවක් ගත කිරීමට ලැබීම ගැන හැමෝම සතුටට පත් විය.
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
සාරංග ඇතුළු පිරිස ඔවුන්ගේ නිවසට ළගා විය.සාරදා ගෙනා හාල්,පොල් ටික බා ගත්තෙ ඉතා සතුටිනි. පේනවා නේද ඈත්වෙලා ඉදලා කාලෙකින් ගියාම තියෙන අගේ.....හංගලා තියෙන දෙයක් හරි දෙනවා .....මේ බලන්න කියා පරිස්සමින් අහුරන ලද මල්ලක් පෙන්නුවා..... අප්පටසිරි ඒ මොනාද අනේ..... ලේසි නෑ.....මේ ගම් බිත්තර .......කියා අමුතු හිනාවක් පෑවා..... මොකද සාරදා අමුතු විදිහට හිනා වුනෙ.... න්....නෑ.....ඉතින් බිත්තර දකිනකොට මට මහ ගෙදර මතක් වෙනවා අනෙ....සුන්දර සිද්දි එහෙම ...... ආහ්......මෙයාට බිත්තර දීලත් කියන කතා.... ඉතින් මමනෙ බිත්තර කප් එක හොයා ගත්තෙ...... ඒ මොකක්ද ඒ කතාවෙ තේරුම ආ....❓ සාරදා හිනාවෙවි එය කියන්නට විය.... හරි....භරි......ඔයාට හරි ලැජ්ජාව නේද ඒවා කියනකොට..... හපොයි දෙයියනෙ......
ඒ පාර මොකද බිත්තර ටික බිදුනද සාරදා...❓ න්....නෑ... බලන්න අනෙ මල් පැළ ටිකයි,එළවළු පැළ ටිකයි.....හරියට ඉඩෝරයට අහුවෙලා වගෙ... මම බයවුන තරමක් කෑ ගහපු කෑ ගැහිල්ලට... හ්ම්ම් ..... ඒක නම් ඉතින් ඇත්තමයි .....අපි හිටපු නැති දවස් ටිකට වෙලා තියෙන දේ...... ගෙදර ත් ඉතින් අස් කරන්න වෙයි.....නයි,පොළොංගුවත් රිංගලාද දන්නෑ..කියා ගෙට ඇතුල් විය.... සාරදා ඒ අතර නිදන කාමරයට ගොස් හිමීටම මෙට්ටෙ ෂිපර් එක අරින්නට විය... සාරදා ඔයා කොහෙද .....කියාගෙන සාරංග කාමරයට ඇතුළු විය.....සාරදාගෙ සද්දයක් නෑ....සාරංග හිමිටම ගොස් සාරදාගෙ පස්ස මිරිකන්නට විය.......
...සාරංග....ඔයාට මොනා නැතත් පස්ස නම් හොඳට මිරිකලා පුරුදුයි වගේ නේද ....... නැතුව ඉතින් ......🤣 ඔය මොකද අනේ ආපු ගමන් මෙට්ටෙ ෂිපර් එක ඇරගෙන කරන්නෙ ආ...සාරංග පුදුමයෙන් මෙන් ඇසීය.... සාරදා වටපිට බලා...❝කෝ ළමයි දෙන්නා❞ ❓ ආං ආව ගමන් අම්මලාගෙ ගෙදර දිව්වා දෙන්නත් එක්කම..... මේ මට කියනවද ඔයා මොකද ඔය කරන්නෙ...කියලා...සාරංගට මේ කරන දේ මොකක්ද කියා හිතාගන්නට බැරිය..... 😀😀මේ මම සීට්ටු සල්ලි හංගලා ගියේ මේකෙ අස්සෙ තියෙනවා ද කියලා බැලුවා..... ❝මොකක්ද කිවුවෙ ❓සාරංග පුදුමයෙන් මෙන් ඇහුවා.... .... මේ සල්ලි අල්මාරී වල හංගන්න බෑ .. හොරු දන්නවා ඒ තැන්....මේවා යට හංගන බව කවුරුත් දන්නෙ නෑ.. . සාරදා ඔයා නම්....මෙච්චර නුවණක්කාර ළදක්.ලැබීම.පිළිබඳ මම සතුටු වෙනවා කියා සාරදාව තුරුලු කරගත්තා.....දින ගනනකින් තම ස්වාමියාගේ උණුසුමේ පහස නොලැබුණු බැවින්දෝ ඇයද ඔහුගේ පහසට නතු වූවා..... . සා.....ර......දා..... හ්ම්ම් ...ම්.ම් සාරංග ඇගෙ දෙතොල් වල රස බලන්නට විය..... මේ එක අතකට ඔයා මෙට්ටෙ අස්සෙ සල්ලි හංගපු එකත් හොදයි...... ඒ මොකෝ ඒ.... න්.....නෑ.....ඉතින් ඒකෙන් මට පොඩ් අවස්ථාවක් ආවනෙ .....🤣 අනේ මෙ ඔයත් බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙ හරි මට ලංවෙන්න නේද කියා ඒ මත් ඇස් දෙක දිහා බලාගෙන ඉන්නට විය..... අනේ සාරදා ඔහොම බලාගෙන ඉන්න එපා හරියට කරන්ට් එක වැදෙනවා වගෙ..... මේ .....යන්න බොරු නොකියා දැන් බැදලත් කොයි කාලයක් වෙනවද....මෙයාට කරන්ට් එක වැදිලා තියෙන්නෙ දැන්නෙ....කියා සිනා සෙන්නට විය....... හ්ම්ම් ඔහොම වල් බැල්මට ඉතින් කරන්ට් එක වදිනවා තමා.... සාරංග සාරදාගෙ බද වටා අතක් යවා තව තවත් ඇය නතු කර ගත්තා.... සාරංග
හ්ම්ම් .... මොකද අනෙ බකමූනෙක් වගෙ හ්ම්ම් ගාන්නෙ.... නැතුව ඉතින් ගෙම්බෙක් වගෙ බක බක ගාන්නද කියන්නේ ..... අම්මෝ ඔයත් කියන කතා.... මේ දැන් නම් හිත හරි නිදහස් නේද.... හ්ම්ම් ඒපාර ආයෙත් හ්ම්ම් ගානවා....ඔයා නම්...... මේ දැන් අපේ ළමයින් දෙන්නත් ලොකු යි නේද.....සාරංග අහ්....ඒ කියන්නේ තව කෙනෙක් ගේමු කියන එකද කියා සාරදාව උස්සලා ඇදෙන් තිබ්බා..... සාරංග තම මත් වෙච්ච දෑස් වලින් සාරදා දිහා බලාගෙන හිටියේ ලෝබ කම්න්..... මේ මහත්තයෝ මෙතෙන්ට එකක් දෙන්න කියා සිය නළල පෙන්නුවා... එය තේරුම් ගත් සාරංග ඇයව හාදු වැස්සකින්ම මුසපත් කළා....සාරංග හිමින්හිමින් සාරදාගෙ කලවා හරහා අත යවන්නට වුනා..... ආහ්.....එපා....එපා....ඔතනින් එහාට ඒ මොකෝ අනෙ..... මට අද...පී......රී......ය.......ඩ්.....ස්..ඇය ලැජ්ජාවෙන් ඇබරෙමින් කියන්නට විය. අහ්.....එහෙම ද..... හ්ම්ම් ......
කලින් කියන්න එපැයි ඉතින් ...... කොහෙ කියන්නද ඉතින් ඔයා දිගට හරහට kiss කරන්න ගත්තනෙ අම්මෝ ඔයත් නේද සාරදා..... ඇයි අනෙ තමන්ගෙ හබියා එක්ක හුරතල් වෙන්නෙ කොයි ගෑණිද කැමති නැත්තේ......... ම්ම්ම්ම්ම්ම්.......... ඔයා ඉතින් හැමදේටම ම්ම්ම්ම්ම්ම් ගගා ඉන්න..... දෙන්නට දෙන්නා මූණ බලාගෙන හිනාවෙන්නෙට විය..... හ්ම්ම් යමු යමු.....පොඩ්ඩක් අස් කරලා දාන්න..... අනේ සාරංග ඔයා පොඩ්ඩක් ගේ අතුගාලා දානවද.....මම ඉක්මනින් මොනා හරි කන්න හදනකම්. ඒ අනුව සාරංග දවස් ගානක් තිස්සෙ වසා දමා තිබූ ගෙදර අස්පස් කර දමා නාගන්නට විය..... ඒ අතරතුරදී සාරදා බිත්තර බැද සම්බෝලයක් සාදා තිබුනා .......සාරදාට බිත්තර දකින විට හිනාත් යනවා... ටිකක් හිනා වෙලා එන්න මහ ගෙදරම යන්න ඕන..සාරදාට හිතුනා.....කාලෙකින් මහ ගෙදර යනකොට පට්ට ආතල් එකක් ගන්න පුලුවන් ...... තමා මනාලියක වී සාරංගගෙ ගෙදර ගිය හැටි.....මුල් දවස් වල ගෙදර හැමෝම සාරදාට ආදරය කල හැටි.....කාලයක් යද්දි ඒ හැම.දෙයක් ම වෙනස් වෙච්චි හැටි සාරදාට මැවි මැවී පෙනෙන්නට විය......ඒ හැම අතීත සිද්ධියක්ම සිහිපත් කර ඇය හූල්ලන්නට විය....... සාරංග නාගෙන ගෙට ගොඩ වෙද්දි සාරදා හෙලූ සුසුමෙ හඩ සාරංගට ඇසුනි.... මොකෝ සාරදා හූල්ලන්නෙ ආ..... සාරංග සාරදා දිහා බලාගෙන ඉන්නවා දැක්කෙ එතකොටයි..... ආ......ඔයා නාලත් ආවද.....මට ඔයාලගෙ මහ ගෙදර මතක් වුනා... සාරදා රස තේ එකක් හදන්නකෝ...ම්ම් ඇයි රස තේ එකක් කියන්නේ වෙනදා මම හදන තේ රස නැද්ද ආ.... න්....නෑ....නෑ...එහෙම නෙවෙයි නාලා නිසා ඇගෙ සීතල යන්න හොද උණුසුම් තේ එකක් බොන්න මම හරි ආසයි...... මේ උණුසුමට වෙන මුකුත් එපාද ආ..... සාරදා ඔයත් නේද ....😊😊...
හ්ම්ම් හ්ම්ම් ...... රස තේ එකක් හදලා දෙන්නම්....ඉතින් .... සාරදා ළමයින් දෙදෙනාටත් එක්ක තේ හදාගෙන ආවෙ ලොකු කතාවකට මුල පුරන්න හිතාගෙන ...... ආ....දෙන්නම එන්න....මෙන්න තේ හැදුවා බොන්න එන්න....... අම්මලාගෙ ගෙදර හිටිය ළමයින් දෙන්නා එක හුස්මට දුවගෙන ආවා.... දැක්කද තේ බොන්න එන්න කිව්වා විතරයි විනාඩියට මෙතන්ට ආවා.... වැඩකට එහෙම අඩගැහුවා නම් එයිද ඉතින් ...... එහෙම තමා අම්මෙ...... සාරංග තේ එක රස කර කර බොන අයුරු දිහා සාරදා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්....... තේ එකෙ බාගයක් බී අවසන් කළ සාරංග ඉතිරි තේ ටික සාරදාට දුන්නා..... සාරදා හරිම ආසාවෙන් තේ.. කෝප්පය කරකන්නට වුනා......එය දුටු සාරංග මොකද අනෙ ඔය කෝප්පය කරකව කරකව කරන්නේ ආ...... ම්ම්ම්....ඔයා මේකෙන් බීපු තැන හොයනවා....... සාරංග සාරදා දෙස ආදරය පිරුණු දෑසින් බලන්නට විය..... ඔයා දන්නවද සාරංග ඉස්සර අපේ ගෙදර මාව බලන්න ආපු දවස් වල ඔයා තේ බීලා කෝප්පය මට දෙනකොට මම බලාගෙන ඉන්නෙ ඒකෙ ඉතිරි ටික බොන්න.....
එහෙම ද.....මම දන්නවා නම් ගොඩක් ඉතිරි කරල දෙනවනෙ....කියා සිනාසෙන්නට විය.... ගොඩක් ඕන නෑ...අනේ...ජිව්තෙ පුංචි පුංචි දේවල් එකතු වෙලා තමා ආදරය ගොඩ නැගෙන්නෙ.... ඇත්තමයි විවාහ යෝජනාවකින් සාරදා සාරංගගේ ජීව්තේට ආවත් මේ බැදීම හරිම ආදරණීයයි කියා දෙන්නටම සිතෙන්නට ඇති...... අපි යනො අම්මෙ... කොහෙද ආයි යන්නෙ ආ..... අත්තම්මලාගෙ ගෙදර ......කී ළමයින් දෙදෙනා එක පිම්මට දුවන්නට විය.... මේ දෙන්නා දැන්.සෙල්ලමට වැටිලා වැඩියි වගේ.... ඔන්න ඔහේ සෙල්ලම් කරපුදෙන් අනේ....නැත්නම් ඉතින් ඉස්කෝලේ පටන් ගත්තාම පොත් අස්සටම මේ දෙන්නා යට වෙයි....කිසි නිදහසක් නෑ...පේන්නැද්ද ළමයට වඩා ලොකුයිනෙ පොත් බෑග්ගෙ.... ඒක නම් ඇත්ත තමා......
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
මේ සාරංග මම ඔයාට දෙයක් කියන්න හිතාගෙන හිටියේ ...... ඒ මොකක්ද මේ මල්ලි කඩේ හදන්න ලෝන් එකක් අරන් තියෙන්නෙ ඔප්පුව තියලා නේද.....❓ හ්ම්ම් ...ඉතින් ..... ඉතින් කියන්නේ අනේ....මහ ඉඩමෙ ඔප්පුවනෙ තියලා තියෙන්නෙ ඔව්.......තාම එයාගෙ කොටසට ඔප්පුව හදලා නෑ....ඒ වගේම මහ ඉඩම තාම තියෙන්නෙ අම්මගෙ නමට...... හුටා.....සාරදාට එකපාරම කියවිනි... මොකද වුනේ සාරදා..... ඉතින් අනේ ඒ කියන්නේ මල්ලි තියලා තියෙන්නෙ අපට ලැබෙන මහ ඉඩමෙ ඔප්පුවද...❓ ඔව් ඉතින් වෙන වෙනම තාම ඔප්පු හදලා නෑනේ....එකම ඔප්පුවයිනෙ තියෙන්නෙ..... අප්පටසිරි .....සාරදා කිවුවෙ මූණ බෙරි කරගෙනය.... මොකද අනෙ මේ..... මේ ඔන්න ඔප්පුව ඉක්මනින් හදාගන්න වෙයි හාද අනේ සාරදා අපිට එහෙම ඉක්මනින් හදා ගන්න බෑ...... ඒ කිවුවෙ ........ ඇයි ඒ පාර මොකද වුනේ....... ඔප්පුව හදනවා නම් පසු උරුමේ දාලා හදන්න ඕන.....ඇරත් මහ ඉඩම මගේ නමට හරවන්න නම් සහෝදරයෝ දෙන්නා කැමති වෙලා ලියවිලි වල අත්සන් කරන්නත් ඕන.....ඇරත් තාම දෙමාපියන් දෙන්නා ඉන්නවනෙ.... අම්මෝ ලේසි නෑ නේද ඉඩම් වලට ඔප්පු හැදිල්ල...... ඒක නම් ඇත්තමයි ලේසි නෑ.....විශේෂයෙන් මහ ඉඩම් වලට ඔප්පු හැදිල්ල. හපොයි .......කතාවට මහ ඉඩම ඔයාට කිව්වට ඔප්පු හැදිල්ල එපා වෙයි වගේ බලාගෙන ගියාම.... දැන් දන්නවනෙ ඉතින් මහ ඉඩම අපිට කියලා.... ඒ වුනත් සාරංග .......අපේ නමට ඔප්පුව නැති නිසා අවුලක් වේයිද දන්නෑ....ඇරත් අම්මවත්,උපුල්වත් නිකමටවත් ඇහුවද ඉඩම තියලා ලෝන් එකක් ගන්නවා කියලා......
මේකනෙ සාරදා .....මහ ඉඩම තාම තියෙන්නෙ අම්මගෙ නමට.....ඒ නිසා ඉතින් .......සාරංගට ඉතිරි ටික කියන්න ලැබුනෙ නෑ....සාරදා මැද්දට පැන්නා..... ඒ කොහොම වෙතත් ඒ දෙන්නට යුතුකමක් තිබුනා ඔයාටත් කියන්න...... හ්ම්ම් .....වැඩිය ඒ ගැන හිතන්න එපා....මල්ලි වාරිකෙ ගෙවයි..... එහෙම නෙවෙයි අනේ මම කියන්නේ මහ ඉඩමෙ අයිතිය ඔයට තියෙන නිසා ඔයාගෙනුත් අහන්න තිබ්බා ........
.
.හරි...හරි...ඉතින් .... ඔයා ඉතින් ඔයාගෙ අයට මුකුත් කියනවට කැමති නෑනෙ..... අම්මපා මේ ගෑ/ණු නම් මොකක් හරි කුණු ගොඩක් අදින්නමයි හදන්නෙ....... අනෙ මේ මම ඇදපු කුණු ගොඩක් නෑ.....ආහ්...වෙලාවට මම පොල් ටිකක් කඩාගෙන ආවෙ....නැත්නම් ඉතින් එයාලම ඒවා භුක්ති විදියි.....හ්ම්ම් ගෑණිගෙ මොළේ හැදි මිටේ දිගට කිව්වට........ඊට වැඩිය දිගයි හරිද සාරංග මහත්තයා ......කියා සාරංගගෙ නහය මිරිකන්නට විය ... අප්පද බොල එහෙමත් එකක්ද.....ඇත්තටම සාරදා ගෑණුන්ගෙ මොළේ කොච්චර දිගද ආ.....
.
අනේ මේ විහුලු නෙවෙයි ඔයාට නොකියා ඔප්පුව තිබ්බ එකට මම නම්.එච්චර කැමති නෑ..... එහෙදි අම්මගෙන් අහන්න බැරි නිසයි මම ඔයාට දැන් කිවුවෙ .. අනේ මන්දා...සාරදා.... ඔප්පුව අම්මගෙ නමට තියෙන නිසා මට ඕවට ඇගිලි ගහන්න බෑනේ..... ඔයාට වෙන ඒවට නම් ඇගිලි ගහන්න පුලුවන් ......ඕකට තමා බැරි..... මොකක්ද කිවුවෙ සාරදා..... ඇයි ඒවා ඇහෙන්නෙ නැද්ද ..ම්ම්....... නෑනේ..ආයෙත් කියන්නකො..... ආයි කිව්වොත් කියන්න වෙන්නෙ හොද පද වලින් තමා....... . ආහ්.....එහෙනම් එපා..... මේ අසේල ගැන මොකද හිතෙන්නෙ..... ඒ ගමන අසේල මොකටද ඇද ගත්තෙ...... නෑ...ඉතින් ඌ අපි එන්න ලංවෙලා කියපු දේවල් .... ඌට මොකද ඉතින් බින්න කසාදයක්නෙ කරගෙන තියෙන්නෙ.... ඒ පවුලට ඉන්නෙ කාවින්දි විතරනෙ අනේ...... ආහ්..එහෙමත් එකක්ද......එහෙනම් ඉතින් අල්ලපු වත්තයි,පය ගහපු වත්තයි දෙකම අසේලයාට තමා..... ඒ කියන්නේ මොකක්ද අනේ...... ඇයි අනේ ඔයා ටියුබ් ලයිට්ද. ඒකවත් තේරුනෙ නැද්ද නැති නිසානෙ ඇහුවෙ....❓ මේ අසේලට එයාලගෙ අම්මගෙ දේපළයි,ගෑනිගෙ දේපලයි දෙකම ලැබෙනවනෙ...... ඒ කියන්නේ අසේලට කල්ල මරේ....අප්පටසිරි මටත් බැරි වුනානෙ එහෙම තැනකින් කසාදයක් කර ගන්න....අම්මපා සාරදා එහෙම වුනා නම් මගෙත් අද කල්ල මරේ....කියා සාරංග හිනාවෙන්නෙට 😊......විය..... . අද හිටු උබට කියා සාරදා සාරංග පස්සෙ එලවන්නට විය.. ...
අල්ලපු ගෙදර සෝමා නැන්දලාගෙ ගෙදර කොළඹ මහත්තයෙක්ට විකුණලා කියන්නේ ඇත්තද නයනා.....ලතා අක්කා නයනගෙ කඩේට ආව වෙලාවක ඇහුවා.... ඔව්නෙ......පේන්නැද්ද දැන් මුළු වත්තම සුද්ද කරලා ....ඒ පැත්තම එළියයි දැන්.... ඒත් මොකද ඔය කොළඹ ඇත්තෝ මේ ගම්වල ඉඩම් ගන්නෙ ආ....ලතා අක්කා එහෙම කිවුවෙ ඒ පැත්ත බලාගෙන ..... ඒ වුනාට එයාලා හරි හොදයි වගෙ...අපේ කඩේටත් ඇවිත් ගියා......ඒ නංගි මාර ලස්සනයි....හරියට නිළියක් වගෙ......අපේ ගමේ එවුන් ඉතින් හැරි හැරි බලනවා...... ලස්සනයි නම් ඉතින් නයනො කවුරුත් හැරි හැරි බලනවනෙ.....මේ එයාලට බබාලා එහෙම නැද්ද නයනෝ..... අම්මෝ මේ ලතාටත් ඕන්නැති මගුලක් නෑ.....හැම රෙද්දම හොයනවා.....කියා හිමින් කුටු කුටු ගාන්නට විය..... මොකක් හරි කිව්වා ද මට...... න්....නෑ....නෑ...අක්කෙ අපේ කොල්ලා සෙල්ලමමයි.....මොන්ටිසෝරියෙ වැඩත් දීලා තියෙනවා බං අක්කෙ තාම ලියලා නෑ....
.
මේ නයනෝ නරකද තව බබෙක් ගැන හිතුවොත්.....දැන් ඉතින් ඉස්සර වගෙ අඩුපාඩු එහෙම නෑනෙ......අපේ පෙකරදෝරුවත් දැන් ඔය අගේට ඉන්නෙ...... පෙකරදෝරු .......නියම නම නේද අක්කෙ😀 හ්ම්ම් නියමයි ...... ලතා අක්කා ඉදහිට සාරංගගෙ මහ ගෙදර යයි....දැන් මහ ගෙදර ඉන්නෙ.අම්මයි ,තාත්තායි....නයනත් දවල් තිස්සෙම කඩවල් දෙකත් එක්ක ඔට්ටු වී මහන්සියට රෑට මොනාහරි එකක් හදා ගනී.... එක ගෙදර හිටපු පවුල දැන් කොටස් හතරකට වෙන් වෙලා...වෙන වෙනම ජීවත් වෙනවා....මහ ගෙදර ඉන්නකොට සෑහෙන්න ආරවුල් ඇති වුනත් කාලයාගෙ ඇවෑමෙන් කට්ටිය වෙන වෙනම ගෙවල් සාදාගෙන ගිය අතර දැන් මහ ගෙදර ඉතිරි වුනේ අම්මයි,තාත්තායි පමණයි....එක අතකට දෙන්න නිදහසෙ පිනක් දහමක් කරගෙන නිදහසෙ ඉන්න පුලුවන් .....
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
මේ හාමිනේ එක අතකට ළමයි ඉන්නකොට වලි....නැතිවුනාම මුළු ගෙදරම පාලුයි නේද.... හ්ම්ම් ඒක නම් ඇත්තමයි අපෙ මහත්තයා....ඔක්කොම එකට සමගියෙන් ඉන්නවානම් කොච්චර දෙයක් ද.....ඒත් මහ ගෙවල් වල වලි ඉවරයක් නෑනෙ......පේන්නැද්ද අපෙ ගෙදර ට වෙච්චි දේ.....හැමෝටම දැන් වෙන වෙනම ගෙවල් තියෙනවා ....ඒ නිසා දැන් ප්‍රස්න නම් නෑ....ඔක්කොම ටික ටික දියුණු වෙලා....මට නම් ඉතින් හරිම සතුටුයි... ඒක නම් ඇත්තමයි අනෙ...බලන්නකො දැන් ඔක්කොම එකට එකතු වුනාම තියෙන සතුට.... හ්ම්ම් ඒක නම් ඇත්තමයි ..
මේ අපෙ උපුල් ගේ තේ කඩෙත් හොඳට යනවා නේද.... හ්ම්ම් ඔව්....නයනා උදේම කඩයප්පම් ටික හදලා දෙනවනෙ....මාත් ගෙදර නිකම්මනෙ ඉන්නෙ ඉතින් ......දරුවෝ දියුණු වෙනවා කියන්නේ ඉතින් කොච්චර දෙයක් ද........ ආ....ජෝඩුව හරි සතුටින් වගේ.....කියාගෙන ලතා අක්කා පැමිණියා...... අපි අපේ ළමයි ගැනනෙ කිවුවෙ ...... හ්ම්ම් .....ඔක්කොම හොදින් නෙ දැන්.ඉතින් කරදර නෑනෙ කාටවත් හ්ම්ම් .....අපේ කෙල්ලට තමා ටිකක් ඉතින් අඩුපාඩු ......... ඒවා ඉතින් එයාලගෙ වැරදි......දෙන්නා මේ ගේ ඇතුලේ ඉන්නකම් ඇවිද්දා.....තේරෙනකොට ඉතින් පරක්කු වැඩි යි....පේන්නැද්ද නයනා .....පුදුම මහන්සියක්නෙ වෙන්නෙ..... ඒක නම් ඇත්තමයි .......
මම යනවා ....පුංචි අම්මෙ.....කියාගෙන ලතා අක්කා යන්න ගියා...... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ ටික කලකට පසු.......
මේ උපුල්ලගෙ සිල්ලර කඩේ වහලා....ඇයි දන්නෑ නේද.... වෙනදට මේ වෙලාවට නයනා කඩයප්පම් හදලා මේ කඩේටත් දාලා...අද තාම නෑ.... හාමිනෙ පොඩ්ඩක් ගිහින් බැලුවා නම්....තේ කඩේටත් කට්ටිය ඇවිල්ලා හැරිලා යනවා..... හ්ම්ම් ඒකනෙ.....හැබැයි නයනා කවදාවත් පරක්කු වෙලා වැඩ කරන කෙනෙක් නම් නෙවෙයි ...... කම්මැලිකමට නිදිද දන්නෑනෙ.... තව ටිකක් බලමු..
උපුල් .....මට ටිකක් අමාරුයි වගෙ...අනෙ....ඇගට පණ නෑ....වමනෙ යන්නත් එනවා..... හ්ම්ම් ඔයාට මොනවද ඕන..... මුකුත් එපා අනේ....... නයනට වමනෙ යනවා.....උපුල් ගියා මහ ගෙදර අම්මව එක්කරගෙන එන්න..... අම්මා.....අම්මා.......
ආහ්.....මොකද පුතේ කඩේ වහලා....මමත් මේ ඒ පැත්තට යන්න හිටියේ .... ආ...අම්මෙ නයනට ටිකක් අමාරුයි .....ඇගට පණ නෑ කියන්නෙ.....වමනෙත් ගියා.... ආහ්...එහෙම ද...යමුකෝ බලන්න....කියා උපුල් හා මව නයනව බලන්න ගියා.. මොකද නයනා වුනේ...... අනේ අම්මෙ මට ඇගට පණ නෑ.......හරිම අප්පිරියයි ...... ආහ්...එහෙනම් මොකක් හරි වෙනසක්ද දන්නෑ..... හ්ම්ම් මටත් එහෙම හිතුනා.... එහෙම දෙයක් නම් හොදයි...උපුල් ගෙ අම්මට සතුටුයි ..... එයාලා හිතපු විදිහට නයනට බබෙක් ලැබෙන්න .....මහ ගෙදරට අලුත් අමුත්තෙක්...... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
උපුල් මට නම් දැන් කඩ දෙකක් කරන්න බෑ.....අපි තේ කඩෙ වහලා දාමු....නේද....කොහොමත් මට උදේට නැගිටින්න අමාරුයි .....වමනෙ යනවා....ඒ නිසා කඩයප්පම් හදන්න බෑ අනේ ..... හ්ම්ම් ඒක ට කමක් නෑ...නයනා...ඉස්සෙල්ලාම ලැබෙන්න ඉන්න දරුවා ගැන හිතන්න ඕන.... උපුල් එහෙම කියනකොට නයනට හරියට සතුටු හිතුනා ....... මොකද ඒක කිව්ව පාර මං දිහා අමුතු විදිහට බලන්නෙ ආ..... ම්ම්ම්....අලුත් අමුත්තා පිළිගන්න ඔයා දැන්ම ලෑස්ති වෙලා වගෙ..... ඒ අපේ දරුවනෙ...නයනා...ඇත්තමයි මට හරිම සතුටුයි ....අපේ ජීව්තේ ලස්සනට ගෙවෙයි.....ඔහු නයනව තුරුලු කරගත්තේ හරිම ආදරෙන්.....දෙන්නගෙම නෙත් එකට යා වුනු ඒ මොහොත ආදරය උතුරා ගලා ගියා...... නයනා මොනාද ඔයා කන්න ආස දේවල් .......උපුල් හරිම ආදරණීය විදිහට එහෙම ඇහුවා...... ම්ම්ම්ම්....කිව්වොත් ඔයා ගෙනත් දෙනවද....... හ්ම්ම් නැතුව .....ඉතින් ...... නයනා කල්පනා කරලා කරලා......මේ...මට මිරිස් සැරට වල් ඌරු මස් කන්න ආසයි ඒක අහපු පාර උපුල් පුදුමයට පත් විය....මොකද නයනා වල් ඌරු මස් කන්නෙ නැති නිසා..... මොකක්.....වල් ඌරු මස්.....ඔයා කන්න කැමති නෑනෙ..... අනේ මන්දා උපුල් කවදාවත් නැතුව මට වල් ඌරු මස් කන්න මාරම ආසාවක් ආවා..... ඉදි ආප්පත් එක්ක හායි හූයි කියා උණු උණුවේ වල් ඌරු මස් කන්න තියෙනවා නම් මට කියා ඈ කෙල ගිලින්නට විය....අර ඌරු මස් වල හං කෑලී තියෙන්නෙ....කනකොට පොල් කෑලි වගේ හැපෙන්නෙ මට හරි ආසයි අනේ ඒවා කන්න... නයනා ඒක කියන දිහා උපුල් බලාගෙන හිටියේ හිනාවෙවි..... අනේ උපුල් මට ඒවා ගෙනත් දෙනවද එහෙනම් .....මතක් වෙනකොටත් කෙළ ගිලෙනවා...ඉස්සර අපේ තාත්තා ගේනවා මට මතකයි.....මම ඉස්සර කෑවා....පස්සෙ පස්සෙ කන එක නතර කෙරුවා.....දැන්නෙ මේ ආයෙත් කන්න හිතෙන්නෙ...... හ්ම්ම් ..ඔව්...මම අනිවාර්යයෙන් ම ඔයාට වල් ඌරු මස් ගෙනත් දෙනවා අම්මෝ ඇති.... මට කටට කෙළත් උනනවා ම්.ම්ම්ම්ම්.... උපුල් නයනා දිහා බලාගෙන හිටියේ හිනාවෙමින්..... මොකද අනේ මම.දිහා බලාගෙන හිනාවෙන්නෙ ඈ...... මුකුත් නෑ.......හි....හී....හී අනේ යන්න......
දැන් ඉතින් ඌරු මස් හොයන්න යන්න එපැයි කියූ උපුල් ඉදගෙන සිටි තැනින් නැගිට නයනගෙ නහය මිරිකා....❝මේකිටත් කන්න ආස දේවල් කියා නහේ මිරුකුවා.....❞ මම.නෙමේ අනෙ මේ අලුතින් එන්න ඉන්න කෙනා දෙන ඉගි තමා මේ.....නයනා හිනාවෙවි එහෙම කිව්වා ..... ආහ්....කියා උපුල් තම ආදරණිය බිරිඳව තුරුලු කර ගත්තා..... උපුල් ඔයා මට ආදරෙයි ද....❓ හ්ම්ම් හ්ම්ම් නැත්නම් ඉතින් මගේ නෝනට ආදරෙ කරන්නෙ නැතුව මම වෙන කාට ආදරය කරන්නද...ආ..... හ්ම්ම් ......ගොඩ දවසකින් එහෙම දෙයක් ඇහුවේ...... අනේ මේ..... ඒක නෙවෙයි උපුල් ....ඌරු මස් විතරක් නෙවෙයි ටික දවසක් යනකම් උයන්නත් වෙයි...මොකද මට මම උයන ඒවා කන්න බෑ..අප්පිරියයි ...... ඒක කිව්ව පාර උපුල් ඇස් ලොකු කරගෙන නයනා දිහා බලාගෙන හිටියා මොකද උපුල් ඒක කිව්ව පාර ඇස්දෙක ජිල් බෝලෙ වාගෙ ලොකු කර ගත්තෙ.... ඔක්කොම හරි නයනා උයන එක තමා වැඩෙ...... එහෙනම් ඉතින් කඩෙන් කමු.....මොකද ඔයාගෙ අම්මත් වැඩිය උයන්න කැමති නෑනෙ..... ඕං කිව්වා කතාවක්..... ඇත්තනෙ අනේ කිවුවෙ ...මමනෙ ඒ දවස් වල ගොඩක් දුරට උයන්නෙ.. දැන් ඉතින් අපිත් වෙන්වුන හින්දා වෙනම උයාගෙන කනවා.... හරි...හරි.....පටන් ගත්තා ඉතින් .... දන්න විදිහට උයලා දෙන්නම් ඉතින් උපුල් කිවුවෙ හිනාවෙවි.......... නයනට ඉතින් හරිම අප්පිරියයි .... සබන් කෑල්ල පවා ගදයි.....සුවද විලවුන් ගාන්නම බෑ...... හපොයි නයනා පුතා ලැබෙන්න ඉද්දි මේ මුකුත් නෑනේ..... එහෙම තමා අනේ ටික දවසක් යනකම් ඉතින් ..... හ්ම්ම් .... ඒකත් එහෙම ද.....මේ දැන් තේ කඩේට මොකද කරන්නේ අපෙ අක්කා අම්මගෙන් අහලා තිබ්බා එයා ඒක කරන්නද කියලා..... ආහ්... එහෙම ද.....එයාට තිබ්බනෙ ඒක අපෙන් අහන්න....අම්මගෙන් අහන්නෙ අම්මගෙ තේ කඩේ නෙවෙයි නෙ...පුදුම දේවල් තමා මේවා.....
හරි...හරි...ඉතින් ඕකට කෑ ගහන්න ඕන නෑනෙ.... එයත් හිම්බිච්ව් වගෙ හිටියට මහ පුදුම අම්මණ්ඩියෙක්........කෙලින්ම මගෙන් අහන්න තිබ්බනෙ ඉතින් ... මේ කාරණය නිසා නයනාට අක්කා ගැන පොඩ් තරහක් ඇති විය...... එයා මගෙන් කෙලින්ම ඇහුවොත් උත්තරක් දෙනවා......නැත්නම් ඉතින් .....
. මේ නයනා වහලා දාලා තියෙන කඩේ අක්කා කරපුවාම මොකද වෙන්නෙ ඉතින් ...... එහෙම නෙවෙයි උපුල් එයාට යුතුකමක් තිබ්බා කෙලින්ම මගෙන් අහන්න..... අනික කඩෙ හදාගන්න මම කොච්චර මහන්සි වුනාද...... උපුල් ඉන් එහාට කතාව අරගෙන ගියේ නෑ.. දුරදිග යයි කියලා.....ඒ අතර අසේල උපුල් ගෙ කඩේට ආවා...... ආ....අසේලයා කොහොමද ඉතින් එදා දැක්කට පස්සෙ අද තමයි දැක්කෙ.... ඇයි බං අර උණ පදුරු වලිය වෙච්චි දවසෙත් මම කඩේට ආවනෙ....මතක නැද්ද ..... හ්ම්ම් ......මේ දවස් වල මතකෙ අඩුවෙලා තියෙන්නෙ ...බං අප්පද බොල ඒ මොකද ආ...... අදික වැඩ බං.....
ආ......අසේලට මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ.... කියා නයනා හිනාවෙලා කිව්වා..... මොකද නයනා මං දිහා අමුතු විදිහට බලලා හිනාවෙන්නෙ ආ.... න්...නෑ.. නිකං...... හ්ම්ම් ......මම පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ නෑ.බං.....අනුරාධපුරේ ගියා...අපේ පුංචි අම්මලාගෙ ගෙදර ..... ආහ්...උඹ රට ගිහින් ආවට පස්සෙ හැමතැනම ඇවිදිනවා ඒ පාර.. එහෙම තමා බං....ඉතින් .....දන්නැද්ද... ටිකක් ඇවිදින්නත් එපැයි බං...කාලෙකින්නෙ ආවෙ..... හ්ම්ම් ....ඒක නම් ඇත්තමයි ......නැත්නම් ඉතින් අපි හැමදාම වැඩනෙ.......... මේ හවස අපි සෙට් වෙමුද....මම අනුරාධපුරේ ඉදලා එනකොට ඌරු මස් ගෙනාවා..... අනේ.....ඌරු මස්..... නයනට එකපාරටම කියවුනා...... උපුල් හිනාවෙවි නයනා දිහා බැලුවා..... මොකද නයනා ඌරු මස් කනවයි......එහෙනම් රසට හදනවකො රොටිත් එක්ක කන්න.....අසේල හිනාවෙලා කිව්වා ........... නයනට හිනා......අසේලගෙන් ඌරු මස් ඉල්ලන්නෙ කොහොමද නයනට හිතුනා.... අපේ මේ නයනට ඌරු මස් කන්න ආස හිතිලා......බං.....මමත් මේ හොයන්න යන්න කියලා හිටියේ ......... ආහ්..... නයනට ලැජ්ජ හිතිලා එතනින් යන්න ගියා....... නයනා යන්න ගියාට පස්සෙ උපුල් අසේල ලගට කිට්ටු වුනා...... මේකයි මචං... නයනා pregnant ....එයාට ඌරු මස් කන්න ආස හිතිලා......මම ඉතින් මේ හොයන්න කියලා....... මේ උබ කොහෙවත් හොයන්න යන්න ඕන නෑ. ..මම කිලෝ එකක් දෙන්නම්..... ආහ්.....ඔය ඇත්තමද........කීයද බං..... මේ....මේ.....මට සල්ලි එපා......නයනගෙ දොළ දුක සංසිදෙන පිනම මට ඇති.....
හ්ම්ම් .....උබට ලොකු පිනක් බං....... හරි එහෙනම් මම ගෙනත් දෙන්නම්.....ඌරු මසුයු ,රොටියි මාරම රසක් බං.....මතක් වෙද්දිත් කෙළ ගිලෙනවා මට...... මම බං රට දවස් දෙකකට එකපාර උයාගෙන කනවා....වැඩ ඇරිලා ඇවිත් උයන්න බෑ බං මහන්සියි ඈ.....දවස් දෙකකට එක පාරද උයන්නෙ උබ.....උපුල් පුදුම වෙලා ඇහුවා..... ඔව් බං...අපි රට ගියා කියලා සැප විදින්නෙ නෑ....ඉතින් ලංකාවවට එනකොට ඔක්කොම හිතාගෙන ඉන්නෙ අපිට හොඳට සල්ලි තියෙනවා කියලා...මොනවත් ගෙනාවෙ නැත්නම් කට්ටිය තරහ වෙනවා.... හ්ම්ම් ඒකනෙ ඉතින් ....... හරි එහෙනම් මම ගියා.....කියාගෙන අසේල යන්න ගියා.....
පහුවෙනිදාම අසේල උණු උණු රොටියි,ඌරු මසුයි හදාගෙන ඇවිත් තිබුනා..... ආහ්....උබ මස් උයාගෙනම ඇවිත්......ඒක නම් ලොකු දෙයක් .....නයනට උයාගෙන කන්නවත් බෑ...අප්පිරියයිලු..... ආහ්...එහෙම ද...එහෙනම් මචෝ උබට උයන්න පුරුදු වෙන්න වෙයි වාගේ..... හ්ම්ම් ...ඒකනෙ බං....මට රසට උයන්න බෑ.බං...මොකක් හරි වෙනවා..... මම රට ඉද්දි උයාගෙන කාපු නිසා මට ඕන දෙයක් උයන්න පුලුවන් .....වෙලාවකට සතියකට විතර උයලා ප්‍රිජ් එකේ දාගන්නවා... හපොයි ...... ඇයි බං...එහෙම ...කරන්නේ ...... ලංකාවෙ වගෙ නෙවෙයිනෙ බං....කාත් කවුරුත් නෑ....වැඩ ඇරිලා ආවාම.හරිම.මහන්සියිනෙ....උයලා තිබ්බාම රත් කරලා ගන්නනෙ තියෙන්නෙ බං...ඒක ලේසියි ඉතින් .....කෑවා..පොඩ්ඩක් fb එක පැත්තෙ ගියා....නිදා ගත්තා.....මෙහෙ ඉන්න එවුන් හිතන්නෙ අපි රට ඉදන්.සැප විදිනවා කියලා....කොහේ හිටියත් ගෙදර වගේ තියෙනවා ද බං..... ඒක නම් ඇත්තමයි .....රණ්ඩු වෙවි හරි ගෙදර ඉන්න තියෙනවා නම් ඉතින් ඊට වැඩිය දෙයක් නෑ...බං.... ඒක නම් ඇත්තමයි ........ අසේල උබ නම් හැමදේම පුරුදු වෙලා ඉන්න නිසා හොදයි බං.... හැමදේම පුරුදු වෙලා හිටියාම ලේසියි .....බං...ඕන දේකට මූණ දෙන්න පුලුවන් බය නැතුව ...... . මේ කතා බහ ඇසී නයනත් එතනට ආවා... ආ.....මේ අසේලනෙ.....මම බැලුවා කව්ද කියලා...... ම්ම්ම්....ඔන්න නයනා කන්න ආස කෑමක් තියෙනවා අසේල එහෙම කිවුවෙ හිනාවෙවි....... . නයනට නම් එහෙම කිව්වාම ටිකක් ලැජ්ජා හිතුනා.....උපුල් අතේ තිබුන කෑම පාර්සලය නයනට දුන්නා... ආහ්...තාම රස්නෙයි......හොඳ සුවදකුත් එනවා.....මොනාද අප්පෙ මේ ......❓
හ්ම්ම් ....කාලම බලන්නකො මොනාද කියලා... නයනා කෑම පාර්සලය ඉඹගෙනම අරගෙන ගියා.... දැක්කද ඒකිගෙ සතුට......උපුල් කිවුවෙ හිනාවෙවි....... හ්ම්ම් ඔය කාලෙට එක එක කෑම ජාති කන්න හිතෙනවා බං..... හ්ම්ම් ඒකනෙ බං....මෙයා කවදාවත් ඌරු මස් කන්නෙ නෑ.....මටත් පුදුමයි.... උබට නම් ගොඩක් පිං බං....මේ කරපු දේට...... හරි....හරි.....ඒක කමක් නෑ....එහෙනම් මම යනවා........ මේ මගෙ සුභ පැතුම් .....උබ දෙවෙනි පාරටත් තාත්තා කෙනෙක් වෙන එකට...... මේ උබත් ආයෙ රට යන්න කලින් ඒ ගැන හිතපන්.... හ්ම්ම් .......හ්ම්ම් ......උපුල් එහෙම කියනකොට අසේලට හිනා ගියා... මොකද උබ ඒක කියපු පාර හිනා වෙන්නෙ ආ........ නෑ...ඉතින් උබටත් හිතෙන දේවල් .....කියාගෙන අසේල යන්න ගියා අසේල ගිය පසු උපුල් කුස්සියට ගියා...... නයනා රොටියි,ඌරු මසුයි රස කර කර කන හැටි උපුල් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.......උපුල්ට හිනා යනවා....නයනගෙ කටට වඩා ඇස් දෙක කැරකෙන හැටි ...... ඒ මදිවට මස් කෑලී තෝරනවා.... ආ....ඔයා ආවද... අසේලට නම් ගොඩක් පිං මේ කෑම වේලට... ඉදි ආප්ප එක්ක කන්න ආස තිබ්බට රොටි ඊටත් වැඩිය හොදයි වගෙ.... ආ...උපුල් මෙන්න ඔයත් කන්න.....මාරම රසයි අනේ....අසේලට ගොඩක් පිං..... කෑවද ඉතින් ඇති වෙන්නම.... කෑවා කියන්නේ ......ඌරු මස් එක පුදුම රසක් අනෙ......නියමෙට රොටි වලට ගැළපෙනවා.... ...කන්න කලින් ඒ සුවදට කටට කෙළ උනනවා..... ඔයා ඔහොම කියනකොට මටත් කෙළ උනනවා අනේ.....
ඉතින් කන්නකෝ මේ තියෙන්නෙ..... කෝ බලන්න... අසේලට හොඳට උයන්නත් පුලුවන් කියන්නේ රට ඉද්දි තනියම උයාගෙන කාලා තියෙනවා කියන්නේ ....... ආහ්...එහෙමද......ඔයාට තමා ඒකවත් බැරි......නයනා කිවුවෙ හිනාවෙවි....... හරි...හරි...ඉතින් ......මොන මොන හරි දාලා මම උයලා දෙන්නම්කො ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ අක්කයි,දිමුතු අයියයි දවසක් ආවා උපුල් ගෙ ගෙදර ..... ආ.......අද දෙන්නම ඇවිත් තියෙන්නෙ නයනා එහෙම කියාගෙන ආවා..... අපිට සුබ ආරංචියක් අහන්න ලැබුනා....ඉතින් නිකං එන්න බෑනෙ....කියා කෑම පාර්සලයක් අතේ තිබ්බා..... මොනාද අනේ මේ....සුවදේ බෑ...... කාලම බලන්නකො....... කොහොමද නංගි ඉතින් ... .දැන් ....අක්කා හරි බැරිගැහී වාඩිවෙන ගමන් ඇහුවා....... උදේට නැගිට්න්න බෑ අක්කෙ.....වමනෙ යන්න එනවා....දවල් වෙනකොට නම් එහෙම නෑ..... හ්ම්ම් ...ඔය කාලෙට ඉතින් ඔහොම තමා....... දැන් තේ කඩෙත් වහලා නේද....අපරාදෙ....හොඳට බිස්නස් තිබ්බා කියලා අම්මා කිව්වා
........ අක්කා එන්නෙ මොකාටද කියලා නයනට නම්.තේරුනා...ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්න තමා නයනා හිතින් හිතුවා..... නයනගෙ නිශ්ශබ්දතාවය දුටු දිමුතු කතා කරන්න වුනා....... ආහ්.....දැන් ඉතින් අපේ උපුල් මල්ලිට වැඩ වැඩි ඇති නේද...... හ්ම්ම් ....ඒක ඇත්තමයි ........ මේ නරකද තේ කඩේ කුළියට දුන්නොත්❓....... ආහ්....කුළියට.....නයනා පුදුම වී ඇහුවා.. .... ඔව්.... ඉතින් නිකං වහලා දාලා තියෙන එකේ මොනාහරි විකුණගන්න පුලුවන් නේ කාටහරි....... ඒත් අයියේ දුන්නා වගේ නෙවෙයි ...... ඇයි නයනා එහෙම කියන්නේ ...... න්...නෑ.. ඉතින් කඩේ තියෙන්නෙ මහ ඉඩමෙනෙ......ඒකයි කිවුවෙ ...... ආහ්...ඒකට මොකද අපි අම්මත් එක්ක මේ ගැන කතා කළා.... බළලා මල්ලෙන් එලියට පැන්නා .....නයනට හිතුනා...... ඒ කිවුවෙ අයියේ අම්මත් එක්ක මොනාද කිවුවෙ නයනා පුදුම වෙලා ඇහුවා...... න්.....නෑ....නෑ.....මේ අපි අම්මත් එක්ක කතා කලේ දැන් තේ කඩේ වහලා දාලා තියෙන එකේ අපිවත් ආයි එක ඇරියොත්.... හොදයි කියලා..දිමුතුට ඉතිරි ටික කියාගන්න බැරි වුනා අක්කා මැද්දට පැන්නා.... .අම්මා නම් උඩින්ම කැමතියි නංගි අක්කා කිවුවෙ රටක් රාජ්‍යක් ලැබුනා වගේ........ නයනා හිතුවා හරි.....මුං දෙන්නා මේ ඇවිත් තියෙන්නෙ මාව බලන්න නෙවෙයි කඩේ ගැන අහන්න......පුදුම මිනිස්සු ...... හ්ම්ම් ......මොකද නංගි කතා නැතුව ......අපි කඩේ කරනවට කැමති නැද්ද .......දිමුතු නයනගෙ හිත අදුරගෙන වගෙ එහෙම කිව්වා.... න්......නෑ....අයියේ......කමක් නෑ....මට ආයෙත් කඩේ කරන්න පුලුවන් කාලයක් වෙනකම් ඔයාලා කරන්න.....ඔයා එතකොට කුළියට දෙන්න කතා කෙරුවේ........ න්.....නෑ.නිකං...අම්මා කිව්වා අපි කරනවනම් මොකටද කුළියක් කියලා...ඇරත් කඩේ තියෙන්නෙ මහ ඉඩමෙ වත්තෙනෙ.....අනික මට නෙමෙයිනෙ උපුල් ගෙ එක කුස උපන් අක්කටනෙ... මෙවුන් දෙන්නා කටේ උත්තරත් අරගෙනම ඇවිත් තියෙන්නෙ.... අපි උපුල් මල්ලිටත් මේ ගැන කිව්වා ....එයා මුකුත් කිවුවෙ නෑ.......ඔලුව වැනුවා විතරයි...ඉතින් අපිභිතුවා කෝකටත් නයනගෙනුත් අහලා බලන්න ඕන කියලා...ඒකයි මේ තකහනියක් ආවේ....ඇරත් මම නිවාඩු ඉවර වෙන්නෙ කලින්ම පටන් ගන්න කියලා බැලුවෙ........ මුං දෙන්නා නම්......මේ වෙලාවෙ තරහ කරගෙන බෑ...මොකද මම ඉන්න තත්ත්වය අනුව තරහ කර ගත්තොත් මට උදව්ව්ක් ගන්න විදිහකුත් නෑ......අනික ඉතින් අම්මයි ,පුතයි මට කලින් උත්තර දීලා...දැන් මේකට මම විරුද්ධ වුනොත් ඒක හරි නෑ.....මෙහෙම සිතූ නයනා..... ආ.....ඒකට මොකද අක්කෙ....වහලා දාලා තියෙන කඩේනෙ.....ඔයාලා කර ගන්න..... මාත් ඉතින් පුලුවන් වුනොත් මොනා හරි දාන්නම්කො....... ආහ්....ඒකනෙ.....අපි ටිකක් දියුණු කරලා ගන්නම්......අපේ කුමාරිත් ගෙදර නිකම්මනෙ ඉන්නෙ.....ඇරත් ළමයි දෙන්නත් ඉන්නවනෙ......නංගීත් ඉතින් පුලුවන් වෙලාවක මිනාහරි දාන්න....... හ්ම්ම් ....... නංගී ට ඕන උදව්ව්ක් තියෙනවා නම් කියන්න අපි කරලා දෙන්නම්...... හා අයියේ තිබ්බොත් මම කියන්නම්...... හ්ම්ම් ......එහෙනම් අපි යන්නම්......ඔය කෑම එක නිවෙන්න කලින් කන්න.... හා හරි අයියේ......බොහොම ස්තූතියි .... ඒක මොකක්ද නංගි.....මේවා අපේ යුතුකම්නෙ.... අක්කයි,අයියයි ගියාට පස්සෙ නයනා කෑම.එක දිග ඇරියා.......අප්පටසිරි අඹ මාලු.....පොළොස්,චිකන්,පරිප්පු තියෙනවා .....නයනට කටට කෙලත් ඉනුවා...... මේ දෙන්නා කපටිමත් නෑ...ඉතින් ....ඉස්සරහට මටත් මෙයාලගෙන් උදව් ඕන වෙයි...නයනට එහෙම හිතුනා..... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ අම්මෙ නයනා කැමති වුනා තේ කඩේ අපට දෙන්න...... ආ...එහෙම ද...එයා කොහොමද අකමැති වෙන්නෙ....මේක තියෙන්නෙ මහ ඉඩමෙනෙ..... ඒකනෙ අම්මෙ.....ඇරත් එයාට කඩ දෙකම කරන්නත් බෑනෙ...... දැන් ඉතින් තියෙන්නෙ හොදට මහන්සි වෙලා කඩේ කරගෙන යන්න....පේන්නැද්ද නයනා මහන්සි වෙච්චි තරම...... ඒකනම්.ඇත්තමයි ....... දැන් මොනාද දුවේ කඩෙ විකුනන්න හිතාගෙන ඉන්නෙ...... ම්ම්ම්ම්.....නයනා වගේ මට කඩයප්පම් හදන්න නම් බෑ.....කොළ කැද එහෙම හැදුවොත් ...... ආන්න හරි.......උදේට කොළ කැද...හොදයි.....හිමීට හිමීට කෑම ජාති හදන්න පුරුදු වෙයං....හැමදේම බෑ...බෑ...කියන්නේ නැතුව ...... ඔව් අම්මා ඒක් නම්.ඇත්තමයි හැමදේම පුරුදු වෙන්න ඕන..... ඒකනේ මහන්සි වෙන තරමට තමා හැමදේම ලැබෙන්නෙ...... එහෙනම් අම්මෙ අපි යනවා.....නයනත් කැමති වුන එකේ ඉක්මනින් කඩේ පටන් ගන්න ඕන..... හ්ම්ම් .....ඔව්.....ඔව්....ඒක හොදයි.... කාටවත් කඩේ දානවා කියලා කියන්න ඕන නෑ නේද අම්මෙ.....මේක දාපු කඩයක්නෙ...ඇරත් මේකෙ අපිත් බඩු විකුණුවානෙ....... ඔව්...ඔව්....ඔය වැඩි වැඩ කරන්න ඕන නෑ........ඔක්කොම ලෑස්ති කරගෙන කඩේ පටන් ගන්න..... දිමුතුයි, කුමාරියි හිටියේ හරිම සතුටින් කඩේ දාගන්න....ඔවුන් ලහි.ලහියේ කඩේට දාන්න ඕන ඒවා ලෑස්ති කලා..... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ සතියකට පසු....
දිමුතුයි , කුමාරියි කඩේට උදේට කොළ කැද දාන්න තීරණය කළා.....ඒ වගේම වඩේ, බඩ ඉරිඟු තැම්බීම ආදිය ද කලා. කාලයක් වසා තිබූ කඩේ යළි විවෘත කිරීම.පිළිබඳ බොහෝ දෙනෙක් සතුටු වුනා....ඒ නිසාම පෙර පරිදි කඩේට බොහෝ දෙනා ඇදී එන්නට වුනා..... කෙල්ලෙ කොහොමද කඩේට කට්ටිය එනවද.....අම්මා ඇසුවේ කඩේ ලගටම ඇවිත් ....... ඔව් අම්මෙ .....කොළ කැද බොන්න ගොඩක් කට්ටිය එනවා..... හ්ම්ම් ඒකනේ මම කිවුවෙ ....හිමින් හිමින් කරගෙන යන්න......එතකොට ගෙදර වියදම පිරිමහගන්න ලේසියි ..... ඔව් අම්මා ඒක නම් ඇත්තමයි ......කොහොම හරි දියුණු වෙන්න ඕන...... ආ.....දැන්ද ඒක තේරෙන්නෙ....ඉස්සර ගනන් ගත්තෙ නෑ...දෙන්නත් එක්ක ඇවිදපු එකමයි කෙරුවේ...... ඉස්සර කරපු ගොං කං දැන් තමා තේරෙන්නෙ.......පේන්නැද්ද නයනයි, සාරදයි දැන් ඉන්න හැටි......ඉස්සර සාරදා මේ ගෙදර ඉන්නකොට කට කොහොමද .......වැඩිය සද්ද නෑ...ඒකට දැන්.....මහ පුදුම කටක්නෙ තියෙන්නෙ....අපේ මල්ලි කොහොම ඉන්නවද දන්නෑ.... ඒක නම් හැබෑව......දැන් සාරදා ටිකක් වෙනස් වෙලා...... ඒක නම් ඇත්තමයි අම්මෙ...දැක්කද මේ පාර ඇවිත් කියපුවා......එයා දැන්ලු නිදහසේ ඉන්නෙ....... හ්ම්ම් ......මේවා ඉතින් අපේ එකාගෙ වැරදි....ගෑනි ගහන ගහන පදේට නටන්නෙ..... තව දෙයක් අම්මෙ මල්ලි නිවාඩු ආවාම මල්ලිලු ගෙදර උයන්නෙ....... හපොයි දෙයියනෙ මගේ කොල්ලගෙන් වැඩත් ගන්නවද ඒ කියන්නේ ආ...... කොහොමද දන්නෙ.....❓ මල්ලිගෙ පුතා කිව්වා ......
හැබෑද........ ඕං කඩේට කට්ටිය එනවා එහෙනම් මම යනවා........ දිමුතුගෙ කඩේ එන්න එන්නම දියුණු වීගෙන එන්න පටන් ගත්තා..... කුමාරි කොහොම හරි එක එක කෑම ජාති හදන හැටි ඉගෙන ගත්තා....ඒ නිසාම හවසට කොත්තු,පරාටා දාන්න පටන් ගත්තා....මේ සදහා කුමාරි ගෙ ලොකු පුතා ගොඩක් උදව් කළා..... අක්කගෙ කඩේට එන්න එන්නම සෙනග වැඩි වීගෙන එනවා නේද උපුල් ..... හ්ම්ම් ....හොදයිනෙ.....
ඒත් එයාල දැන් ඉස්සර වගේ නෙවෙයි නේද ....... එහෙම තමා අනේ...හැමදාමත් එක වගේ ඉන්න බෑනෙ..... එහෙම නෙවෙයි අනේ මම කියන්නේ ......දැන් අම්මලා දුවලා එකට උයාගෙන කනවා....පෙලක් දවස් වලට අක්කා ගෙදර යන්නෙ නෑ...මහ ගෙදර ම නතර වෙනවා..... ඉතින් ඒක හොදයිනෙ..... ඒ දෙන්නත් ඉන්නෙ තනියමනෙ..... එහෙම නෙවෙයි මට පොඩ් කතාවක් ඇහුණා ....... ඒ කියන්නේ .......... අක්කා අම්මගෙන් කඩේ තියෙන කෑල්ල ඉල්ලනවා....දවසක් මට ඇහුණා ........ මොකක්......උපුල් පුදුම වී ඇහුවේ එය විශ්වාස කළ නොහැකි නිසාවෙනි....... ඒකනේ අනේ තාම මේවට ඔප්පුත් නෑනෙ....... ඒත් දැන් ඉඩම බෙදලා දුන්නනෙ...... ඒත් ඒ කට වචනයෙන්නෙ....ඇරත් දැන් වැඩිපුර අම්මා ගැන බලන්නෙ අක්කනෙ.... ඒත් ........ අනේ මන්දා ආයි මොනා වෙන්න යනවද කියලා.....
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
කැලැන්ඩරේ කොළ ගැලවි ගියෙ නිතැතින්මනි.....කාලය තටු සලා පියෑඹීය...මාසයක් ගියා දැනුනේ වත් නෑ.......සාරංගට නිවාඩු ලැබී ගෙදර ආවා......සාරංග නිවාඩු එනකම් සාරදායි,ළමයි දෙන්නයි බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන්....... ආ....සාරංග ගෙදර ඇවිත් වටපිට බැලුවා...සාරදා පේන්න හිටියේ නෑ.....දොරත් බාගෙට ඇරලා....ළමයි නම්.මේ වෙලාවට ඉස්කෝලේ ගිහින් ඇති...ඒත් සාරදා පේන්න නැත්තෙ මොකද කියා සිතූ සාරංග හිමිටම ගෙට ගොඩ වුනා.... ආහ්....සාරදා කිසිම සද්දයක් නැතුව පෝන් එක ඔබනවා......සාරංග හිමීටම ගිහින් සාරදාගෙ ඇස් වැහුවා..... අනපේක්ෂිත දෙයක් නිසා කලබල වූ සාරදා කව්ද .....කව්ද මේ.....කියා කෑ ගසන්නට විය.......සාරංගට හිනාව පාලනය කරගන්න බැරුව බකස් ගාලා හිනා ගියා...... ආහ්...සාරංග ඔයා....ඇත්තමයි මම බයවෙච්ච් තරමක්..... ඕ..හෝ...සාරදා ගේ පිටින් උස්සගෙන ගියත් ඔයා දන්නෙ නෑ.... එහෙම නෑ අනේ...මම ඔච්චර වෙලා ඔයා එනවද කියලා මග බලාගෙන හිටියේ ....පෝන් එක රින්ස් ගියපු හින්දා බලන්න ආවේ...නයනා කතා කළා..... හා...මොකද කිවුවෙ ඉතින් ....... නයනට රස කෑමක් කන්න ඕනලු...මම ඉතින් මේ පෝන් එකෙන් හොය හොය හිටියේ මොනාද හදාගෙන යන්නෙ කියලා...... ආහ්...ඇයි නයනට විතරද.....මට නැද්ද ආ...... මගෙ හබියට නොදෙන දෙයක් තියෙනවා ද අනේ කියා තම ආදරණිය සැමියා දෙස බලාගෙන හිටියා....එම රාගී ඇස් දෙස මොහොතක් බලාගෙන හිටිය සාරංග ඇගෙ දෙතොල් වල රස වින්දා...ඒ පහසට ලොල් වූ ඇයද කිටි කිටියේ ඔහුව වැළද ගත්තා...... කාලෙකින් තම ස්වාමියාගෙ ආදරය ලැබුණු ඇය මහත් ආස්වාදයක් ලැබුවා...ඒ ආදරනිය මොහොත ඔවුන් රිසි සේ විද ගත්තා.... සාරංග...... හ්ම්ම් ..... අපිට හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න ලැබෙයි නේද ...... ඉතින් අනේ අපි හැමදාමත් මෙහෙම සතුටින්නෙ ඉන්නෙ..... ඒත් ....... ඒ පාර මොකද ප්‍රස්නෙ..... න්.....නෑ.....නෑ....මේ නයනා කතා කරලා කිව්වා දිමුතු අයියලා දැන් තේ කඩේ කරනවා කියලා...... ආහ්...කොච්චර හොදයිද එහෙනම් ....අක්කත් ගෙදර නිකම්මනෙ ඉන්නෙ...... එහෙම නෙවෙයි අනේ...හරිම.කපටියි කියන්නේ ...... ඒ මොකක්ද දෙගොල්ල රණ්ඩු වෙලාද... න්..නෑ....නෑ.....එහෙම නෙවෙයි ...කෝකටත් අපි ගිහින් ම.බලමුකෝ....මොකද වෙලා තියෙන්නෙ කියලා....... හ්ම්ම් යමු...යමු......ඒ පාර මොන මරාලයක් පාත් වෙලාද දන්නෑ..... මේ මොනාද අනේ හදාගෙන යන්නෙ නයනට කන්න...... ඔය කාලෙට ඉතින් රසට කන්න කව්රුත් ආසයිනෙ.... හ්ම්ම් .....ඒකනේ ඔයත් ඒ දවස් වල කාපු කෑමක් නේද සරදා.... එහෙම තමා අනේ ඒ කාලෙට කන්න ආස හිතෙන ඒවා කන්න ඕන.... ඔයා ගිහින් මට චිකන් ටිකක් අරගෙන එන්නකො.... .හ්ම්ම් ......
මම අනිත් ඒවා හදාගන්නම්..... ඒ අනුව සාරදා.....වම්බටු මෝජුවක් ,අඹමාලුවක් ,පරිප්පු ව්‍යංජනයක් සාදන්නට විය..... ඇය නයනා වෙනුවෙන් වගේම මහ ගෙදර හැමෝම වෙනුවෙන් කෑම හදන්න සූදානම් විය..... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ මොනාද සාරදා මේ.... .එක එක බකට් වලට අහුරා තිබූ මල්ල දැක සාරංග පුදුම වී ඇහුවා...... ආ.....නයනට කන්න ආස දේවල් අනේ.... මෙච්චරටම....... ඉතින් නයනට විතරක් ගෙනියන්නෙ කොහොමද අනෙ....ඔක්කෝටම තමා ඔය....නැත්නම් කියයි නයනට විතරක් ගෙනාවා කියලා අම්මෝ මේ ගෑණුත් හිතන දේවල් නේද.....වෙනම ඉන්න එකම තමා හොද..නැත්නම් ඉතින් මගෙ මොළෙත් කොලොප්පම්වෙයි මෙහෙම ගියාම.... හ්ම්ම් ..... ඔව්..මේ පාර ගියාම කාගෙ කාගෙත් මොළේ කොලොප්පම් වෙයි..... ඔයා මොනා හිතේ තියාගෙන ද එහෙම කියන්නේ ....... මේකයි...මහත්තයෝ....මට හිතෙන විදිහට දිමුතු අයියාලා කෑල්ලට ඇහැ ගහගෙන ඉන්නවා වගේ... ආහ්....මොන විකාරයක්ද මේ කියවන්නෙ......ඔයා නැති ප්‍රස්න ඔලුවේ දාගෙන වගේ..... . නෑ.අනෙ... නයනට ඒ ගැන මොනාහරි ඇහිලා.....ඒකයි මේ කියන්නෙ..... හ්ම්ම් බලමුකො.....එහෙම දෙයක් නම් අම්මා මාත් එක්ක කියයිනෙ....... අපෝ...කියයි......කියයි ඔයාගෙ අම්මා...බලාගෙන ඉන්න........හැමදේම කරන්නේ වහලා...මමත් ඉතින් ඒ ගෙදර හිටියනෙ....ඒ ගැන මොකට කියනවද ඉතින් සාරදා කොච්චර හොද වුනත් අම්මා එක්ක ට්කක් තරහෙන් ඉන්න බව නම් සාරංගට පැහැදිලි වෙලා තිබුනා.සාරදා තාත්තාට වගේ අම්මට නම් ආදරයක් පෙන්නුවේ නෑ... තාත්තාට සාරදා කැමති බව නම් සක්සුදක් සේ පැහැදිලි බව සාරංගට නම් තේරුනා.... සාරංග කල්පනා ලෝකයේ අතරමංවිනි..... සාරංග.....සාරංග.....ඔයාට මම කියන ඒවා ඇහෙනවද..... ආ.....ආ....සාරදා...මොකක්ද කිවුවෙ ..... දැක්කද එයාට ඒවා ඇහෙන්නෙ නෑ....බලමුකෝ මහ ගෙදර ගිහින් ම මොකද වෙලා තියෙන්නෙ කීයලා.... ඔන්න යන්න ඉස්සරින් කියන්නේ කඩ කෑල්ල ගැන අම්මා ඔයත් එක්ක කතා කෙරුවොත් කෙලින්ම කියන්න....දෙන්න බෑ කියලා..... . සරදා ටිකක් තරහෙන් එහෙම කියද්දි සාරංග පුදුම වී ඇය දෙස බැලුවා..... ඇයි අනේ ඔයා පුදුම වෙලා බලාගෙන ඉන්නෙ..... න්....නෑ....හරියට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා දන්නෙවත් නැතුව ඔයා දැන්ම පෝම් වෙලානෙ..... පෝම් වෙලා.....එහෙට ගියාම ඊට වැඩිය දේවල් වෙයි සාරංග බලාගෙන ඉන්න...ඔයා ඉතින් හැමදේටම...හරි හරි කියයි....මම දන්නවනෙ ඔයාගෙ හැටි ...සහෝදරයෝ කිව්වොත් පණ වුනත් දෙයි....මට තමා...ඉතින් සාරදාට ඉතිරි ටික සම්පූර්ණ කරගන්න ලැබුනෙ නෑ..සාරංග මැද්දට පැන්නා.....
. මේ සාරදා හැමදේම ඔලුවට ගන්න එපා ...මෙතන කෑ ගහන්නෙ හරියට මම වැරදිකාරයා වගේනෙ.....මට ඕන බම්බුවක් නෑ....ඕන එකෙක් ඕන දෙයක් ගත්තුදෙන්.....මොන කෙහෙල්මලක් ද මන්දා.....එහේ ඉන්න බෑ...කිව්ව නිසා වෙනම ගෙයක් හදලා දුන්නා...දැන් මහ ගෙදර ගැන කියව කියව කෑ ගහනවා... .. සාරංගට හොඳටම කේන්ති ගිහින් කියලා සාරදාට තේරුනා...ඒත් ඉතින් මෙව්වා එයත් දැනගන්න එපැයි....බලමුකෝ ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියලා...... සාරදා ... සාරංග දෙස බලාගෙන හිටියා. ඒත් සාරංග නම් ඇහැක්වත් ඇරලා සාරදා දිහා බැලුවෙ නෑ..කේන්තිය වැඩි කමට....ඒ අතර පොඩ් දෙන්නා ලෑස්ති වෙලත් ඉවරයි......අනේ තාම.ලෑස්ති වුනෙ.නැද්ද අම්මා..... ආහ්.....හරි හරි ලෑස්ති වෙන්න විතරයි තියෙන්නෙ....සාරදා ඉක්මනින් මහ ගෙදර යන්න ලෑස්ති වුනා...සාරංගගේ කිසිම.කතාවක් නෑ..... මේ...සාරංග අපි ලෑස්තියි...යමුද එහෙනම් ....සාරදා සාරංග ලගට ගොස් ඉතා අහිංසක විදිහට කියන්නට විය... හ්ම්ම් .....තම ස්වාමියාට මෙච්චර තරහ ගිහින් ඉන්නවා ඈ කිසි දිනෙක දැක තිබුනේ නැත.... තමා ටිකක් ඉක්මන් වූවා වැඩිද මන්දා කියා සාරදාට සිතුනි....කමක්.නෑ දැන් ඉතින් කරන්න දෙයක් නෑ....කොයිවෙලේ හරි ඔය තරහ නිවෙයිනෙ....ඈ සද්ද නැතුවම ගිහින් ළමයි දෙන්නත්නෙක්ක ත්‍රීවිල් එකට ගොඩ විය..... ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐ මහ ගෙදර මිදුලේ වාහනයක හෝන් හඩ ඈසී තාත්තා එළියට ආවෙ මුව පුරා සිනාසෙමිනි..... ආහ්...මගෙ ළමයි ආවා..... යේ...යේ.....සීයා ළමයි කෑ ගසන්නට විය....ඒ හඩට අම්මාත්,අක්කාත් එළියට ආහ...... ආහ්...මේ පුතාලනෙ..... ආ....සාරදා නංගි අද බරටම අරන් ඇවිල්ලනෙ කියා අක්කා..සාරදා ගෙනා බෑග් දෙස බලන්නට විය..... පුතා උදේ කිව්වා ඔයාලා එනවා කියලා.... ආහ්..දැක්කද මේ මිනිහා මට එහෙම දෙයක් කිව්වෙත් නෑනෙ....එහෙනම් ඉතින් අපි එන නිසා හොදට උයලා එහෙම ඇති සාරදාට සිතිනි..... මගෙ කෙල්ලයි,මායි උයන්න කියලා හිතාගෙන හිටියේ ....ඔයාලා එන්න පරක්කු වුන නිසා අපි හිතුවා ඔයා උයාගෙනම එයි කියලා....අම්මා කටපුරා සිනාසී එහෙම කියද්දි සාරදාට දුක සිතුනි.... තමා එන බව දැන දැනත් මෙයාලා මමම උයාගෙන එනක්.ඉදලා..මහ පුදුම මිනිස්සු ...... ආහ්.....ඒකට කමක් නෑ...නයනටත් අමාරු නිසා මම උයාගෙනම.ආවා.... ඒක හොදයි.....අපි මේ බලාගෙන හිටියේ ආවට පස්සෙම උයන්න...... හ්ම්ම් ......මදි වුනොත් බලමුකො කී සරදා අක්කාද සමගින් ගෙනා බඩු මල්ල ගෙට අරගෙන ගියා...... සාරද ආ බව දැනගත් නයනාද මහ ගෙදරට පැමිණියා.... ඔන්න නයනට කෑම අරගෙන ආවා...ඇති වෙන්න කන්න.....
හ්ම්ම් .....හරිම සුවදයි....... මේ මොනාද අක්කෙ..... ආ....ඔය කුරහන් වණ්ඩු....... මොකක් කුරහන් වන්ඩු.....අනේ මම කාලම නෑ නයනා කියන්නට විය.... ආ.....එහෙනම්.කන්න..... ම්ම්ම්ම්ම්...මාරම රසයි අක්කෙ හරිම.සොප්ට්..... ඒ අනුව සාරංගගේ අක්කාද කුරහන් වන්ඩුවක් ගෙන රස බැලීය..... හ්ම්ම් .......මාරම රසයි නංගි......මේවා හොදයි මට තේ කඩේට හදලා දාන්න අක්කා කුරහන් වන්ඩුවෙ රස බලන ගමන් කීය..... හ්ම්ම් ඒක ඇත්තමයි අම්මාද එය අනුමත කරන්නට විය.... කොහොමද අනේ.මේවා හදන්නෙ..... හ්ම්ම් කුරහන් හුණ්ඩුවයි,පාන් පිටි හුණ්ඩුවයි,සීනි හුණ්ඩුවයි ගන්න හවසට....ඔක්කොම කලවම් කරලා ඊස්ට් දාලා අනලා තියන්න....උදේට රස අනුව ලුණු දාලා,පොල්,පොල් කිරි දාලා සාමාන්‍ය වැක්කෙරෙන පදමට අරන් කප් වලට දාලා හදන්න..... හ්ම්ම්....කහට කෝප්පයක් බොන්න මරු...කියමින් අක්කා තවත් වණ්ඩුවක් කන්නට විය.... සාරංදා ගෙනාපු කෑම වල රස බැලීමට මහ ගෙදර හැමෝටම අවස්ථාව ලැබිනි...
සාරදා අක්කගේ කඩේ පැත්තට ටිකක් ගියා.....කඩේ විවිද වර්ගයේ බඩුත් පැත්තක ගොඩ ගහලා.... මොකද අක්කෙ මේ කඩේ ප්ලාස්ටික් බඩු ගොඩක් දාගෙන ඉන්නෙ.. ආහ්....නංගි.....දැන් ප්ලාස්ටික් වලට ඉල්ලුම වැඩියිනෙ.....ගොඩක් අය සීට්ටු දානවා.... . ආහ්..එහෙම ද.......එහෙනම් බිස්නස් හොඳට ඇති නේද අක්කා..... . හ්ම්ම් .... ඒත් ඇයි අක්කෙ ඒත් කිවුවෙ මොකක් හරි ප්‍රස්නයක්ද...... . ප්‍රස්නයක්මත් නෙවෙයි ......අනේ මන්දා මෙවා කියලත් බෑ නොකියත් බෑ...... ඉතින් කියන්නකෝ බලන්න...... නෑ... දැන් කඩේ බිස්නස් ජයටම කෙරිගෙන යනවනෙ ඉතින් කොච්චර හොදයිද අක්කෙ කඩේ ඉඩත් මදිනෙ නංගි..... ඉතින් ඒකට මොකද කරන්නේ අක්කෙ...උපුල් මේක තේ කඩේකටනෙ හැදුවේ..... ඔව්...ඒක හරි......ඒත් මේ අපේ දිමුතු.කි...ය...න....වා.....මේ තේ කඩේ ටිකක් ලොකු කරමුද කියලා........ ඒ කොහොමද අක්කෙ.....එහෙනම් පැත්තකින් ආයෙත් පලයක් බාගන්න වෙයිනෙ........ එහෙම නෙවෙයි නංගි....මම කියන්නේ ..... එහෙනම් කොහොමද අක්කෙ....❓ නයනා කියපු විදිහට මෙතන මොකක් හරි දෙයක් තියෙනවා සාරදාට සිතුනා..... නෑනා වටින් ගොඩින් එන්නෙ මොකක් හරි කෙංගෙඩියක් අරන් වගේ සිතූ සාරදා.... හ්ම්ම් ......හ්ම්ම් .......අපි ආවෙත් මේ ගෙවල් දොරවල් ටිකක් සුද්ද කරලා වත්ත සුද්ද කරන්නත් එක්කම...මේවා දැන් ඉතින් මෙහෙම තියන්න බෑනෙ අක්කෙ...තමන්ගෙ දේවල් .දියුණු කරගන්න එපැයි අක්කෙ...... ආහ්...එහෙම ද...... ඔව් අක්කෙ ඇයි ඔයා පුදුම වෙලා වගෙ බලාගෙන ඉන්නෙ..ඇරත් දැන් ඉතින් මහ ගෙදර බෙදලා ඉවරයිනෙ.... සාරදා ....අක්කගෙ භිතේ තියෙන දේ දැනගැනීමෙ අටියෙන් කියන්නට විය... දැක්කද මේකිගෙ තාලෙ....දැන්නෙ මේකිට මේවා දියුණු කරන්න හිතිලා තියෙන්නෙ....මෙහෙ ඉන්නකම් ගෙදර හුණු ටිකක්වත් ගෑවෙ නෑ....අක්කා හිතින් හිතන්නට විය.... මොනාද අක්කෙ ඔච්චරටම ඔයා කල්පනා කරන්නේ ...මොකක් හරි ප්‍රස්නයක්ද ...❓ නෑ එහෙම නෙවෙයි ..... ඉතින් හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කියන්නකො..අක්කෙ... දන්නැද්ද මේ අපේ දිමුතු ට කඩේ දිගටම කරගෙන යන්න හිතිලා මෙතැන.... ඉතින් දැන් මොකද කරන්න ඕන.... න්....නෑ...මම මේ ගැන මල්ලිත් එක්කම.කතා කරගන්නම්......මොකද ඉතින් ඌ මගෙ මල්ලිනෙ...අක්කා කියන දේ අහන්න එපැයි ඉතින් .....
මොකක්ද අක්කෙ මේ හතර බීරි කතාව බාගෙට කියලා නතර කරන්නෙ...කියන දෙයක් සුද්ද සිංහලෙන් කියන්නෙ නැතුව බයිලා ගහනවා මෙතැන..... අනේ මේ මට ඔයත් එක්ක මේවා විසදගන්න ඕන.නෑ...මම මගේ මල්ලිත් එක්ක මේක ගොඩින් බේරගන්නම් මෙයා මොකාටද මේ එන්නෙ හදන්නෙ ආ.... සාරංග.....සාරංග......සාරදා ටිකක් උස් හඩින් කතා කළා....සාරදාගෙ කටේ සද්දෙට අල්ලපු ගෙදර හිටපු සුවිනීතාත් බෙල්ල දික් කරමින් බලාගෙන හිටියා..... මොකද ....මොකද සාරදා මර ලතෝනී දෙන්නෙ....කියාගෙන සාරංගයි,අම්මයි,තාත්තායි ඇතුළු සැවොම එළියට ආවා..... මොකද දුව මේ....තාත්තා ඇසුවෙ කිසිත් සිතා ගන්න බැරි නිසාවෙනි....අම්මාද පුදුම වෙලා බලාගෙන හිටියා..... මොකද සාරදා කෑගැහුවෙ....හොල්මනක්වත් දැක්කද කියා සාරංග විහිලුවක් කළා..... මේ මිනිහට ඉතින් ඔක්කොම විහිලුනෙ කියා සිතුවත් කියන්න නම් ගියේ නෑ..... අක්කා ගල් ගැහී බලාගෙන ඉන්නවා....දැන් මොකද කරන්නේ ......මේක ඔක්කොම ඉස්සරහ කියන්න වෙනවනෙ...මේකීගෙ සද්දෙට ඔක්කොම ආවනෙ......හරියට නිකං මම ඒකිට ගැහුවා වගේනෙ කෑ ගැහුවෙ.....දැන් ඉතින් මලකෙළියයි...ජූලී හතයි...... මොකද වුනේ කියන්නකෝ සාරංග දැඩි නිහඩතාවය බිදිමින් කටහඩ අවදි කළා... නෑ .......මේ අක්කට මොනාද ඔයාට කියන්න තියෙනවාලු.....මම ඇහුවට කියන්නේ නෑ......කෙකර බබා ඉන්නවා.... කට ....කට....සාරදා....යං ගේ ඇතුළට.....ගිහින් කතා කරමු.....මේ කඩේ ලග ඕවා කතා කරන්න එපා...ඇරත් හැමෝම බලාගෙන ඉන්නවා......යමු...යමු......සාරංග හැමෝගේම හොඳට එහෙම කිව්වා ම ගුරුවරයෙක්ට කීකරු වූ ළමයින් සේ සැවොම මහ ගෙදර පැත්තට ගියා.....එතකොටම වාගෙ කඩේට බඩු ගේන්න ගිය දිමුතු අයියාත් පැමිණියා..... මොකක්ද අක්කා මට කියන් තියෙන්නෙ ආ....සාරංග පුටුවේ වාඩිවෙන ගමන් කතාවට මුල පිරුවා..... න්.....නෑ......ම්.....මේ....අම්ම නම් මේකට කැමතියි......ඉතින් ........ ඉස්සෙල්ලාම කියන්නකෝ අක්කෙ මොකක් ගැනද කියන්නේ කියලා....තවමත් කිසිත් සිතාගත නොහැකි වූ සාරංග ඇහුවා...... මේකයි......ම.....ල්....ලි......අම්මා දන්නවා කාරණේ.....
ඉතින් අම්මා දන්නවා වුනාට අපි කවුරුත් දන්නෙ නෑනෙ......තටමන්නෙ නැතුව කියන්නකො අක්කෙ සාරදා ටිකක් සැරෙන් කියන්නට විය..... ඉන්නකො සාරදා මැද්දට පනින්නෙ නැතුව ...එනවා මෙතන ලෝයර් නෝනා වෙන්න..... මම මොකටද ලෝයර් නෝනා කෙනෙක් වෙන්නෙ....මේ පවුලේ කෙනෙක් ඉන්නෙ අපේ...පෙකරදෝරු ..... ඇති...ඇති....තේරෙන සුද්ද සිංහලෙන් කතාව කියන්න....සාරංග ඒ පාර ටිකක් සැරෙන් කියන්නට වූවා..... අපේ මේ දිමුතු කියනවා මේ කඩ කෑල්ල හැමදාටම අපිටම කරගන්න දෙනවා නම් හොදයි කියලා..........ඇරත් අපේ පැත්තෙ කඩයක් දාලා වැඩකුත් නෑනෙ.....මෙතන බිස්නස් එකත් හොඳට නැගලා යනවනෙ......ඇරත් ළමයිනුත් දැන් මෙහෙටම පුරුදු වෙලානෙ ඉන්නෙ.....ඒකයි මම මේ කිවුවෙ ......අක්කා හිතේ හිරකරගෙන තිබු සියල්ලම බොහොම අමාරුවෙන් එළියට දැමීය...... අක්කාගෙන් කතාවෙන් පුදුමයෙන් පුදුමයට පත් සාරංග දිමුතු දිහා බැලීය.....දිමුතු ට ලැජ්ජා සිතී ඔහු බිම බලාගත්වනම සිටියා.... එහෙම කොහොමද කරන්නේ අක්කෙ...දැන්.මහ ගෙදර බෙදලා ඉවරයිනේ ....සාරදා ඇස් වලින් ගිනි බෝල විසි කරමින් කියන්නට විය.......මේ දතා ❪දිමුතු ❫ තමා ඔක්කොම කරලා තියෙන්නෙ හිම්බිච්චා වගේ හිටියට....යටින් ගින්දර ගෙනියන්නෙ...පේන්නැද්ද මූණෙ තියෙන කපටිකම....දැන් සද්ද නැතුව ඉන්නවා මෙතන...ඌට දෑවැද්ද මදි වුනේ දැන්ද දන්නෑ.....සාරදා හිතින් බනින්නට විය...... මේ....මේ...සාරදා මේවා අපේ අම්මලාගේ දේපළ...ඔයා ගෙනාපුවා නෙවෙයි ...ඇරත් ඔයා ගෙනාපුවා පටවගෙන ගියානෙ ඇයි මතක නැද්ද ..... අක්කා එහෙම කියනකොට සාරදාගෙ තරහ දෙගුණ තෙගුණ විය...... ඒ වුනාට එහෙම වෙන්න දෙන්න බෑනෙ....එතකොට කොහොමද මේවට ඔප්පු හදාගන්නෙ ......ඔය චූට් කෑල්ලට ඔප්පු හදන්න බෑනෙ.....ඇරත් අපිට අයිති කෑල්ලෙ ඔයා කඩේ කරන්නේ කොහොමද කියන්නකෝ.....උපුල් ගෙ තියෙන සහෝදරකමටනෙ ඔයාලට කඩේ කරගෙන යන්න දුන්නෙ ආ......ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන්න නම් එපා අක්කෙ..... අපි තුන්දෙනා ලස්සනට සහෝදරකම් රැකගෙන ආවා....ඔයාලා මේ පවුලට පාත් වුනාට පස්සෙ ඒ හැමදේම නැතිවුනා හරිද.......අක්කා නෝක්කඩු කියන්නට විය..... හුටා ...ඒ කියන්නේ මටත් එක්කද අක්කෙ...නයනද කතාවට හවුල් විය.... ආ...එහෙමද....ඒ කියන්නේ මම නිසාද එහෙම වුනේ......නැත්නම් ඔයාගෙ යටි උගුල් හින්දද....සාරදා ආයෙත් මැද්දට පැන්නා..... මේ මම ඇදපු යටි උගුලක් නෑ...ඔයා තමා මල්ලිට අපි ගැන කේළම්.කියලා මල්ලිව අපෙන් ටික ටික ඈත් කෙරුවේ.... මේ.මම කියපු කේළමක් නෑ හාද.......ඔයාලයි මාව ඒ තැනට පත් කෙරුවෙ...... මගෙන් අහගන්න එපා මුකුත් .....මෙයා තොත්ත බබානෙ.......නලවන්න......මම හවසට සූප්පුවට බෝතලයක් ගහගෙන එන්නම් නලවන්න
.......
සාරදාට විතරක් නෙවෙයි එතන හිටිය ඔක්කෝටම හිනා ගියා ඒ කතාවට....... කොහෙද ඒකවත් හරියට කියාගන්න දන්නෙ නෑ.......ඔක්කොම කණපිට.....සාරදා තරහවයි....හිනාවයි අස්සෙන් කියලා දැම්මා....... එතකොට තමා අක්කගෙ කට වැහුනෙ..... ආ....දැන් ඉවරද දෙන්නගෙ කෑ ගැහිල්ල....මම මේ බලාගෙන හිටියේ ඉවර වෙනකම්.....සාරංග හැමෝටම ඇහෙන සේ කියන්නට විය..... මේකයි අක්කෙ.......න්.....නෑ......මම කියනවට වැඩිය අම්මම මේ ගැන කියන්නකො.....අම්මගේ දේවල්නෙ ඉතින් ........ සාරංග එහෙම කියනකොට අම්මට කරගන්න දෙයක් නෑ........මොකද දෙන්නම තමන්ගෙ ළමයි නිසා.... . මල්ලිත් එක්ක කතා කරමු කියලා තමා මම කිවුවෙ ඒ වුනාට අම්මා කැමතියිනෙ මම මෙතන ඉන්නවට......අක්කා කොහොම හරි කඩ කෑල්ල තමා සතු කරගැනීමෙ අදිටනින් කියන්නට විය...... මේ හැමදේම දිහා බලාගෙන සිටි පවුලේ නිහඩම ආදරණීය පුද්ගලයා....එනම් තාත්තා කතා කරන්නට විය...... නතර කරගනිල්ලා මේ මල ඉලව්ව....ලැජ්ජාවේ බෑ....බිම් අගලට කෑ ගහ ගන්නවා....අපි ජීවතුන් අතර ඉද්දි මෙහෙම නම් අපි නැති කාලෙක කොහොමට තියෙයිද.... හැමෝගේම.කැමැත්ත ඇතිව අපි ඉඩම් බෙදුවා...එතකොට කාටවත්ම ප්‍රස්නයක් තිබුනේ නෑ.....දැන් ඉතින් ආයි මේ ඉඩම් බෙදන්නෙ කොහොමද .....තාත්තා ප්‍රස්නයක් මතු කලේ හැගීම්බරව සේම කේන්තියෙන්...... මම කියන්නේ තාත්තා මේකයි.......අපි ඉන්නෙ ඝණ කැලෑවක....ඇරත් මට මහ ඉඩමෙන් කෑල්ලක්වත් දුන්නෙ නෑනෙ....මම මහ ගොඩක් ඉල්ලන්නෙ නෑ.....මේ කඩේ තියෙන හරිය විතරනෙ ඉල්ලන්නෙ.........අම්මා ඔයාවත් කතා කරලා මේකට විසදුමක් කියන්නකො..ඇයි කටවහගෙන ඉන්නෙ...මගේ පැත්තට කව්රුත් නෑ...මම තනිවෙලා...අයියෝ මට වෙච්චි දෙයක් ......මිනිහගෙ මහ ගෙදර දාලා මෙහේ ආවා...හැමෝම ගැන හිතලා....අවසානයේ හද්දා කැලේකට මට යන්න වුනා...යන්තම් කරලා කඩේ දියුණු කරගෙන ඔලුව උස්සන්න හැදුවා විතරයි ඒකටත් අකුල් හෙලනවා මගේම උන්......අක්කා ඉකිගසමින් හඩන්නට විය........ අක්කෙ.....ඔයාම නේද කිවුවෙ මහ ගෙදර ලොකු මල්ලිට දෙන්න කියලා....එහෙනම් ඇයි මේ....ආයෙත් ප්‍රස්න දාගන්නෙ........උපුල් කියන්නට විය.... ඒ ඉස්සරනෙ මල්ලි.....ඒත් දැන් හැමදේම වෙනස් වෙලා...දැන් කඩේ දියුණු වීගෙන එන්නෙ......අපි හිතාගෙන හිටියේ ස්තීරවම කඩේ හදාගන්න....දිමුතුත් තව ටික කාලෙකින් පැන්ෂන් එනවනෙ.... ආහ්....ඔය පැන්නෙ බළලා මල්ලෙන් .මෙයාලා plan කරගෙන තියෙන දේවල් ........සාරදා කියන්නට විය.. මේ සාරදා ඔයා කටවහගෙන ඉන්න හරිද......මේවා අපේ අම්මගෙ දේවල් ...... ඒත් අක්කෙ....... සාරදාට ඊට එහා දෙයක් කියන්න ලැබුනේ නෑ.....
සාරංග කතා කරන්නට විය...... මේ..... මට මේ කිසි දෙයක් ඕන්නෑ.....ඕන එවුන් ගනිල්ලා.....මම මේ පැත්ත පලාතේ ආයේ එන්නෙ නෑ......සාරංග සැරෙන් එහෙම කියන්නට විය...... අනේ එහෙම කරන්න එපා මගෙ පුතේ මේ බිම් අගලට.....අම්මා බැගෑපත් වූවා.....මමත් මේකට හරි හමන් උත්තරක් දුන්නෙ නැත්තෙ මේ නිසයි...පුතා එනකම්ම හිටියේ මේ ගැන කතා කරගන්න..... දැන් හරිනෙ මගේ තීරණය .......සාරදා මේ දේවල් මට එපා නම් ඔයත් ඒ ගැන කතා නොකර ඉන්න....... ඒත් සාරංග සාදාරනයක් තියෙන්නෙ එපැයි ඔයාටත්....... දැඩි නිහඩතාවයකින් පසු අම්මා කතා කරන්නට විය..... උඹලා එක බඩ වැල කඩාගෙන ආව සහෝදරයෝ...අපි යනකොට මේ.මුකුත් ගෙනියන්නෙ නෑ....කළ හොද පමණයි අරගෙන යන්නෙ . ඒ නිසා රණ්ඩු සරුවල් ඇති කරගන්න හදන්න එපා.... .කවදාහරි අපි මැරිච්ච දවසක අපේ කටයුතු කරන්න ඉන්නෙ උබලා ටික ඒ නිසා මෙච්චර කල් සතුටින් හිටියා වගේ හැමෝම එකමුතුව හිටපල්ලා.....අම්මාගෙ ඇස් වලත් කදුලු කැට බේරි...බේරි ඇද වැටෙන්නෙට විය.... දැන් කව්ද මේ ප්‍රස්න ඇද්දෙ....ඈ...බෙදලා තිබ්බ ඉඩම් ආයෙ බෙදන්න ලෑස්ති වුනෙ කව්ද ........ උපුල් දත් මිටි හපා එහෙම කියද්දි දිමුතු බිම බලාගත්තෙ තමා නිසා මෙච්චර කල් එකට හිටපු සහෝදරයො ටික දැන් විරසක වුන බැවිනි..... දිමුතු හිතාගෙන හිටියේ සාරංග වැඩි දේපළ තණ්හාවක් නැති නිසා මේකට කැමති වෙයි කියලනෙ.....ඇත්තමයි මම මෙතැන කඩේ හැදුවා ත් කවදාහරි මේ ඉඩම සාරංගගේ නමට හරවන්න එපැයි...එතකොට ඉතින් අනුන්ගෙ ඉඩමක කඩ කෑල්ලක් හදපු මම තමා වැරදිකාරයා වෙන්නෙ දිමුතුට සිතුනි.....
උපුල් ගේ ප්‍රස්නෙට පිළිතුරු වෙනුවට ලැබුනේ දැඩි නිහඩතාවයකි..... මේ කරපු කැත වැඩේට හොඳ වැඩක් කරන්න ඕන කියා සිතූ සාරදා කටහඩ අවදි කරන්නට විය.... මේක plan කරලා තියෙන්නෙ අපේ දිමුතු අයියනේ..අක්කට දීපු..දෑවැද්දෙ අඩුවක් තියෙන්න ඇති මගෙ හිතේ....සාරදා එහෙම කියනකොට හැමෝම දිමුතු දිහා බලාගෙන ඉන්නට විය...... දැන් ඉතින් දිමුතුටම කියමු මේක විසදන්න කියලා.....සාරදා යටි තොළ හපාගෙන දිමුතු දිහා බලාගෙනම කියන්නය විය...... දිමුතුට උන්හිටි තැන් අමතක විය.... ම....ම......න්.....නෑ....නෑ.....ම.ම....එහෙම නෙවෙයි කිවුවෙ .......මල්ලි කැමති නම් විතරක් .........දිමුතුට කියන්නට හැකි වූයෙ එපමණකි....සාරදා මැද්දට පැන්නා.....
ඇයි සාරංග වෙස්සන්තර රජ්ජුරුවෝ කියලා හිතුවද....... ආහ්...ඒකනේ දිමුතු අයියා......අපේ අයියා ආමි එකට ගියපු දවසේ ඉදලා මේ මහ ගෙදර හැමදේම කෙරුවේ එයාගෙ සල්ලි වලින්......ඔයාලට ඕන ඕන විදිහට වැඩ කරන්න දෙන්න බෑ දැන්..... දැක්කද...ඔක්කොම එක.පැත්තට හැරිලා.....මම තනිවෙලා අක්කා ඉකි ගසන්නට විය...... මේවා තමා පුදුම මහ ගෙවල් ..අම්මපා මේවා පත්තරේට හරි...FB එකට හරි දාන්න ඕන.....දෙන්නත් එක්කම ගින්න පතුරුවලා බොරුවට නාහෙන් අඩනවා කියාගෙන සාරදා එතනින් යන්න ගියා...... තවත් රසබර කොටසකින් හමුවෙමු
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐


0 Comments